CHAPTER 2

2.2K 326 152
                                    

Meeting room එකේ දොර ඇරෙනවත් එක්කම මම කෙනෙක්ව දැක්කා... ඒ වෙලාවෙ විනාඩියකට කාලය නැවතුනා වගෙ හැගීමක් මට දැනුනා...

සුදු Shirt එකට, කලු කලිසම කලු සපත්තු, තද කලුපාට අකීකරු කැරලි කොන්ඩෙ,දුබුරු දිගටි ඇස්,රෝස පාට තොල්පෙති,ශක්තිමත් ඇග, හීනි ඉන... ඒ රූපෙ දිහා මම එකදිගට බලන් හිටියා මට විස්තර කරගන්න බැරි විදිහෙ හැගීම් ගොන්නක් මගෙ හිතට ආවා... මගෙ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා...මට ඒ වෙලාවෙ මගේ soul එක මගෙ ඇග ඇතුලෙ හිර වෙලා වගේ හැගීමක් දැනුනා...මගෙ හිත කෑගහලා කිව්වෙම පලයන් ගිහින් ඌව තුරුලු කරගනින් කියලා...නොදැනිම මම වෙනම ලෝකෙක අතරමන් උනා...අනේ දෙයියනෙ මොකක්ද මට මේ වෙන්නෙ' මගෙ හිතෙන්ම මම ඇහුවෙ එච්චරයි.

"සුදූ" අයියා මගේ කරෙන් අල්ලලා කතාකරද්දි තමයි මම පියවි සිහියට ආවෙ...

Me"ආ... ඕ අයියේ"

Aiya"මොන ලෝකෙද මල්ලි හිටියෙ උබ මන් කීසැරයක් කතාකරාද, මොකක් හරි අසනීපයක්වත්ද"

Me"නෑ නෑ චුට්ටක් ඔලුව රිදෙනවා අයියෙ"

Aiya"අමාරුයි වගේ නම් කැබින් එකට යන්න අව්ලක් නෑ මම handle කරන්නම්"

Me"නෑ නෑ ශේප්"

Aiya" එහෙනම් මම පටන් ගන්නවා"

මම ඔලුව වනලා හා කිව්වා...අයියා interview එක පටන් ගත්තා...interview එක අතරත් මගේ ඇස් ගියේම අර අහින්සක කොල්ලගෙ දිහාවට...කවදාවත් දැනිලා නැති අමුතුම හැගීමක් මට දැනෙනෙ එයා ගැන...මොකක්ද මේ අමුතු හැගීම "ඒ හැගීම ආදරයවත්ද" මම මගේ හිතෙන්ම ප්‍රශ්න කරගත්තා... අවුරුදු ##ක් තිස්සෙ මට දැනිලා නැති ආදරය කියන හැගීම මොන වගේ එකක්ද කියලා මට පලවෙනි පාරට දැනුනෙ එදා "ඔව් ඒක ආදරය තමයි" මට ඒක හොදටම දැනුනා... ඒක කොච්චර ලස්සන පිවිතුරු හැගීමක් උනත් මට ඒක විදගන්න ලැබුනේ නෑ"දවල් හීන මවන්න එපා අයේශ්, උබ හිතන දේවල් කවදාවත් වෙන්නෙ නෑ, US වල කොල්ලො දෙන්නෙක් ආදරය කරන එක සාමාන්‍ය දෙයක් උනාට මෙහෙ එහෙම බෑ මේක ලංකාව" මම මගේ හිතටම කියාගත්තා...

එයා කොච්චර මගේ හිතට ආවත් එයා ගැන තියෙන හැගීම මම මගෙ හිතෙන් බලෙන්ම අයින් කරේ බොරු බලාපොරොත්තු ගොඩගහගෙන ඉදලා අවසානයෙදි දුක්විදිනවට වඩා ඒ බලාපොරොත්තු ඉපදෙන්නත් කලින් මරලා දාන එක හොදයි කියලා හිතුන නිසයි... එයාව ආයෙ කවදාවත් මගේ ඉස්සරහට හමුවෙන්න එපා කියලා මම ප්‍රාර්තනා කරා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now