Jungkook Pov...ජන්ග්කුක් තවත් සතියක් තිස්සෙ ජින්ගේ නිවසට ලිවුම් ලිව්වා.ඒත් ඒ එකකටවත් පිලිතුරු ලැබුනෙ නෑ..සෝල් යන්න ඕනි කියලා ජන්ග්කුක් මවට කිව්වත් මව ඒකට අකමැති වෙලා තිබුනේ ජන්ග්කුක්ට ගිමියොල් මරණ තර්ජන කරපු නිසයි..ඒත් ජන්ග්කුක් මෙහෙම හැමදාම දුකින් ඉන්නවා බලන්න එයාගේ අම්මට ඕනි වුනේ නෑ.
"චූටි පුතා..මොකද කරන්නෙ."
ගිනි අව්වේ මිදුලට වෙලා අහස දිහා බලන් ඉන්න ජන්ග්කුක්ගෙන් අම්මා ඇහුවේ ඔලුව අත ගාන ගමන්.
"මට පාලුයි මමා."
"ඇයි පුතාට මා එක ඉන්න කම්මැලිද."
"අනේ නෑ මමා.මට හියුන්ලා නැතුව ගොඩක් පාලුයි..පපා මාව අහක දානකොට මම ආදරේ හෙව්වෙ එයාලා ලඟ.හියුන්ලත් මට අඩු නැතුව ආදරේ දුන්නා.ඒත් මට පුදුම එයාලා ඇයි මගේ ලියුම් බලන්නෙ නැත්තේ කියලා මමා."
"පුතා..ඔයාගේ හීනේ වුනේ ගායකයෙක් වෙන්න. ඉතින් ලබන සතියේ බූසාන් වල තියෙන ඔඩිශන් එකට ඔයා යන්න.ඔයා තේරුනොත් සමහර විට ඔයාට හියුන්ලව බලන්න සෝල් යන්න පුලුවන් වෙයි."
"මමා..අනේ ඔය ඇත්තමද.මම හිතුවේ නෑ ඔයා කැමති වෙයි කියලා මමා..අනේ තෑන්කිව්."
"මගේ පුතාගේ සතුට විතරයි මට වැදගත්..ඔයාව කලින් බලා ගත්තා වගේම ඔයාගේ හියුන්ලා ඔයාව බලා ගනියි කියලා මට විශ්වාසයි."
ජන්ග්කුක් අම්මට තුරුල් වුනේ කියා ගන්න බැරි සතුටකින්.
"මමා..තේහියුන්ගීගෙ උපන්දිනෙත් එනවා.මම සෝල් යනකොට එයාට ගිෆ්ට් එකක් ගෙනියන්නද."
"පුතාට කැමති දෙයක්..ආච්චි මමායි.සියා පපායි හිටියනම් අද ගොඩක් සතුටු වෙයි පුතා."
"ඔව් මමා..ඒත් මගේම පපා එයාලව මරලා දැම්මා කියලා හිතන්න පුලුවන්ද.මාව බලා ගත්ත ජැකී අන්කල්..ඇයි මමා..පපා මේ වගේ කෙනෙක් වුනේ."
"ඔයාගේ පපා ඉස්සර ඔහොම නෑ පුතා..ගිමියොල් ආන්ටි නිතරම අපේ ගෙදර යන්න එන්න ගත්තා..එයා දුප්පත් නිසා.යාලුකමට වඩා එයා සල්ලි වලට ආස වුනා..එයා මට ඊර්ශියා කරා..ඉතින් ගිමියොල් තමයි පපාව වෙනස් කරේ."
YOU ARE READING
Life with my Six Brothers *complete*
Actionඅම්මලා හතකගේ ලමයි හත් දෙනෙක්. එකම හීනයක් පසුපස හඹායන. පියාගේ අඩම්තේට්ටම් වලට මැදි වුන පුංචි කොල්ලෙක්, අවසානයේ සහෝදරයෝ හය දෙනෙකුගේ ආදරය මැද ජීවිත ජය ගත්ත කොල්ලෙක්. "යුන්ගි හියුන්ග් ලබන ආත්මේ මගේම හියුන්ග් වෙලා ඉපදෙනවද" 🥺