🎭

101 29 0
                                    


" ජ-ජන්ග්කුක් "

ජානුගෙ ඇස් එලියට එන සයිස් එකටම ලොකු වෙලා.කොහෙන්දෝ අකුරු ගලපගෙන කතා කරපු ජානු තවමත් පුදුම වෙලා ජන්ග්කුක්ගෙ අත දිහා බලන් ඉන්නෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

" දැන් නම කියන්න දෙයක් නෑනෙ.ජන්ග්කුක් තමයි මම "

දාගෙන හිටපු කැප් එකත් මාස් එකත් ගලවලා අතට ගත්ත ජන්ග්කුක් ඇවිස්සිලා තිබ්බ කොන්ඩෙ අතින් හදාගත්තෙ කිසිම පැකිලීමක් නැතුව..

ජන්ග්කුක්ගෙ අත් දිගට හූඩි එක ඇදලා තිබ්බත් අතේ උඩ නැත්තෙ තිබ්බ ටැටූ ටික නිරාවරනය වෙලයි තිබ්බෙ.ඒ ටික මෙච්චර දවසක් පරිස්සම් කලත් අද ජන්ග්කුක් අතින් ඒක එලියට පෙනුනා..

" දෙවියනේ..මට විශ්වාස කරන්නත් බෑ.මේ ඔයාමද.ම-මම මේ හී-හීනයක්ද දකින්නෙ "

ජානු තාමත් බය වෙලා.ගොත ගැහෙන වචනත් එක්ක මොනවද කියන්නෙ කියලවත් ජානුට හිතාගන්න බැරි උනා..

" හීනයක් නෙවෙයි ජානු.මේක ඇත්තක්.මේ මම "

" ඒත් අනේ දෙවියනේ.කො-කොහොමද මෙ-"

" ඉස්සරල ඉදගන්නකෝ කතාව කියන්න "

ජානුගෙ අත් දෙකෙන් අල්ලලා වාඩි කරපු ජන්ග්කුක්  එදා එයාලට හම්බුන invition එකේ ඉදල විස්තරේ ජානුට කියන්න පටන් ගත්තා.පුංචි ලමයෙක් සුරංගනා කතාවක් අහන් ඉන්නවා වගේ ජානු පුදුම වෙලා කතාව අහගෙන හිටියා..

" අන්න එහෙමයි සිද්ද උනේ "

" එතකොට අනිත් අය "

" අර අනිත් දෙන්නා ජිමිනුයි ටේහියෝනුයි.."

ඈතින් තමන් පැත්තට ඇවිදගෙන එන තවත් දෙන්නෙක් පෙන්නලා ජන්ග්කුක් කියනකොට ජානු අයෙත් නැගිටින්නයි ලෑස්ති උනේ..

" එපා නැගිටින්න එපා ජානු.මට බයයි ඔයා මෙතන ඇදගෙන වැටෙයි කියල "

දගකාර හිනාවක් දාගෙන ජන්ග්කුක් කියනකොට ජානු ආයෙත් වාඩි උනේ ඈතින් එන දෙන්නා දිහා බලාගෙනම..

" යා...ජන්ග්කුක් තමුසෙ ඔය මාස්ක් එක ගලවගෙ-"

" මම නෙවෙයි ටේ හ්යෝන්ග් එයා මාව අදුරගත්තා "

ජිමින් ටේහියෝන්  දෙන්නම " මොකක් "

කියන්න වගේ බලන් ඉන්නකොට..

" ඔව් හ්යෝන්ග්.එයා මගෙ ටැටූ එක දැක්කා "

" ඔයාලා කතා වෙන දෙයක් මටත් තේරෙන්න කියනවද "

කියපු කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ජානු අවසානෙ කතා කලා.

" මම කිව්වෙ දැන් මෙතන උන දේ "

ජන්ග්කුක් හිනා වෙලා english වලින් කියනකොට ජානු ලොකු හුස්මක් පිට කරලා බෙන්ච් එකෙන් නැගිට්ටා..

" ඇත්තටම මට..මට හිතාගන්න බෑ මම දැන් මොකක්ද කරන්න ඕනෙ කියල..අඩන්නද හිනාවෙන්නද පුදුම වෙන්නද..ඇත්තටම මට ගොඩක් සතුටුයි.ඔයාලව බලන්න ලැබුන එක ගැන.මම..මම මෙච්චර කල් සතුටු උනේ ඔයාලගෙ චිත්‍ර ගොඩක් මගෙ අතින්ම ඇදලා ඒවා දිහා බලාගෙන.තව ඔයාලගෙ සින්දු දවසම අහලා මම සතුටු උනා.ඒත් දැන් මට ඊටත් වැඩිය සතුටුයි.ඔයාලා මගෙ ඉස්සරහ මේ විදිහට ඉන්නවා දැකලා මට හිතාගන්න බෑ මම මොනවද දැන් කරන්න ඕනෙ කියල "

ඇස් වලින් වැටෙන කදුලු එකින් එක ජානුගෙ කම්මුල් වලින් පහලට වැටෙනකොට ජන්ග්කුක් නැගිටලා ජානුගෙ කම්මුල් වලින් වැටෙන කදුලු පිහිදලා හරි ලස්සනට හිනා උනා..

" විශ්වාස කරන්න "

ජන්ග්කුක් හිනා වෙලා කියනකොට ජානු තවත් පුදුම උනේ මොකක්ද මේ කියන්නෙ කියල හිතාගන්න බැරුව..

" විශ්වාස කරන්න.මාව,ජිමින්ව, ටේහියෝන්ව අපි හත් දෙනාවම.ඔයා කිව්වා වගේ අපි හැමදාම ඔයාගෙ හිනාව පිටිපස්සෙ  ඉන්නවා කියල.ඒ වගේම මම පොරොන්දු වෙනවා.ඒ හිනාව හැමදාම ඔයාගෙ මේ ලස්සන මූනෙ ඒ විදිහටම තියනවා කියල "

ජානු කදුලු අස්සෙන් හිනා වෙනකොට ජන්ග්කුක්නුත් හරි හුරතල් විදිහට හිනා උනා..

මේ දිහා බලාගෙන හිටපු අනිත් දෙන්නත් ලස්සනට හිනා වෙලා ජානු ලගට ආවා.තුන්දෙනාටම තුරුල් උන ජානු..

" මම ඒ විදිහට කරන්නම් "

Promise & Trust || Short Ff  [ Gift ] [ ✔ ]Where stories live. Discover now