Chapter 03

40 7 6
                                    

Kim Namjoon Pov.......

නම්ජූන් නවසීලන්තයේ ඉගෙන ගෙන කොරියාවට ආවා විතරයි..එයාගෙ ලොකුම හීනේ තිබුනේ රැප් ගායකයකයෙන් වෙන්න.එයාගේ අම්මායි තාත්තයි එයාගේ හීනෙට යන්න එයාට ගොඩක් උදව් කරා..එකේ ප්‍රතිඵලයක් ලෙස අද නම්ජූන් Big Hit Entertainment එකේ පුහුනුවීම් වල නිරත වෙනවා.

නම්ජූන් නවසීලන්තයට ගියේ
ශිෂ්‍යත්වයක් හම්බෙලා..එයාගේ අම්මා එක්ක එයා මූවිස් බලලම නම්ජූන්ට හොඳටම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුලුවන් වුනා.නවසීලන්තයේ ඉගෙන ගෙන නම්ජූන් කොරියාවට එන්නේ කලා යුනිවසිටි එකෙන් උපාධිය ගන්න හිතාගෙන.ඒත් එයාගේ හීනෙට යන්න මඟ පාද ගන්න නම්ජූන්ට පුලුවන් වුනේ bighit ආයතනය හරහා.නම්ජූන් ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් වල නිරත වෙන්න පටන් ගත්තා.

"නම්ජූන්.."

"පීඩී නිම්.."

"මොකද පුතා බර කල්පනාවක."

"මුකුත් නෑ.."

"කොහොමද ඉතිම් පුහුණුවීම් එහෙම."

"හොඳට කරගෙන යනවා පීඩිනිම්."

පීඩිනිම් හරි හොඳ මනුස්සයා.මැනේජර්නම් ගන්න දෙයක් නෑ.කොයි වෙලෙත් බැනපු ගමන්.ඇති වැඩකුත් නෑ එහාට යනවා මෙහාට යනවා විතරයි බැන බැන..

"ඔව් මැනේජර් ඉතිම් එහෙමනේ කොල්ලො."

"හෑ...

පීඩීනිම් මගේ හිත කියවනවද.

"පිස්සුද මම කොහොමද හිත් කියවන්නෙ."

"ඈ...පීඩිනිම්."

"හරි හරි කොල්ලෝ.මම විහිලුවක් කරේ."

මම පීඩිනිම්ට හිනා වුනා.එයා එතනින් යන්න හැරිලා ආයේ මට කතා කරා.

"නම්ජූන්...මේ.."

"ඔව්..පීඩිනිම්."

"දැන් කාලේ හරි නේද..ඉස්සරහට අඩියක් තියන්න."

මම අහිංසක හිනාවක් දාලා බිම බලා ගත්තා.

"අපි හිමින්ට කට්ටිය එකතු කරගෙන ටීම් එකක් හදා ගමු."

"මම ලෑස්ති පීඩිනිම්."

"ගුඩ්..එහෙනම් වැඩ ටික කර ගන්න මම යන්නම්."

Life with my Six Brothers *complete*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin