කාලය කෙමින් කෙමින් දවසින් දවස ගෙවී යද්දී සොක්ජින් එයා ආස කරන චෙෆ් කෙනෙක් වෙන හීනය පසු පසු තවත් හබා ගියා.එයා වැඩ කරන හොටේල් එකෙන් එයාගේ වැඩ හොඳ නිසා දිගටම එයාට මේ රැකියාවේ නිරත වෙන ලෙස හෝටල් හිමියා පවසා තිබුනා.සොක්ජින් bighit ඔඩිශන් එකට සහභාගි වෙන්නත් ගොඩක් ප්‍රැක්ටිස් කරා..සිංදු කිව්වා.ගිටාර්.වයලීන් පියානෝ ප්ලේ කරා.මේ අතර ජන්ග් හේසොක් සෝල් නගරේ මිනිස්සු අතර ජනප්‍රිය වීදී නර්තන ශිල්පියෙක් වුනා..එයාගේ ඩාන්සින් වලට ගොඩක් අය කැමති වුනා.ඒ වගේම Mr.ඩේව් හේසොක්ගේ මේ හැකියාව ගොඩක් අගය කරා..ඒත් හේසොක් දැනගෙන හිටියේ නෑ Mr.ඩේව් මොන වගේ කෙනෙක්ද කියලවත්..
ජන්ග්කුක් මේ වෙනකොට දවස් දෙකක් හොස්පිටල් එකේ හිටියා. යුන්ගි නම්ජූන් දෙන්නම එයාව බලන්න මාරුවෙන් මාරුවට ආවා.ජන්ග්කුක් සහභාගි වුන ඔඩිශන් එකෙන් එයා ෆේල් වෙලා තිබුනා.ඒක දන්නෙ එයාගේ සියා ආච්චි විතරක් වෙනකොට ජන්ග්කුක්ට ඒ පිලිබඳ කිසිම මතකයක්වත් තිබුනේ නැ.
"කුකී...ඔයාට කොහොමද දැන්."
"යුන්ගි හියුන්..කෝ නම්ජූන් හියුන් ආවේ නැද්ද."
"එයා එන ගමන් දැන් එයි."
"හියුන්..මට මොනවද කන්න ගෙනාවේ."
"ම්ම්ම්.පීසා."
"අනේ මන් ආසයි..."
"........
"හියුන්..ඔයා කොහෙද ඉන්නෙ.සෝල් වලමද."
"..........
"හියුන් ඔයාගේ ගෙදර එක්කන් යන්න බැරිද මාව."
කුකී අහපු දේට යුන්ගි ගැස්සිලා ගියේ එයාට කියලා ගෙයක් තියා ඉන්න හිටින්නවත් තැනක් මේ සෝල් නගරේ නැතිවෙනකොට කොහේ කියලා එක්කන් යන්නද හිතලා.ඒත් මේ කිසි දෙයක් යුන්ගි කුකිට කිව්වෙ නෑ.
"හියුන් ඇයි ඔයා කතා කරන්නෙ නැත්තේ."
"යා...කුකී..කියවනවා ඉවරයක් නෑ.කට පියන් කන්නකෝ."
"අනේ හියුන්.ඇයි සැර කරන්නෙ.ඔයත් මට කැමති නැද්ද..මගේ හියුන් මට ආදරේ නෑ..."
"සොරි කුකී..එහෙම දෙයක් නෙමෙයි මම කිව්වේ.මම වැඩිය කා එක්කවත් කතා කරලා පුරුදු නෑ."
YOU ARE READING
Life with my Six Brothers *complete*
Actionඅම්මලා හතකගේ ලමයි හත් දෙනෙක්. එකම හීනයක් පසුපස හඹායන. පියාගේ අඩම්තේට්ටම් වලට මැදි වුන පුංචි කොල්ලෙක්, අවසානයේ සහෝදරයෝ හය දෙනෙකුගේ ආදරය මැද ජීවිත ජය ගත්ත කොල්ලෙක්. "යුන්ගි හියුන්ග් ලබන ආත්මේ මගේම හියුන්ග් වෙලා ඉපදෙනවද" 🥺