2 Chapter 💦

229 52 5
                                    

" ආහ්..අපෝ මොනාද සොන්හියා..? උදේ පාන්දර ඔය නම මතක් කරන්නේ..? ඇහුවත් ඇතිනේ..! "

"ඇයි..? "

"ඇයි කියන්නේ..ඉවරයක් නෑ ඇගේ දැවටෙනවා මගුල..කියවනවා ඉවරෙකුත් නෑ..දන්නවද ජීයුන්ට ලමයි කැමතිත් නෑ..මොකද එයා ඉපදුනේ නැත්නම් එයාගේ ඔම්මා අදටත් ජීවත් වෙනවා කියලා ජීයුන්ගේ ඔන්නි කියනවා ඇහිලා තියෙනවා.."

"හ්ම් ඒක ඇත්ත..! "

"මම කොයි වෙලේ හරි ජී- "
මෙච්චර වෙලා පිටිපස්ස හැරිලා හිටපු බෝරා ඉස්සරහට හැරෙද්දී කෙල්ල පුදුම වුණේ තමන්ගේ ඉස්සරහ හිටප් ඉන්න ජීයුන්ව දැකලා..

"මට..මට සමාවෙන්න බෝරා..සමාවෙන්න සොන්හි..ඔයාලාට කරදරයක් වෙන්න ඕන වුණේ නෑ මට..! "
ජීයුන්ගේ ඇස්වල එක කදුලක්වත් තිබුණේ නෑ..ඒත් ඒ මූණේ හිනාවක් තිබුණා..ඒක තමන්ටම සමච්චලේට මවාගත්ත එකක්..

"ජීයුන් ඉන්න.."

"කමක් නෑ සොන්හියා..සමාවෙන්න ආයේ වෙන්නෑ ඔයාලාට වදයක්..! "
සොන්හිගෙයි බෝරාගෙයි ලග තිබුණ ජීයුන්ගේ බෑග් එක ගත්ත කෙල්ල ක්ලාස් එකේ කෙලවරේම කවුරුත් නැති තැනකට ගියේ කාටවත් වදයක් නොවෙන්න..

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

"ඇයි එහෙම කලේ මට..? ඇයි ඔම්මා මාව ඔයා ලගට ගත්තේ නැත්තේ..? දන්නවද එයාලා මගේ චූටි කාලේ ඉදන්ම යාලුවෝ..ඒත් එයාලාට මාව වදයක් වෙලා..අප්පට ඔන්නිට වගේම..! මම එයාලා ලගට ගියේ මට කවුරුත් නැති නිසානේ ඔම්මා..?? ඉතින් ඇ..යි ? "
කලින් සිදු වෙච්ච දේවල් ජීයුන්ගේ ඔලුවේ කැරකෙනකොට කෙල්ල අඩන්න ගත්තේ දණහිසේ ඔලුව ගහගෙන..

ජීයුන්ට හිතුනේ එක සැරෙන්ම තමන් ව මැරිලා ගියා නම් කොච්චර හොදදයිද කියලා..අඩුම තරමේ කතා කරන්නවත් කෙනෙක් නෑ..අප්පා තමන්ට වෛර කරනකොට..ඔන්නිට තමන්ට වෛර කරනකොට යාලුවන්ට තමන්ව එපා වෙනකොට ජීයුන් හැමදේම දරාගත්තා..

ඒ චූටි වයසට ඕනවාටත් වඩා දේවල් කෙල්ල දරාගත්තා..ජීයුන් කියන්නේ තාම අවුරුදු දහනමයක චූටි මලක්..තමන්ගේ ආදරේ තමන්ව නොසලකා හරිනකොට කෙල්ල ඒක බාරගත්තෙත් හිනාවෙලා..කිම් ටේහියුන්..පලවෙනි වතාවට කෙල්ල ආදරේ හෙව්වේ පිට කෙනෙක්ගෙන්..ඒත් ඒ කෙනාම කෙල්ලට වදයක් කියලා බනිනකොට කෙල්ල හැමදේකින්ම ඈත් වුණා.

I am sorry [ KTH ] ✔Dove le storie prendono vita. Scoprilo ora