2ND RAIN

260 63 10
                                    

" නූනා රූම් එකට යන්න "

යූරා දිහාත් එක් වරක් බලපු සේමි දැක්කේ තමන් දෙසට යොමු වෙලා තියෙන කේන්තියෙන් දැවෙන ඇස් දෙකක්. ඒ බැල්මෙන් මිදිලා බිම බලාගෙන පියගැට පෙල නැගපු සේමිගේ දෙපා නැවතුනේ ඇගේ කාමරයේදීමයි. ඒ වන විට වර්ශාවත් නැවතී තිබුනි.

" ඔම්මා... අයි මිස් යූ ඔම්මා "

තමන්ටම මුමුන ගත්තු සේමි පොත් රාක්කයෙන් ගත් නවකතා පොතත් ගෙන බැල්කනිය මත තිබූ පුටුවකට ගියේ සුසුමක්ද හෙලමිනි.
















මීටින් රූම් එකේ දොර විවර වන හඩත් සමග මින්හෝගේ දෑස් එදෙසට යොමු වුනි.

ජිමින් විසින් විවර කල දොරෙන් ඇතුලට පැමිනෙන ටේහ්‍යොන් දුටු විට ඔහුට හීල්ලුනේ ඉබේටමය. ඒ ප්‍රතාපවත් පෞර්ශවයට මින්හෝ කවදත් ඉරිසියා කලා.  ටේහ්‍යොන් දොරෙන් ඇතුලු වූ විට ඔහු පිටුපසින්ම සූයොන් හා ජිමිනුත් පැමින නැවතුනේ චෝයි මින්හෝ ඉදිරියෙනි.

" ගුඩ් මෝනින් මිස්ටර් චෝයි "

" ගුඩ් මෝනින් ටේහ්‍යොන් "

ටේහ්‍යොන් නිසාම තමන් තුල ඇතිවන තිගැස්ම සගවා ගනිමින් චෝයි පැවසුවේය. නමුත් එයින් සිදු වූයේ ටේහ්‍යොන්ගේ කේන්තිය ඇවිස්සීමක් පමනි.

" මේක බිස්නස් මීටින් එකක් මිස්ටර් චෝයි. සෝ ඔයාගේ ලැන්ග්වේජ් එක හදා ගන්න "

අතත් මිට මොලවාගෙන ටේහ්‍යොන් පවසද්දී චෝයිගේ නලල මතින් වැටි ගිය දහදිය බිදු දුටු ජිමින්ගේ මුවෙහි ඇදුනේ සමච්චල් සහගත සිනහවකි.

" සූයොන්...ස්ටාර්ට් කරන්න "

" ඕකේ සර් "

ටේහ්‍යොන්ගේ අනෙන් තම අත තිබූ ටැබ් ගනකය ප්‍රක්ශේපන යන්ත්‍රය හා සම්භන්ද කල සූයොන්ග් ඇයගේ ඉදිරිපත් කිරීම සිදුකලේ මීටින් රූම් එකෙහි ආලොකයන් නිවී ගිය පසුවය.

සූයොන්ගේ ඉදිරිපත් කිරීම ටේහ්‍යොන් මෙන්ම් ජිමිනුත් මහත් ආඩම්බරයෙන් බලා සිටියත් චෝයි මින්හෝනම් සිටියේ එය ප්‍රතික්ශේප කිරීමට හේතූන් සොය සොයය. නමුත් ඔහුට එවැනි එක් හේතුවක් හෝ නොලැබුනි. සූයොන්ගේ හඩ නැවතෙත්ම මීටින් රූම් එක නැවතත් ආලෝකමත් වින.

LOVE RAIN ||KTH| (Complete)Where stories live. Discover now