Bonus

33 7 4
                                    


Min Yoongi Pov....

සතියකට පසු..

"යුන්ගී...යුන්ගී...යුන්ගී..නැගිටිනවා මනුස්සයෝ.."

හොඳටම නින්ද ගිහින් හිටපු මට කවුරු හරි මාව හොලවනවා වගේ දැනුන නිසා මගේ නින්ද කැඩුනා..ඒත් එක පාරටම මට ඇස්දෙක ඇර ගන්න බැරි උනේ ඊයේ රෑ එලි වෙනකම් නිදි මරපු නිසා කියාගන්න බැරි තරම් ඇගට නිදිමත ඕනවටත් වඩා දැනිලා තිබුන නිසයි..මම හිමින් ඇස් ඇරලා බැලුවා කවුද කෑ ගහන්නෙ කියලා..දෙයියනේ මැනේජර් නේද..මම දඩි බිඩි ගාලා නැගිට්ටා..

"මැනේජර්"

"මැනේජර් තමයි..තමුසේ මෙහෙමද මිනිහෝ වැඩ කරන්නෙ"

"ඇයි මැනේජර් මොක්කද ප්‍රශ්නේ"

"තමුසෙට මම කිව්වේ සාමාන්‍ය තරුන පරපුරට ආදර්ෂයක් වෙන විදිහේ සිංදුවක් හදලා දෙන්න කියලා..ඒත් බලනවා මේකේ මේ මොනවද තියෙන්නෙ කියලා බලනවා"

"ඒ...ත්..."

"ඒත් මේත් නෙමෙයි ඕක වෙනස් කරනවා..නිදා ගන්න විතරයි දන්නේ වැඩක්නම් බෑ "

"මෙකේ වැරැද්දක් නෑනේ මැනේජර්"

"ඇයි මිනිහෝ නැත්තේ.මේ බලනවා..තමන්ට ඕන පාරේ යන්නලු..කවුරු මොනා කිව්වත් අහන්න එපාලු..මොනාද මේ..තමුන් හිතාගෙන ඉන්නෙ තමුසේ වගෙ කියලද හැමෝම ආ.."

"නෑ...ඒ..එත්..."

"කට වහගෙන මට දැන්ම මේක වෙනස් කරලා දෙනවා.."

මැනේජර් මගේ මුනට කොල ටිකත් විසි කරලා දොරත් දඩාන් ගාලා වහලා එතනින් යන්න ගියා.මම කෙහෙල් කදක් වගේ පුටුව උඩට කඩන් වැටුනේ සති යක් මහන්සි වෙලා ලියපු සිංදුව දවසින් වෙනස් කරන්නෙ කොහොමද කියලා හිතාගෙන.

මගේ හිතේ මැනේජර් ගැන ලොකු කේන්තියක් තිබුනා..ඒ යකා හැමදාම කරේ මාව අඩු තක්සේරු කරපු එක..උගේ පුතත් මගේ වයසම ඇති ඒත් කවදාවත් මට ගවුරවයක් දීලනම් කතා කරේ නෑ..මට මේ මගුල අත ඇරලා දාලා යන්නත් හිතෙනවා.ඒත් මගේ හීනේ..මම මෙච්චර කල් කට්ට කාගෙන දුක් විදගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒ හීනේ ඉස්සරහ මම අසරන වුනා වගේම ඒ හීනේ හැමදාම මාව ජීවත් කෙරෙව්වා.

Life with my Six Brothers *complete*Donde viven las historias. Descúbrelo ahora