••🌷 }} •03• {{ 🌷••

580 232 35
                                    


තේහ්‍යොංව ගේ ඇතුලට එක්ක ඇවිල්ල අපේ කුඩා සාලෙන් එයාව ඉන්දවපු මම බැලුවෙ කන්න උයන්න මොකුත් තියනවද කියල...
කැරට් අල බාගෙකුයි ලීස් ගහකුයි බිත්තර ගෙඩි වගේකුයි තියනවා....
මම ඒ ටික අරගන ඔම්ලට් රෝල් ටිකක් හදන අතරෙත් බැලුවෙ එයා දිහා...
තාමත් නහය උඩට ඇද ඇද අඬනවා...

" ආ..මේක ගා ගන්න "

" බෑ දයි " 🥺

" කෝ මෙහාට එන්න... " 😐

මම ටේගෙ තොල කොනේ තිබුන තුවාලෙට බේත් ටිකක් පරිස්සමට ඇඟිල්ලෙන් ගාන්න ගත්තම එයා යාන්තමට කෙඳිරි ගානව මට ඇහුනා...
එයා පව්...
කොච්චර සැපට හැදුන කෙනෙක්ද ??
එයාට මේව හුරු නෑ මට වගේ.....

" ඇඟට අමාරුද ඔයාට... " 😕

" හ්ම්... " 🥺

" මං කන්න මොකුත් හදනකල් මෙතනින් ඇල වෙන්න... "

" ඔයාට ගොඩක් රිදෙනව ඇති නේද වූයොනා.. එයාල හැමදාම ඔයාට මෙහෙම ගහනවද ?? " 🥺

" මට පුරුදුයි " 😊

මම එහෙම කියල ගිහිල්ල බිත්තර රෝල් ටික හදාගන එනකොට ටේ මගෙ චූටි මෙට්ටෙ ගුලි වෙලා හොඳටම නිදි...
මං එයාව ඇහැරවන්න ඕනද ??
මට ලෝභයි....

" තේහ්‍යොං... ඔයා ගොඩක් නිදිද " 🙄

" ම්හ්... ම්හ්... "

" එන්න මං ඔයාට කන්න දෙයක් හැදුව.. කාල ඉන්න... " 🙂

එයා ඔලුවත් කස කස කෑම මේසෙට ලං උනා.. තියෙන්නෙ බිත්තර රෝල් කියල දැක්ක ගමන් එයාගෙ මූන මලක් වගේ උනා...
මටත් කන්න කියල එයා හරි ආසාවෙන් ඒව කාගන කාගන ගියා....
හවස් වෙනවත් එක්කම එයා යන්න එලියට බැස්සා....

" දුක් වෙන්න එපා.... මට සපත්තු ඕන නෑ...
ඔයා ඉන්නවනෙ.... " 😊

" ම්හ්... පරිස්සමට ඉන්න.. හෙට හම්බෙමූ "

එදා තේහ්‍යොං එහෙම සමුදීලා යන්න ගියත් හරි එයා පහුවදා ස්කෝලෙ ආවෙ නෑ...
අනේ මට බයයි එයාට අසනීප වෙලාවත්ද ??

" ආහ්... කුමාරිහාමි...
තේහ්‍යොංව නවන්න නේද හැදුවෙ හොඳ ගෑනි වගේ ඉඳගන...
තේහ්‍යොංටත් ගැස්සුවලු නේද මුඩුක්කුවෙදි " 😠

𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇  ✔️Where stories live. Discover now