••🌷 }} •01• {{ 🌷••

868 238 31
                                    

( Recommend song _ Don for me iu මේ සින්දුව දාං අහන අයට කතාවෙ ෆීල් එක ඒ විදිහටම දැනෙයි කියල හිතනවා..
පලවෙනි එපිය සාර්තක කරගන්න මට ඒක උදව් උනා... ) 🌷

TaeYang Middle School

පාසලේ ගේට්ටුව ගාව නතර වෙලා මම බලන් උන්නෙ ගේට් එකෙන් එහා පැත්තෙ පේන පාසලේ බිල්ඩිම දිහා...
අවුරුදු එකොළහක් මේ පාසලට ආවත් මම ආවෙ හිත සතුටින් නෙවේ..
අනික මම ඉගන ගන්න දක්ශ ළමෙකුත් නෙවේ..
සෝල් කෙලවර මුඩුක්කුවෙ ලෑලි ගේක ජීවත් වෙන මට ජීවිතේ ගැන ලොකු ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ...
මට ඕන උනේ සාමාන්‍ය ළමයෙක් වගේ හිනා වෙලා ඉගන ගන්න...
ඒත් මගෙ පව්ල ඒකට මට ඉඩක් තිබ්බෙ නෑ...

පරන යුනිෆෝම් එක...
අන්ඩක් ඉරුන බෑග් එක...
පොඩි සිදුරක් තිබුන පරන සපත්තු දෙක...
බෙල්ල අඟට වෙන්න බඳින දිග කොන්ඩෙත් නලල වැහෙන්නම තිබුන කොන්ඩ කට් එකත් කන දෙපසින් මූන වැහෙන්න තිබුන කෙස් රොදවල් දෙකත්....
හිනාවක් නැති මූනත් මගේ ජීවිතේ මට උරුම උරුමයන් වගේ...
ඒ දේවල් නිසාම පංතියෙ මම උන්නෙ කොං වෙලා .....
අනික මගෙ අප්ප අරක්කු පෙරුවා...
එයා බීලම මැරුනා..
දැන් ඔම්ම ඒක කරන්න අරගන. කරනව මදිවට එයා බොනවා...

පාඩම් කරන්න පොත අතට ගන්න වෙලාවට ගෙදරට පොලීසියෙන් පනිද්දි මම ඔම්මත් එක්කගන පහල කැලෑවට දුවනවා..
පාඩම් කරන්න ඕන උනත් මට ඒක කරන්න බෑ..

මම ස්කෝලෙ යන්න ඕනද තවත් ??

" මේ අහන්න...
මං ස්කෝලෙට අලුත්.. මට 11 A Class එක පෙන්නනවද ? " 😊

මම හැරිල බැලුවෙ කව්ද මට කතා කලේ කියල. එයා හරීම ලස්සන පිරිමි ළමෙක්..
සුදුම සුදුයි. පොඩ්ඩක් ඉන්න..
එයා මටද කතා කලේ.. ??
එයා මං දිහා බලං ඉන්නවා..
අවුරුදු ගානකට කව්රුත් මං එක්ක කතා කරල නෑ.... මට බයයි...
මෙයත් මාව කොන් කරන්න බලං කතා කරනව ඇත්තෙ...
මම එයා දිහා බලාගන ඉඳල ස්කෝලෙ ඇතුලට දුවගන යන්න ගියා....

" ඕහ්... යාහ්... පොඩ්ඩක් ඉන්න...
ආහ්... නපුරු කෙල්ල... " 😑



වූයොන් පංතියට ඇවිල්ල වාඩි උනාම වෙනද වගේම ළමයි එයාගෙ අරක්කු ශින්ගෙ දුව කිය කිය කොල ගුලි වලින් හුනු කෑලි වලින් ගහන්න ගත්තා... ඒත් එයා ඒව ඉවසගන එහෙන්මම ගල් වෙලා වගේ උන්න....

𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇  ✔️Where stories live. Discover now