දැඩි හිරු රෂ්මිය මැද්දේ සේහුල් ගම්මානයේ එක් දර සෑයක තරුණයෙක් මෙච්චර කල් ආදරය කරපු කෙනෙක්ගේ ශරීරය පිච්චිලා අළු වෙනවා..... මෙච්චර කල් තමන්ට ජීවත් වෙන්න අරමුණක් දුන්නු මෙච්චර කල් තමන්ගේ ජීවිතයට ශක්තියක් උන ඔහුගේ පවුලේ අන්තිමටම ඉතුරු වෙලා හිටපු කෙනා...... ඔහුත් යන්න ගිහින්.... මෙච්චර කාලෙකට තමන්ට දරා ගත්ත දුක කදුළු වලට පෙරළන්නවත් ඔහුට කදුළු නැති තරම්.....
ඔහු නමින් ජියෝන් ජන්ග්කුක්.... ඈත පිටිසර ගමක උපදුනු මේ තරුණයා පුංචි කාලේ ඉදන්ම තනියම හැදුනේ වැඩුනේ.... තමන්ට කියලා මෙයා වෙනුවෙන් ජීවත් උන එකම එක පුද්ගලයයි.... ඒ ඔහුගේ සීයා..... අද තමන්ගේ සීයගේ සිරුර දර සෑයක පිච්චෙනවා.......
අවසාන කටයුතු සිදු කරන්න ආපු අනිත් හැමෝම ජන්ග්කුක් නැමැති තරුණයාව එතන දාලා ගියේ ඔහුට නිදහසේ ඉන්න දීලා........ටිකෙන් ටික දර සෑය නිවිලා අළු වෙලා යනකොට ඔහු ඈත පෙනෙන හඳ දිහා බලාගෙන හිටියේ හැගීම් විතරහිත පුද්ගලයෙක් වගේ... අහසේ හදට අද එක තරුවක්වත් නෑ.... හරියට ජන්ග්කුක් ට කවුරුත්ම නෑ වගේ...... කොච්චර වෙලාවක් නිසොල්මන්ව ඈත පේන හඳ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් ළඟට එක් තරුණියක් පැමිණෙනවා....
" ඔබට වෙහෙසයි වගේ...... "
" හ්ම්..... "
" ඔබ පාළුවෙන්ද..... "
" සමහර වෙලාවට......"
" ඔබ කැමති නැද්ද පාළුව මකා ගන්න.... "
" මම ගොඩක් උත්සාහ කළා..... ඒත් ඒ හැම තැනකදිම මම අසාර්ථකයි..... "
" ඔබ ගොඩක් වෙනස් පුද්ගලයෙක්... ඒ වගේම ඔබ මේ ගමේ අනිත් පුද්ගලයින්ට වඩා කඩවසම්....... "
" මං කවදාවත් මගේ රූපය ගැන සැලකිලිමත් උනේ නෑ...... "
" ඔබ කැමතිද කඩවසම් තරුණයා මගේ මීළඟ සිත්තමේ සිතුවමක් වෙන්න..... "
" සිතුවමක් විතරමද.... "
" සමහර විට ඔබට පුළුවන් වෙයි අළුත් පිටුවක් පෙරළන්න.... "
ජන්ග්කුක් ඒ තරුණිය දිහා බැලුවා...... ඇය ජන්ග්කුක් අහලා තියෙන විදිහට මේ ගමේ ඉන්න දක්ෂ සිත්තරාවියක්...... ඇගේ සිතුවම් ඒවා සෑබෑ ජීවිතේ වෙන සිද්ධි දාම වගේ.....
" ඔබ.... "
" මම කිම් ජිවෝ.... "
" මම ජියෝන් ජන්ග්කුක්....."
ඇය ගොඩක් රූමත් තරුණියක්..... මට හිතා ගන්න බැරි උනා ඇය තණියම සිත්තම් වැඩ කරන්නේ ඇයි කියලා...
" ජිවෝයා.......... "
ඈතින් දුවගෙන එන තවත් කඩවසම් තරුණයෙක් දිහා ජන්ග්කුක් බැලුවේ ගොඩක් විමතියෙන්.....
To Be Conducted.....
හිකි හිකි...... කමෙන්ට් කරන්න ඈ......
කම්ප්ලීට් එකක්... 🍇
KJ ☔
YOU ARE READING
𝙶𝚁𝙰𝙿𝙷𝚈 𝙱𝙰𝙱𝚈 [ 𝙹𝙹𝙺 ] ✔️
Romanceසිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන...