එදා ජීයුන්ට සිද්ධ වුණ දේ වෙලා මාසයක් ගිහින්..මාසයක්..? ඔව් මාසයක්..මේ වෙකොට ගොඩක් දේවල් හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා..එතකොට ජීයුන්..කෙල්ල ගැන කිව්වොත් ජීයුන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ හරි හෙමීට උඩට පහල යන පපුවෙන්..
එදා කෙල්ලව හොයාගත්තේ ටේහියුන්..ඒ එනකොටත් කෙල්ලට සිහිය නෑ..එදා ඉදන් මාසයක් වෙනකම්ම කෙල්ල ඔය විදිහටම ඇස් පියාගෙන..
එතකොට ජීයුන්ගේ පවුල ගැන කිව්වොත් ඔක්කොම හිටියේ පිස්සෝ ගාණට..මොකද එදා ජීයුන්ව හොස්පිටල් ගෙනාපු දවසේ ජීයුන්ගේ ඩොක්ටර් හැමදේම කිව්වා..කෙල්ල ඉන්නෙත් එක වකුගඩුවකින් නිසා කෙල්ලගේ තත්වෙ බයානකවයි තිබ්බේ..!ජීයුන්ගේ යාලුවෝ..කෙල්ලගේ පවුල අය ..ටේහියුන් හැමෝම පසුතැවුණා කෙල්ලව රිද්දපු එකට..
"ජීයු බබා..තාමත් තරහද මාත් එක්ක..? මියානේ මැණික චේබල් ඔහොම ඉන්න එපා..දන්නවද මට රිදෙනවා ඔයා ඔහොම ඉද්දී..! "
ටේහියුන් විනාඩියෙන් විනාඩියට කෙල්ලගේ අතට හාදු දෙන ගමන් කතා කලේ අඩන ගමන්..ඒත් ටේහියුන් දකින්න නැතුව ඇති කෙල්ලගේ ඇස් අගින් වැටුණ කදුලු..කෙල්ල නැගිට්ටේ නෑ තමයි..ඒත් කෙල්ලට මේ හැමදේම ඇහුනා..දැනුනා..කතා කරගන්න බැරි වුණත් ඒ හැමදේම කෙල්ල දැනුනා..
*
*
*
*
*
*
*
*"ජීහි..! "
"ඔප්පා.. ?? "
"දැන් අපි යමු ලමයෝ.. එයා නැගිටිවී..! "
ජීයුන්ගේ අතක් උඩ ඔලුව තියාගෙන හිටපු ජීහිට ජින් කියද්දී ජීහී කදුලු පිහදගත්තා..ඔව් කෙල්ල අඩනවා..තමන්ගේ නන්ගි වෙනුවෙන්..!ජීහි පසුතැවෙනවා තමන් නරකව හැසුරන විදිහට..ජීයුන්ව රිද්දපු විදිහට..ඒත් ඒ හැමදේම තේරුම් ගන්නකොට ජීහි පරක්කු වැඩි නැද්ද..??
YOU ARE READING
I am sorry [ KTH ] ✔
Fanfictionසමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi MinJi' s Cover shop Start date - 2022.07.27 End date - 2022.08.05