" ජිමින් සේමිව දැක්කද "
" අනී ඇයි ඇතුලෙ නැද්ද "
" නූනා ඔම්මා එක්ක හිටියා කියලා නියානම් මට කිව්වා "
ජිමින් වගේම ජන්කුක් ටේහ්‍යොන්ට උත්තර දුන්නත් ටේහ්‍යොන් හිටියෙ කලබලෙන්
" ඔව් මන් දැක්කා. ඒත් මේ ආශ් ශිබල් මොන මගුලෙ ගිහින්ද "
ටේහ්‍යොන් කේන්තියෙන් කෑගැහුවෙ තමන්ගෙ කොන්ඩෙත් ඇදගන්න ගමන්
" මොකද යකො මේ මොකද උනේ "
" සේමි නැ බන් "
" නූනා නැ "
" උබලා දෙන්නා ඔහෙ බලපන්කො මන් පාරට ගිහින් බලන්නම් "
ටේහ්‍යොන් කලබලෙන් දුවගෙන පාරට ආවත් යන්න පැත්තක් හදිස්සියට ටේහ්‍යොන්ට හිතා ගන්න බැරි වුනා. අනෝරා වැස්ස මැද්දෙම ටේහ්‍යොන් පාර පුරා දිව්වෙ සේමිව හොයාගන්න උනත් ටේහ්‍යොන් අසාර්තක උනෙ සේමි නොහිටිය නිසා
" ආශ්හ්හ්හ්හ්හ්හ් කොහෙද ඕයි ඉන්නෙ "
කලබල ගතියත් එක්කම කේන්තියකුත් ටේහ්‍යොන්ගෙ හිතට දැනෙද්දි දකුනු අතෙන් මූනට වැටෙන වැහි බිදු අයින් කරන්ම ටේහ්‍යොන් කෝල් එකක් ගත්තෙ ජිමින්ට
" ඉන්නවද "
" නැ බන් ගෙයි හැමතැනම බැලුවා කොහෙවත් නැ "
ටේහ්‍යොන් කෝල් එක කට් කලේ කිසිම දෙයක් නොකියා. ඒත් ටේහ්‍යොන් ආයිම අනික් පැත්තට හැරිලා දුවන්න ගත්තේ මෙච්චට වෙලා ආව පැත්තට විරුද්ද දිහාවට.
' ජේබාල් '
ගමනාන්තයටම දුවගෙන ආව ටේහ්‍යොන් සැනසුම් හුස්මක් හෙලලා හිමින් අඩි තියලා තමන් දකින්න බලාපොරොත්තු උන ඒ රූපේ ලගට ලන් වුනා.
සේමි හිටියේ එයාගේ ගෙදර ඉදන් මීටර් හත්සීයක් වගේ දුරකින් තිබ්බ පාක් එකෙ. බෙන්ච් එකක වාඩි වෙලා හිටපු සේමි ගාවට කිට්ටු කරපු ටේහ්‍යොන් සේමිට එහා පැත්තෙන් වාඩි වෙලා සේමිගෙ කර වටේට අත යැව්වා. ඒ ස්පර්ශෙ එක්ක ගැස්සුන සේමි ටේහ්‍යොන් දිහා කදුලු පිරුනු ඇස් වලින් බලන් හිටියත් වැහි වතුර එක්කම එකතු වෙලා ඒ කදුලු සේමිගෙ ඇස් වලින් වෙන් වෙලා පහලට වැටුනා.
YOU ARE READING
LOVE RAIN ||KTH| (Complete)
Fanfictionගිනියම් වූ හදවතට වර්ශාවත් නුඹම විය...🌧️❤️ Stared Date:- 2022/07/ 20 Published Date :- 2022/07/25 Finished Date:-2023/12/15