08TH RAIN

232 54 13
                                    

සේමි එක්ක කිසිම කතා බහක් නැතුව ටේහ්‍යොන් තමන්ගේ ලැගේජ් එකෙන් ටවල් එකත් අරන් බාතෲම් එකට ගියේ සේමි ඔහේ ටේහ්‍යොන්ගේ මේ හැසිරීම දිහා බලන් ඉද්දි. මහ සද්දෙන් බාතෲම් එකේ දොරත් වහ ගත්තු ටේහ්‍යොන්ගේ කල්පනාවෙන් මිදුන සේමි හෙමින් හෙමින් අඩි තියලා ලන් වුනේ කන්නාඩි මේසෙ ලගට.  තමන්ගෙම ප්‍රතිබිම්බේ දිහා ටිකක් වෙල බලන් ඉදපු සේමි තමන්ගෙ කොන්ඩ මෝස්තරය ගලවා ඉවත් කරන්න පටන් ගත්තා.

" ම්හ් ඉවරයි "

අන්තිම කොන්ඩ කට්ටත් ගලවලා කන්නාඩි මේසේ උඩින් තියද්දිම සේමිව ගැස්සිලා ගියේ බාතෲම් එකේ දොර ඇuරුනු සද්දෙට. ටේහ්‍යොන් කාමරය තුලට පැමින ඔහුගේ ඇස් කන්නාඩී මේසය අසල සිටින සේමි මතට වැටුනේ ඇසි පිය ගහන සැනින්. එකම කන්නාඩියේ සේමිගෙත් ටේහ්‍යොන්ගෙත් ප්‍රතිම්බ දෙක දෙස දෙදෙනාම බලා සිටියේ අමුතුම හැගීමකින්.

" මේ..."

සේමි ටේහ්‍යොන්ට කතා කරන්න හැදුවත් ඔහු නෑසුනා සේ කමරයෙන් පිටව ගියේ සේමි බලාපොරොත්තු කඩ වූ හැගීමකින් බිම බලා ගනිද්දියි. තවත් මිනිත්තු කිහිපයක් එලෙසම සිටි සේමි ඇගේ ඇදුමක් සහා ටවල් එකත් අරගෙන වොශෲම් එකට ගියේ හිතේ හැටියට නාගන්න හිතන්.









ජිමින්ට වෙන් වුනු කාමරයේ බෙල් එක නොනවත්වා නාද වන විට ජිමින් ඉක්මනින් ගොස් දොර විවර කලේ එක දිගට බෙල් එක නාද කරන පුද්ගලයාගේ පරම්පරාවම අමතමිනුයි.

" වට් ද $%& තෝ මොකද යකෝ මෙතන කරන්නෙ "

ජිමින් ඇහුවේ දොර ඉස්සරහා හිටන් ඉන්න ටේහ්‍යොන්ගෙන්. ජිමින්ව නෑසුනා සේ ටේහ්‍යොන් ජිමින්වත් තල්ලු කරලා ජිමින්ගෙ කාමරේට ඇතුල් වෙලා වාඩි වුනේ ඇද උඩින්.

" මන් අද මේකේ ඉන්නම් "

ටේහ්‍යොන් කිව්වෙ ජිමින් දිහා නොබලමයි.

" මට ඇහුනේ නැ ආයි කියපම් "

" මන් අද මේ රූම් එකේ ඉන්නෙ මට බෑ අරකි එක්ක ඉන්න "

ජිමින්ට කේන්ති ගියේ ටේහ්‍යොන්ගේ කතාවට.  මෙර් පොඩි කාලෙට ජිමින්ට තේරුනා සේමි කියන්නෙර් අහින්සක කෙල්ලක් බව. තමන්ටත් ඉන්නවා සහෝදරියක් ජිතින් ජිමින්ට සේමිව දැනුනෙත් තවත් සහෝදරියක් ගානට හරියට නියා වගේම.

LOVE RAIN ||KTH| (Complete)Where stories live. Discover now