CHAPTER 58

419 60 25
                                    

At our room_

     වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ගෞරවුයි මායි දෙන්නම පොඩි නැප් එකක් දැම්මෙ දැනෙන මහන්සිය නිවිලා යන්නත් එක්කයි. ගෞරව්ගෙ උනුහුමේම පැය දෙකක වගේ වගේ නින්දකට පස්සෙ මම ඒ නින්දට සමු දුන්නා. ඇස් අරිනවත් එක්කම බොද වෙලා තියෙන වට පිටාව ටික ටික හරි තත්වෙට එද්දි මම දැක්කෙ මගෙ පපුව අස්සෙ මූන හංගගෙන හොදටම නිදාගෙන ඉන්න මගෙ රෝස මලව. එයාගෙ උනුහුම වගේම නිශ්දබ්ද පරිසරය මගෙ හිතට ගෙනත් දුන්නෙ වචනයෙන් කියාගන්න බැරි තරම් රෝමාන්තික හැගීමක්. දැනෙන සීතලත් එක්ක ගෞරව් මගේ තුරුලට පොඩි එකෙක් වගේ තව තවත් තදින් ගුලි වෙද්දි මට එයා වෙනුවෙන් දැනුනු ආදරේ වචනයෙන් කියන්න තේරෙන්නෙ නෑ.

       මිනිස්සුන්ට සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනෙ නෑ. අහිංසක හිත්වවලට ඕනෙම සතුටින් ඉද්දි ඇතිවෙනකන් ඉබින්න රෝස කම්මුල් දෙකක්, මහන්සියෙන් තෙහෙට්ටු උන වෙලාවක තුරුලු වෙන්න පුලුවන් උනුහුමක්, දුක වේදනාව උපරිම උන වෙලාවක දුක අඩුවෙනකන් කදුලු හලන්න ආදරෙන් පිරුනු පපුවක් විතරමයි. ඉතින් ජීවිතේ අවසන් ගමන යන දවස එනකන්ම එහෙම ආදරයකින් තොර සතුටක් ආදරේම හොයන හිතකට තියෙයිද.

    එක බැල්මකින් පවා මගෙ හිත නිවන ඒ අහිංසක මූන දිහාම මම බලන් ඉද්දි මගේ හිත ගෞරව් වෙනුවෙන් තියෙන ආදරෙන් පිරිලා ඉතිරිලා ගියා. එයාගෙ උනුහුම මට හොදටම දැනෙද්දි මම මගෙ එක අතක් එයාගෙ ඇග වටෙන් යවලා ගෞරව්ව මගේ ඇගට තුරුල් කරගත්තෙ ඒ නලල දිග හාදුවකින් තෙමන ගමන්. හාදුවෙ අවසානයත් එක්කම මම ගෞරව්ගෙ මූන දිහා බලාගත්තා. එක දිගට මම මගෙ අහිංසකයා දිහා බලන් ඉද්දි තත්පරෙන් තත්පරේ ගෙවිලා ගිහින් මම දැක්කා ටික ටික ඇස් ඇරලා මගෙ හා පැටියා ඇහැරෙන විදිහ.

Me "හායි, මගෙ මැනික" ඒත් එක්කම ගෞරව් අත් කකුල් වල හිරි අරින ගමන් හුරතල් විදිහට මගේ මූන දිහා බලාගෙන එයාගෙ කටහඩ අවදි කරා.

Gauraw "සුදූ, කීයද වෙලාව"

Me "අට පහු වෙලා බබෝ"

Gauraw "හම්ම්ම්"

     ඒත් එක්කම මගේ පපුවට හාදුවක් දීපු ගෞරව් ආයෙත් තදින් මගෙ තුරුලට ගුලි උනා.  පැය බාගයකට ආසන්න වෙලාවක් අපි අපේ උනුහුමේම ගත කරද්දි ඒ නිදහසත් එක්ක අපේ ආදරේ අපේ හිත්වලට නොඅඩුව දැනුනා. ටික වෙලාවක් එහෙම්මම ගත කරලා ගෞරව් කෙලින්ම මාව පෙරලගෙන ආවෙ මගෙ ඇග උඩට. උඩට ඇවිත් මගේ තොල්පෙති උඩට පෙක් එකක් දුන්න ගෞරව් ඒ බෝල ඇස්වලින් මන් දිහා බලාගෙනම එයාගෙ කටහඩ අවදි කරා.

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now