"කුකී.." ටේහ්යුන්හ් විනාඩි කීපයක් තිස්සේ නිහඩව ඉන්න ජන්කුක් ගේ කන ලගට ගිහින් මිමිනුව..
"හ්යුන්ග්.." ජන්කුක් ටේහ්යුන්ග් දිහා බලන ගමන් ඔලුව ඉස්සුවේ එයා ටේහ්යුන්ග්ට ටිකක් පහලින් ටේහ්යුන්ග් ගේ අතකින් ඔලුව තියන් හිටිය නිසා..
ටේහ්යුන්ග් ලස්සන හිනාවක් එක්ක ජන්කුක් දිහා බලාගෙන මොහොතක් හිටියා... ඊට පස්සේ ඒ හිනාව එක්කම ජන්කුක් ලගට ලං වුනු ටේහ්යුන්ග් ජන්කුක් ගේ නළලෙන් ආදරණීය හාදුවක් තිබ්බේ ඒක ජන්කුක් ගේ මුහුණෙත් හිනාවක් අදිද්දී..
"මං ඔයාට ආදරෙයි.." ටේහ්යුන්ග් ඒක මේ වෙලාවේ කියයි කියලා ජන්කුක් නොහිතුවත් එයත් හිනා වෙලා පොඩ්ඩක් ඉස්සිලා ටේහ්යුන්ග් ලගට ආයේ ඇවිත් ටේහ්යුන්ග් ගේ කම්මුලකින් පුංචි හාදුවක් තිබ්බා..
"I love you way more.." ජන්කුක් ආදරණීය හඩකින් මිමිණුවේ ටේහ්යුන්ග් ඇස් දෙක පියාගෙන හිනා වෙද්දී...
"මට දැනිලා තියෙන ආදරණියම හැගීම ඒක..මට වචනෙන් කියලා විස්තර කරන්න බෑ ඒ හැගීම... එත් ඒ හැගීම මට දැනෙන්නේ ඔයා මගේ ලග ඉද්දි විතරයි...I love you.." ටේහ්යුන්ග් හිමින් උණුසුම් හුස්මක් සමග ජන්කුක්ගේ නළල හාදුවකින් තවරුවා... අයෙත් මොහොතකින් දෙන්නම හිටියේ එකිනෙකාගේ ඇස් අතරේ හිර වෙලා.. ඒ ඇස් වලට එතරම් වශී වෙන්න හේතුවක් ඔවුන්වත් නොදැන හිටියා..
ටේහ්යුන්ග්ට ජන්කුක් ගේ තොල් දෙක දිහා තවත් මේ විදියට බලාගෙන ඉන්න බෑ කියලා තෙරෙද්දී... ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඉනෙන් අත් යවන ගමන් එයාව ටිකක් පහත් කරලා, ජන්කුක් ගේ ඉන දෙපසින් කකුල් දෙක දාලා ජන්කුක් ගේ ඇග උඩට ආවෙ කට කොනක smrik එකකුත් එක්කයි..
මොහොතක් අයෙත් ආදරණීය හිනාවක් එක්ක ජන්කුක් ගේ නළල සිපගත්ත ටේහ්යුන්ග් වචන වලින් ඒ මොහොතට බදා නොකර ඇස් වලින්ම ජන්කුක්ගෙන් ඉල්ලුවේ ඒක ඉල්ලීමක් විතරයි...ඒක පිළිගන්න වගේ ජන්කුක් ටේහ්යුන්ග් ගේ අත් දෙකෙන් අල්ලාගෙන ඉස්සි ටේහ්යුන්ග් ගේ තොල් වලින් පුංචි පෙක් එකක් තිබ්බේ අයෙත් කොට්ටෙට ඔලුව තියාගෙන ටේහ්යුන්ග්ගේ ගෙල වටේ අත් දෙක දාලා ටේහ්යුන්ග්ව තමන් වෙතට ඇදගන්න ගමන්..
YOU ARE READING
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfiction[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Story cover: ChoiJaehi