" just stay away from me "
ගාඩ්න් එකෙ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු සේමිගෙ කන් ඇතුලෙ දෝන්කාර දුන්නෙ ටේහ්‍යොන්ගේ ගැබුරු හඩ. ජිමින්ගෙ නන්ගි වුන නියා කොරියාවට එනවා කියන ආරන්චිය සේමිට ලැබුනෙ අද උදේ. ටේහ්‍යොන් වගේම ජිමිනුත් පිටත් වෙලා තිබුනේ නියාව එයාපෝට් එකෙන් එක්කගෙන එන්න.
ගේට් එකෙන් ජිමින්ගෙ කා එක ඇතුල්වෙන විදිහ සේමි ඈත තියාම දැක්කා. කෙටි පියවර කිහිපයකින් සේමි ඒ දිහාවට අඩි තිබ්බත් කා එකෙ දොරක් කඩාගෙන බිදගෙන ඇරගත්තු පුන්චිම පුන්චි හුරුබුහුටි කෙල්ලෙක් සේමි දිහාවට දුවගෙන ඇවිත් කෙල්ලව බදාගත්තේ සේමි ගල් ගැහිලා වගේ ඉන්න කොට.
" you look so pretty sis "
" oops sorry I mean onnie "
ටේහ්‍යොන් නිවසට ගියත් තාමත් කා එකට හේත්තුවෙලා එයාලා දිහා හිනාවකින් බලන් ඉන්න ජිමින් දැක්කම සේමිගෙ මුනටත් හිනාවක් එකතු වෙලා එයත් නියා එක්ක කතා කරන්න පෙලබුනා.
" නියා "
" ම්ම් මන් තමා නියා. මේ බක පන්ඩිත කොට මොඩ්ල් එකගේ ස්වීට් ප්‍රිටී නන්ගි "
කටත් ඇද කර කර නියා කියෝන දිහා සේමි බලන් හිටියේ ආසාවෙන්.
" ඕප්ස් අමතක උනා. ඔන්නි ලගට එන්නකො පොඩ්ඩක් "
සේමිවත් ලගට ගත්තු නියා තමන්ගේ ඩෙනිම් සාක්කුවේ තිබුනු ෆෝන් එක අරගෙන කැමරාව ඔන් කලේ දත් තිස් දෙකෙම්ම හිනා වෙන ගමන්.
" ලෙට්ස් ටේක් අ සෙල්ෆී ඔන්නි චීඊඊඊඊඊස්ස්ස්ස්ස් "
සෙල්ෆි චායාරූපයක් ගත්ත නියා උඩ පැන පැන ගේ ඇතුල්ට ගියේ ඒ පින්තූරේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එකටත් අප්ලෝඩ් කරලමයි.
සුපුරුදු ක්‍රමේටම ටේහ්‍යොන්ගේ අහන්කාරකමයි සේමිගෙ ඉවසීමයි මැද්දෙ සතියක කාලයක් ගත වෙලා උදා උනේ සේමි ඉස් ඉස්සෙල්ලාම කැම්පස් යන දවස. ජිමින් නියා එක්කම යුනිවසිටි යන්න ලෑස්ති උන සේමි පහලට එද්දි හැමෝම සේමි දිහා බලන් හිටියේ කටත් ඇරගෙන. විශේශයෙන්ම ටේහ්‍යොන්ට තමන්ගෙ ඇස් සේමිගෙන් අහක් කරගන්න බැරි කමකිනුයි හිටියේ
YOU ARE READING
LOVE RAIN ||KTH| (Complete)
Fanfictionගිනියම් වූ හදවතට වර්ශාවත් නුඹම විය...🌧️❤️ Stared Date:- 2022/07/ 20 Published Date :- 2022/07/25 Finished Date:-2023/12/15