" පොඩි මහත්තයා... " 🤨
එකපාරටම ටේත් මාත් ගැස්සිලා දෙපසට වෙලා බැලුවෙ කව්ද කතා කලේ කියල...
ඒ ටේගෙ ගාර්ඩ්..
එයාව එක්කං යන්න ඇවිල්ලා...." අහ්ම්.. ඕ හ්‍යොං... " 😐
" එන්න අප්ප එක්කං එන්න කිව්වා... " 🤨
W " තේහ්‍යොං ග්වෙන්චනා ?? " 😕
" ඕ... වූයොනා මං හොඳින්...
මං හවසට ගහ ලඟට එන්නම්.... එතනින් ඉන්න හරිද " 😕තේහ්‍යොං මං දිහා අමුතු දුකකින් බලල යන්න කා එකට නැග්ගා.. ඇලේ උන්න මමත් ගොඩට ඇවිල්ල කනගාටුවෙන් වගේ ගෙදරට එන්න ආවා... මොනා උනත් ගෙදර ලං වෙද්දි මට දැනුනෙ හරීම අමුතු සතුටක්...
ශින් වූයොන් මුඩුක්කුවෙ කෙල්ල...
තේයං මධ්‍යම පාසලේ එකොළහ වසරෙන් තුන් වෙනිය වෙලා...
කවදාවත් මම හිතුවෙ නෑ මෙහෙම දෙයක්..
දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් උන්න මට මේක ඉහටත් උඩින් ලැබුන දෙයක්....මම ගොඩාක් ආසාවෙන් රිපෝට් කාඩ් එකත් අරගන ගෙට ගොඩ වෙන්න හදද්දිම ඔම්ම ගෙයින් එලියට ආවෙ කඩේට යන්න බලාගන..
" ඔම්මා.... මට කියන්න දෙයක් තියනවා.. " 🤭
" මං කඩේට ගිහින් එන්නම් ඉන්න ටිකක් "
" ඔම්ම ඔම්ම... මේක අහල යන්නකෝ...
මම පංතියෙන් තුන් වෙනිය උනා..
මගෙ යාලුව තමා මට පාඩම් කියල දුන්නේ " 😄" අයිගූ.... අයිගූ..... " 😑
එකපාරටම සතුටින් හිනා වෙන මගෙ ඔලුවට ඔම්ම රිදෙන්න ටොකු දෙක තුනක් ඇන්නා..
මම පුදුම වෙලා එයා දිහා බලන් උන්නෙ ඇයි එහෙම කරන්නෙ කියල...." මම බැලුව සල්ලිවත් හම්බෙලාද කියල...
උබ පංතියෙ තුන උනාම අපේ බඩ පිරෙනවද ??
මෝඩ කෙල්ල ....
උබ ඔහොම ඉගන ගත්ත කියල ඇති වැඩේ මොකද්ද බන්...
ඔන්න ඔය ස්කෝලෙ ගමන නවත්තල දාල මේ රස්සාව කරං ඉඳපං...
මං කඩේට ගිහිල්ල එන්නම්... " 😑වූයොන්ගෙ රිපෝට් කාඩ් එකත් අත ගසල බිමට දාපු ඔම්ම යන්න ගියේ කෙල්ලව සත පහකට ගනන් නොගෙන....
හදවත පැලිල යන තරම් වේදනාවකින් ගිඩි ගිඩි ගාල ගැහෙද්දි මම එතනම බිමින් වාඩි උනා...
වෙන ඔම්ම කෙනෙක්නම් මෙහෙම දෙයක් කියද්දි තමන්ගෙ දරුව ගැන ඉහටත් වඩා උඩින් සතුටු වෙද්දි මගෙ ඔම්ම මාව තව තවත් බිමට කඩං වැට්ටුවා...
මගෙ ඇස් වලින් ගංඟාවක් වගේ කඩං හැලුන කඳුලු රිපෝට් කාඩ් එක උඩට වැටිල මං ගත්ත ලකුනු බොඳ කරල දැම්මා....
අඬ අඬම කාඩ් එක අරං නැගිට්ට මම කාමරේ මුල්ලකට වෙලා හොඳටම ඇඬුවා...
තේයොනා 🥺 ........
මට ඔයා ලඟට වෙලා ටිකක් අඬන්න ඕනා...
ඉක්මනට එන්න....
YOU ARE READING
𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG short story cherry blossom