CHAPTER 10

1.3K 209 163
                                    

එහෙම්මම ගෞරව්ගෙ තුරුලෙ නින්දට වැටුන මම උදේ වෙනකන්ම ඒයාගෙ උනුහුමේ පොඩි එකෙක් වගේ ගුලි වෙලා හිටියා... කාමරේ කවුලුවෙන් මගෙ මූනට වැටෙන ඉර එලියත් එක්ක මම ඇහැරුනා... මම දැක්කෙ මගේ මූන දිහා හරී අහිංසක විදිහට බලන් ඉන්න ගෞරව් ව...

Me "Gum morning මැනික" මමත් චුට්ටක් හුරතල් විදිහට ගෞරව්ට Gm කිව්වෙ එයාගෙ හුරතල් වැඩ මේ වෙද්දිත් මාව පිස්සු වට්ටලා තියෙද්දි.

Gauraw "Good Morning සුදු මහත්තයො" කියන ගමන් ගෞරව් මගෙ නලලට හාදුවක් දුන්නා...

Me "බබා, කියන්න දෙයක් තියෙනවා"

Gauraw "කියන්න මැනික"

Me "මම අද කියනවා තාත්තිට අපි දෙන්නා ගැන, කවුද කියලා කියන්නෙ නෑ මාව accept කරොත් විතරක් මම ඒ ඔයා කියලා කියනවා"

Gauraw "ඒත් බබා...."

Me "ඒත් මේත් නෙමේ මැනික දැන් මේක හංගන් හිටියා ඇති, කොහොමත් කවදහරි කියන්න වෙනවා බබා මම ගොඩක් කල්පනා කරලා තමයි මේ තීරනේ ගත්තෙ"

Gauraw "හරි එහෙනම්, ඒත් සුදූ තාත්තා අකමැති උනොත්"

Me "බලමුකො මැනික"

Gauraw "සුදූ මට බයයි ඔයාව නැති වෙයි කියලා, එහෙම උනොත් මන් මැරෙයි දෙයියනේ"

Me "පිස්සුද එහෙම වෙන්නෙ නෑ තාත්ති මාව තේරුම් ගනී" මගේ හිතේ තිබ්බ බය හිර කරගෙන මම ගෞරව්ගෙ හිත හැදුවා...ඒත් ඒකෙන් පස්සෙ ගෞරව් ලොකු කල්පනාවකට වැටුනා කියලා මට තේරුනා...

Me "හරි හරි දැන් මගෙ හොද මහත්තයා වගේ ඒක ගැන හිතන එක නවත්තන්නකො හරිද..."

Gauraw "හම්ම්ම් "

Me "කෝ ඉතින් හිනා වෙනවා" කියලා මම ගෞරව්ව ඇදට පෙරලන් මූනම කිස් කරන්න පටන් ගත්තා... අපි දෙන්නත් හුරතල් වෙන්න ගත්තම පොඩි උන් වගේ සීමාවක් නෑ... මගෙ අහිංසකයව හුරතල් කර කර ඉද්දි අපිට අම්මගෙ කටහඩ ඇහුනා... "ගෞරව් පුතා" මමයි ගෞරවුයි රත් වෙන්න ඕනෙ උපරිමේටම රත් උනා... යකෝ දුවාගන්න තැනකුත් නෑ හැංගෙන්න තැනකුත් නෑ දැන් මොකද කරන්නෙ... ගෞරව් හස්ත සංඥා වලින් [🤫] සද්ද නොකර ඉන්න කියලා කාමරේ ඇතුලෙ ඉදන්ම අම්මිට උත්තර දුන්නා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now