••🌷 }} •04• {{ 🌷••

563 223 48
                                    

( Recommend song - The Final Countdown - kpop ) 😍



" තේහ්‍යොං නැගිටින්නකෝ...
මට කම්මැලී.. මං බිත්තර රෝල් හදාගන ආව ඔයාට කන්න... "

" හාහ්... 🤤 බිත්තර රෝල්... "

එකපාරටම හොඳටම නින්දෙ උන්න මේ ළමය කාඩනා බිඳගන ඇහැරිලා මගෙ බෑග් එක පහුරු ගාල කෑම පෙට්ටිය ඇදල එලියට ගත්තා...
මෙන්න මෙයා රස කර කර ඒක කනවා..
මං හරි ආසාවෙන් බලන් උන්නෙ කෑම කටේ පුරෝගන කන විදිහ..
චූටියට පිම්බෙන බෝල කම්මුල් රෝස පාට චූටි තොල් දිහා මම හරි ආසාවෙන් බලන් උන්නා...

Tae " හෙට අපේ විභාගෙ නිසා මම ඔයාව අද එලියට එක්කරං ආවෙ හිත නිදහස් වෙන්න..
එතකොට සතුටින් exam ලියන්න පුලුවන් " 😊

" හ්ම්... මෙතන හරි ලස්සනයි... " 😊

ඇත්තටම මෙතන ලස්සන මට තේහ්‍යොං ඉන්න නිසා...
මගේ සතුට ගැන හිතල මගෙ ඔම්මවත් මාව කොහෙවත් එක්ක ගිහිල්ල නෑ...
මට මේ යාලුකම ජීවිත කාලෙටම තියාගන්න ඕනා....
දෙයියනේ මං කවදාවත්ම ඔයාලගෙන් මොකුත්ම ඉල්ලල නෑ...
මට අද දෙයක් ඉල්ලන්න ඕනා...
ඒ තේහ්‍යොංගෙ සතුට....
එයාව හැමදාම සතුටින් තියන්න....

" වූයොනා මොනාද කල්පනා කරන්නෙ...
එන්නකො අපි අයිස්ක්‍රීම් කමු... "

අපි ගාර්ඩ්න් එක කෙලවරේ තිබුන අයිස්ක්‍රීම් ශොප් එකෙන් අයිස්ක්‍රීමුත් කාල බයිසිකලේ ගාවට ආවා...

W " අපි දැන්ම යනවද ?? " 🙄

" අපෝ නෑ... "

W " එහෙනම් මාව දාගන ආපහු වටයක් යමුද මං ආසයි ඒකට... එතකොට මට හිතෙනව මං පියාඹනව කියල  " 😊

" ඕක මොකද්ද එන්නකෝ.... "

මම ආපහු බයිසිකලේට නැග්ගම තේහ්‍යොං මාව ගාර්ඩ්න් එක වටේ පාරෙ මාව දාගන බයිසිකලේ පදින්න ගත්තා...

" වූයොනා ඔයා ලොකු උනාම ආස කව්රු වෙන්නද ?? "

" ම්ම්... මට එහෙම කවදාවත් හිතිල නෑ තේහ්‍යොං. මගෙ ජීවිතේට බලාපොරොත්තුවක් තිබිලම නැහැ.... " 🙄

" එහෙනම් දැන් එකක් හිතන්න... "

" මං පස්සෙ හිතල කියන්නම්...
ඔයා ආස කව්රු වෙන්නද ?? " 🙄

𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇  ✔️Where stories live. Discover now