🎭

90 30 0
                                    


දවස් දෙක තුනක් ගෙවිලා ගියා.හැමදාම වගේ නම නොදන්න පුද්ගලයා ජානුගෙ චිත්‍ර බලන්න තව දෙන්නෙකුත් එක්ක art section එකට ආවා.ජානු එක්ක කතා කලා.ඒත් ජානුට මූන නොපෙන්වා ඉන්න තුන් දෙනාම ගොඩක් පරිස්සම් උනා..

ජානු ටික ටික පුදුම වෙන්න පටන් ගත්තෙ හැමදාම වගේ art hall එකට ඇවිත් ඒ කෙනා ජානුගෙ චිත්‍ර ගැන හොයන්න ගත්ත නිසා.පිලිවෙලින් තුන්දෙනා එකට ආවත්  ගොඩක් වෙලාවට ජානුගෙ චිත්‍ර බලන්න ආවෙ කලින් දවසෙ තමන් එක්ක කතා කරල ඒ arts ලස්සනයි කියපු කෙනා..

ජානු කොච්චර උත්සහ කලත් ඒ කාගෙවත් නම නම් ජානුට හොයාගන්න බැරි උනා.ඒ වගේම දවස් හතරක් ගෙවිල ගිහිල්ලත් ඒ කාගෙවත් මූන බලාගන්නවත් ජානුට බැරි උනා.

අදත් වෙනද වගේම ජානු කැම්පස් lectures ඉවර වෙලා කැම්පස් එකේ ගාඩ්න් එක පැත්තෙන් එලියට එන්න ආවා.ඒ එනකොට ජානු දැක්කෙ ජානු වෙනදට ඉදගෙන ඉන්න තැන ඉදගෙන ඉන්න නම නොදන්න විදේශිකයව.

හෙමින් හෙමින් ඒ පැත්තට අඩිය තියපු ජානු ඒ මනුස්සයගෙ ඉස්සරහින් හිටගත්තෙ ඉනටත් අත් දෙක තියාගෙන..

(Talk in English )

" ආ ජානු "

" ඔයා දන්නවද මේ තැන මගේ කියල "

" මොන තැනද ? ඔයා කියන්නෙ මම මේ ඉදගෙන ඉන්න බෙන්ච් එක ඔයාගෙ කියලද  "

ජන්ග්කුක් ඇස් දෙක බෝල කරගෙන ඇහුවෙ නපුරු මූනක් හදාගෙන ඉන්න ජානු දිහා බලාගෙන..

" හා..මගෙ තමයි.ඔයා ඔය ඉදගෙන ඉන්නෙ මගෙ බෙන්ච් එකේ "

කාටත් උල් කරගත්ත ජානු අත් දෙක පපුව ඉස්සරහින් බැදගත්තා..

" කෝ ඉතින් ඔයාගෙ නම මේ කොහෙවත් නෑනෙ "

බෙන්ච් එකේ තැන් තැන් වල නම හොයනවා වගේ රගපාපු ජන්ග්කුක් ආයෙත් ජානු දිහාට හැරුනා.

" නම තියෙන්න ඕනෙ නෑ.මෙහෙ හැමෝම දන්නවා මේ තැන මගෙ කියල "

" ඉතින් ඔයාට පුලුවන්නෙ මේ තැන මගෙත් එක්ක බෙදාගන්න "

බෙන්ච් එකේ පැත්තක් ජානුට ඇහෙන් පෙන්නන ගමන් ජන්ග්කුක් බෙන්ච් එකේ දකුනු පැත්තට උනා..

" ම්ම්ම් හා.ඔයා නිසා මම මේ තැන ඔයත් එක්ක බෙදාගන්නම් "

එහෙම කියල ජානු බෙන්ච් එකේ අනිත් පැත්තෙන් වාඩි උනා..

" ඔයා තාම මට ඔයාගෙ න- ඔ-ඔයාගෙ අ-අත "

ඉදගත්ත සැනෙන්ම ඇස් දෙකත් ලොකු කරගෙන ජානු ආපහු නැගිට්ටෙ ජන්ග්කුක්නුත් බය වෙලා බලන් ඉන්නකොට..

" ඇයි මොකද මගෙ අත- ආයිශ් දෙවියනේ "

Promise & Trust || Short Ff  [ Gift ] [ ✔ ]Where stories live. Discover now