ලාවට ඇරපු ඇස් ආයෙමත් වැහුනේ දරාගන්න බැරි වුණ එලිය නිසා..ආයෙමත් හිමීට ඇස් ඇරගත්ත ජීයුන් වටේටම ඇස් ගෙනිච්චේ කවුරුහරි ඉන්නවද කියලා බලන්න වුණත් කවුරුවත් හිටියේ නැති නිසා කෙල්ල වැලමිටට බරදීලා ඇදේ ඉදගත්තේ රිදුම් දෙන ඔලුවත් අල්ලගෙන..
එකපාරටම දොර ඇරගෙන ආපු කෙනෙක් ජීයුන්ව දැකලා එක පිම්මෙන් එලියට දිව්වේ කෙල්ලත් පුදුම වෙනකොට..
"ටේහියුන්ෂි..? "
ඔව් ඒ ටේහියුන්..ඊලග මොහොතේ ටේහියුන් දොර ඇරගෙන තනියම නෙමෙයි..ඩොක්ටර්ලා දෙන්නෙකුයි ජීයුන්ගේ පවුලයි සොන්හී බෝරා දෙන්නයි.."දැන් ඔයාට හොදයි..ඒත් පරිස්සම් වෙන්න..! "
ඩොක්ටර් කියනකොට ජීයුන් ඔලුව වැනුවේ හිස් හැගීමකින්..ඩොක්ටර් එතනින් යනකොට කෙල්ලට ඇහුනේ සියුම් ඉකියක්..ඒ ජීහි වෙනකොට කෙල්ල පුදුම වුණා.."මට සමාවෙන්න ජීයුන්..! "
ඊලගට ජීයුන්ගේ අප්පා කෙල්ලගේ ඔලුව අතගාලා කියද්දී ජීයුන් පුදුමවුණේ සැනින්.."අ..ප්..පා..? "
කෙල්ලට ඉකිගැහෙනවා..පලවෙනි පාරට ජීයුන්ගේ අප්පා ඔය විදිහට ආදරෙන් කතාකලේ..ජියුන් හිටියේ තමන්ගේ අප්පගේ පපුවේ..කොච්චර කාලයක් බලන් ඉන්න ඇත්ද ඒ පපුවට තුරුල් වෙන්න.."මියානේ දරුවෝ "
ජීයුන්ගේ නලලින් හාදුවක් තියපු අප්පා යද්දී කෙල්ලගේ ඇස් ගියේ තාමත් ඉකිගහන ජීහී දිහාවට.."ඔන්නි අඩන්න එපා..! මම තරහ නෑනේ ඔයත් එක්ක..? "
ජීහිගේ ඉකිය කෑගැහිල්ලක් බවට පත් වෙද්දී ජීයුන් ජීහිව බදාගත්තා.."මට සමාවෙන්න ජීයුන්.."
"ජීයූනා "
සොන්හිත් බෝරාත් කෙල්ලගේ අත් දෙක අල්ලගෙන අඩද්දී ජියුන් හිනා වුණා.."යා අඩන්න එපා..මම තරහ නෑ..අපි ආයේ හිටපු විදිහට ම ඉමු හාද..?"
"දේ.."
*
*
*
*
*
*
*
*හැමෝම ජීයුන් එක්ක කතා කරලා ඉවරවෙද්දී ඉතුරු වුණේ ටේහියුනුයි කෙල්ලයි විතරයි..
"ජීයුන් "
"ටේහියුන්ෂි ..? "
"ම..මට ආදරේ කරනවද..?හැමදාමට ඔයත් එක්ක ඉන්න පොරොන්දු වෙනවා.."
ජීයුන්ගේ අත පපුවට තද කරගෙන ටේහියුන් ඇහුවේ කදුලු පුරෝගන..ජීයුන් ටික වෙලාවක් ඒ ඇස් දිහාම බලන් ඉදලා ටේහියුන්ගේ පපුවට තුරුල් වුණේ කොල්ලා පුදුම වෙනකොට..
"මම ආදරෙයි..ඒත් ආයේ නම් රිද්දන්න එපා මාව..! "
ටේගේ පපුවේ මූණ හොවාගෙන ඉන්න ජීයුන් කිව්වේ කදුලු හංගගෙන.."පොරොන්දු වෙනවා මැණික..සාරාන්හේ..! "
ජීයුන්ගේ නිකටින් රිදෙන නොරිදෙන ගාණට අල්ලපු ටේහියුන් ජීයුන්ගේ තොල්වලට බර වුණේ ටේගේ පපුවේ තිබුණ ජීයුන්ගේ අත තද වෙනකොට.ඒ හාදුව ගොඩක් ආදරණීය වුණා..ඕනවාටත් වඩා ආරක්ෂාවක් ජීයුන්ට දැනෙන්න ඇති..හාදුව අවසානේ ටේ ජීයුන්ගේ නලලේ හාදුවක් තැවරුවේ ආයෙමත් මේ ඇස්වලට කදුලු එන්න දෙන්නෑ කියන පොරොන්දුවෙන්...!
CZYTASZ
I am sorry [ KTH ] ✔
Fanfictionසමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi MinJi' s Cover shop Start date - 2022.07.27 End date - 2022.08.05