𝙿𝙰𝚁𝚃 𝚃𝙷𝚁𝙴𝙴 💋🍇

391 90 7
                                    

කාලය ගොඩක් වේගයෙන් ගත වෙලා ගියේ ජන්ග්කුක් සිත්තරාවියගේ පවුල එක්ක ගොඩක් බැදෙද්දි.......

ඒ පවුලේ පවුල් හයක් ජීවත් උනා.... සිත්තරාවියගේ දෙමව්පියෝ ජන්ග්කුක් ට සැලකුවේ එයාලාගේ දරුවෙක්ට වගේ...

හැම මොහොතෙම රණ්ඩු වෙන්න ටේ හ්‍යුන්ග් වගේම සෝහිත්.....
තමන්ගේ දරුවෝ එක්ක කාලය ගත කරන නම්ජුන් හ්‍යුන්ග් වගේම මීහි නූනා....
කොයි වෙලෙත් සතුටින් ඉන්න ජින් හ්‍යුන්ග් වගේම යුන්මි නූනා......
දුරින් ඒ පවුලට නෑයෝ වෙන යුන්ගි හ්‍යුන්ග් වගේම යුන්හි.....
තාමත් නොඉපදුණු දරුවා ගැන හීන දකින සිත්තරාවි වගේම ජිමින්......
මේ හැම කෙනෙක්ම ජන්ග්කුක් ගේ පුංචි පවුල උනා.....
කවදාවත් කතා නොකරපු මිදි වත්තේ දුව දුව හිටපු ලස්සන ගෑනු ළමයා ගැන පවා අමුතු හැඟීමක් ජන්ග්කුක් ගේ හිතේ සක්මන් කළා.........

අප්පා එක්ක හැමදාම කුඹුරට ගිහින් එනකොට එළියේ ඉදන් ගේ ඇතුළට දුවන බීසි ජන්ග්කුක් දිහා හොරෙන් බලාගෙන හිටියා......

ඒත් දවසක්,

" ඔබ මා සමඟ අමනාපයෙන්ද නැගණිය..... "

" මා.... මා කුමටද ඔබ සමඟ අමනාප වන්නේ අයියණ්ඩිය.... "

" ඇයි ඔබ මා සමඟ කතා නොකරන්නේ..... "

" මා මදක් බිය වූවා ඔබට..... "

" මා ඔබව ගිල දමන්නේ නෑ........ "

" හහ්හා... හා හා... "

" ඔබ සිනා සෙන විට ලස්සනයි...... "

" මා එය දන්නවා ජන්ග්කුක් අයියණ්ඩිය.... "

ටිකෙන් ටික ටිකෙන් ටික කාලයත් එක්ක ඔවුන් ඔවුන්ට ගොඩක් සමීප උනා.... හුදෙකලාවම උරුම කරගෙන හිටපු ජන්ග්කුක් කෙනෙක් ගැන හිතන්න පටං ගත්තා..... තමන්ටත් පවුලක් තියෙනවා කියන හැගීම ඔහුට දැනුනා......

මේ සියල්ල දිහා සිත්තරාවිය බලාගෙන හිටියේ ගොඩක් සතුටින් වගේම ලොකු දුකකින්......
ටිකෙන් ටික පෝෂණය වෙන තමන්ගේ දරු ගැබට අත තියාගෙන ඇය කල්පනා කරා...

හැමෝටම ලස්සන හීන මවන්න බෑ..... ලස්සන හීන මවන්න බෑ කියලා දැන දැනත් ඇයි බලාපොරොත්තු දල්වා ගෙන බලාගෙන හිටියා.....





To Be Conducted....

𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈  [ 𝙹𝙹𝙺 ] ✔️Where stories live. Discover now