🎭

155 28 7
                                    


එදා සිද්දිය වෙලා දවස් දෙකක් උනා.ජානු වෙනදට වඩා සතුටින්.ලස්සන හිනාවක් හැමතිස්සේම මූනෙ ඇදිලා තිබ්බා.ඒ වගේම එදා උන සිද්දිය කාටවත් නොකියා රහසක් විදිහට තියාගන්න ජානු හිතාගත්තා.මොන විදිහකින්වත් ඒ අයට කරදරයක් වෙනවට ජානු කැමති උනේ නෑ..

ඒ විතරක් නෙවෙයි.ජානු දැන් හැමදාම ගවුම් අදින්න පුරුදු උනා.ජානුට ජන්ග්කුක් කිව්වෙ එයා ගවුමට ගොඩක් ලස්සනයි කියල..

එදා ඉදලා මේ දවස් දෙකම ජානු ඇන්දෙ ගවුම් විතරයි.මේ වෙනස ඇයි කියල ජානුගෙ අම්මට තාත්තට හිතාගන්න බැරි උනත් ඒ දෙන්නත් ඒ වෙනසට කැමති උනා..

මොන දෙමව්පියෝද අකමැති තමන්ගෙ දරුවා හිනා වෙලා සතුටින් ලස්සනට ඉන්නව බලන්න ?

එදා දවසෙන් පස්සෙ ජන්ග්කුක් උනත් හිටියෙ අලුත් සතුටකින්.තාමත් ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනා එහෙම  දෙයක් උනේ කොහොමද කියල.

ඔව්...ජන්ග්කුක්ගෙ හිතේ ජානු ගැන ආදරයක් ඇති වෙලා.පලමු හමුවීමෙන් හිතේ ඇදුන ආදරයක්.ක්ශනික ආදරයක්.ඒත් ඒක සාදාකාලිකයි.ජන්ග්කුක් හිතුවෙ එහෙම.ජානුගෙ අඩුපාඩුවක් නැහැ.ගතිගුන,රූපෙ,හැසිරීම,ඉගෙනීම ඒ හැම අතින්ම ජානු හොදයි.ඉතින් තව මොනවද ගෑනු ලමයෙකුට අඩු..

ජන්ග්කුක් හිතුවෙ මේ දේ ජානුට කියන්න විදිහක්.එයා කැමති වෙයිද..අකමැති වෙයිද..

ඒ හැමදේම හිත හිත ඉද්දි කාමරේට ආවෙ ජිමින් ටේහියෝන්.

" කුකීට මොකද ජිමින් මේ වෙලා තියෙන්නෙ.බලාගත්ත අත බලාගෙන.මොකද මේ "

දොරවහල දාපු ටේහියෝන් කුකී ලගට ආවා.

" ඔයා තාමත් හිතන්නෙ ජානු ගැනද කුකී "

ටේහියෝන් අහපු දේට ජන්ග්කුක් ඇසුත් ලොකු කරගෙන ඇදෙන් නැගිට්ටෙ ස්ප්රින් එකක් වගේ..

" හ්යෝන්ග් ඔයා කොහොමද "

" ආ..මට හිතුනා.ඔයා හිතන්නෙ අපිට මුකුත් තේරෙන්නෙ නෑ කියලද කුකී.එදා ටේහියෝන් මට කිව්වා ඔයාගෙ ඇස් දෙකේ අමුත්තක් පෙනුනා කියල ජානු ලගදි..කොල්ලා ආදරෙන් බැදිලා නේද "

ජිමින් හරි හරියට හිනාවෙනකොට ජන්ග්කුක් රතු උනා..

" ඒත් හ්යෝන්ග් ඒක "

Promise & Trust || Short Ff  [ Gift ] [ ✔ ]Where stories live. Discover now