කැම්පස් director වගේම ඒ කැම්පස් එකේ Korean lecturer එක්ක කතා කරගත්ත විදිහට අද කැම්පස් එක පටන් අරන් දවල් වෙනකොට තුන්දෙනත් එක්කම කැම්පස් එකට ගිහින් එයාලගෙ වැඩේ පටන් ගන්න තීරනේ කලා..තුන් දෙනත් එක්කම කිසිම විශේශයක් නැතුව සාමාන්‍ය tourist කෙනෙක් ලංකාවෙ හැසිරෙන අදින පලදින විදිහට තුන්දෙනාම සූදානම් උනා.ඒත් කලු මාස්ක් එකක් කලු කැප් එකක් නම් වැරදුනෙ නෑ..
ඒ අය වෙනුවෙන් ආපු හයිබ් staff එකේ දෙන්නෙකුත් , කැම්පස් එකෙන් ආපු translator කෙනෙකුත් ඒ තුන්දෙනා එක්ක ගමනාන්තයට සූදානම් උනා.ඒ අය වෙනුවෙන් වෙන් කරල තිබ්බ වෑන් රථයට නැගපු කට්ටිය ගමන ආරම්භ කලා..
ජන්ග්කුක් තමන්ගෙ ටෑටූ අත වැහෙන විදිහට තද නිල් පාට හූඩි එකක් එක්ක කලු පාට දිග කලිසමක් අදිනකොට ජිමින් තමන්ගෙ ටැටූ එකක වැහෙන්න තද කොල හූඩි එකට කලු දිග කලිසමක් ඇන්දා.ටේහියුන්ග් සාමාන්‍ය විදිහට සුදු පාට කලුපාට මිශ්‍ර හූඩි එකට අලුපාට කලිසමක් ඇන්දා..
හිතේ පොඩි චකිතයක් තිබ්බත් ජිමින් උනත් අවසාන මොහොතේ හරි ආසාවෙන් හිටියෙ මේ ගමනට..
✒
කැම්පස් එකේ තිබ්බ මැයි ගහ යට බෙන්ච් එකේ ජන්ග්කුක්ගෙ stay alive සින්දුව අහ අහ හිටපු ජානු බලන් හිටියෙ ඈතින් තැනින් තැන එකට කැටි වෙච්ච නිල් පාට වලාකුලු දිහා..
උදේ අටේ ඉදල එකොලහ වෙනකන් එක දිගට තිබ්බ music lecure එකෙන් පස්සෙ බාගෙට මැරිලා වගේ හිටපු ජානු දැන් ආයෙත් refresh වෙලා..
සැරෙන් සැරේ වෙලාව බලන ජානු ආයෙත් අහස දිහා බලාගෙන සින්දුවෙ පද මුමුනන්න ගත්තෙ ඇස් දෙකත් පියාගෙන..
එකොලහ වෙනකොට තමන්ගෙ මාලිගාව...art section එකට යන්න තමයි ජානු වෙලාව බල බල හිටියෙ.එකොලහටත් විනාඩි දහයක් තියෙනකොට ජානු හෙමින් හෙමින් art section එක පැත්තට ගියා..
Art section එකේ තමන්ට වෙන් උන area එකට ආපු ජානු කරේ තිබ්බ බෑග් එකත් ලොකර් එකට දාලා ඇවිත් පුටුවෙන් ඉදගෙන ජනේලෙන් පේන එලිය දිහා බැලුවා..ජානුගෙ area එකට කැම්පස් එකේ ලස්සනම view එක වැටිලා තිබ්බා.එතනට කැම්පස් එකේ ගාඩ්න් එකෙන් බාගයක්,වගේම කැම්පස් එකට එන යන ගොඩක් අය පෙනුනා..
ඉන්න ටිකක් උඩින් තිබ්බ කලු කොන්ඩෙ එකට කරලා ඩූල් බෑන්ඩ් එකක් දාලා,සුදු පාට දනහිසට අගලක් උඩින් තිබ්බ ගවුමෙ තැන තැන කලුපාටින් වැටිලා තිබ්බ චූටි මල් ජානුට අද ගෙනාවෙ අමුතු ලස්සනක්.ඉදල හිටලා ගවුම් ඇන්දත් ඒ අදින දවසට ජානු පෙනුනෙ චූටි සුරංගනාවියක් වගේ.කැම්පස් එකේ ගොඩක් අය බලන් ඉන්නෙ ජානු ගවුමක් අදිනකන්..
පින්සල වෙනුවට අද ජානු අතට ගත්තෙ පැන්සල.pencil art එකක් කරන්න ජානුගෙ හිතට ආපු අදහසට ජානු වැඩේ පටන් ගත්තා..
ජානු වගේම art section එකේ ලමයි 20 ක් විතර තම තමන්ගෙ වැඩ වල.කිසිම කලබලයක් නැතුව තමන්ට වෙන් උන area වල ලමයි චිත්‍ර අදිනවා..
YOU ARE READING
Promise & Trust || Short Ff [ Gift ] [ ✔ ]
Fanfic" I trust you.You are the only one person I trust too much without any reoson.I promise you.I never change.I love you from my heart "