"Mrs.Ji- Yoon ...! ඔයා දැන් ටිකක් පරිස්සම් වෙන්න..මොකද ඔයාගේ තුවාලේ පෑරෙන්න පුලුවන්..හරි නම් ඔයාව තව සති දෙකක්වත් තියාගන්න වෙනවා..ඒත් ඔයාගේ අකමැත්තෙන් අපිට ඒක කරන්න බෑ..! "
"කුමාවෝ ඩොක්ටර්.."
ඩොක්ටර් ටත් ස්තූති කරලා ජීයුන් ගියේ තමන්ගේ අප්පා බලන්න..ජීයුන්ගේ වකුගඩුව කෙල්ලගේ අප්පට බද්ධ කරලා සතියකින් කෙල්ලගේ අප්පට සිහිය ආවා...කෙල්ල රූම් එකේ වීදුරුවෙන් බලන් හිටියේ තමන්ගේ ඔන්නී ජීහී..ජනුයි අප්පා ගාව හුරතල් වෙන විදිහ..
"අනේ මටත් ඔයාට තුරුල් වෙන්න තිබ්බා නම්..? "
කෙල්ල දහස් වාරයක් මුමුණන්න ඇති..ඒත් එක්කම රූම් එකේ දොර ඇරුනේ ජීයුන් පුදුම වෙද්දී.."ජීයුන්..? "
"ඔන්නී මම "
"ඇයි අප්පා මැරුණද කියලා බලන්න ආවද..? බයවෙන්න එපා ..අප්පගේ වාසනාවට එයාට වකුගඩුවක් හම්බුණා..දැන් ඉතින් තමුසෙට හෙන දුකයි නේ..අප්පට හොද වුණ එක ගැන නේද..! "
ජීයුන්ව වෙව්ලනවා..එක පැත්තකින් කෙල්ලගේ තුවාලේ වේදනාව නිසා කෙල්ලට අඩාගන්න ඕන වුණත් අඩාගන්න විදිහක් නෑ..එහෙන් ජීහී කියන වචන.."ඇයි ඔන්නී ඔයා ඒ විදිහට හිතන්නේ..ඒ මගෙත් අප්පනේ..! "
"දන්නවද මගේ ඔම්මා මාව දාලා ගියේ තමුසෙ නිසා ජීයුන්..නැත්නම් තාමත් එයා අපි ගාවනේ..! "
ජීහීගේ පැත්තෙන් ඒ තියෙන්නේ තමන්ගේ ඔම්මට තියෙන ආදරේ..එතකොට ජීයුනුත් ආදරෙයිනේ.."මියානේ "
ජීයුන් ගියේ තවත් එතන ඉන්න ඕනේ නැති නිසා..ඒ තරම්ම ඒ වචන දරුණුයි..________________________________________
"ජීයුන් මට ඔයා එක්ක කතා කරන්න ඕන..? "
"කියන්න ටේහියුන්ෂි..! "
පොතට අවධානේ දීගෙනම ජීයුන් කියද්දී ටේහියුන් කෙල්ලගෙන් පොත ඇදලා ගත්තා.."මම දන්නවා ජීයුනා මම ඔයාට රිද්දුවා..ඒත් මට සමාවෙන්න මම ඒ දවස්වල ඔයාව තේරුම් ගත්තේ නෑ මැණික..දැන් මම ඇත්තටම ආදරෙයි..චේබල් ජීයුනා..! "
"හහ් ආදරෙයි..ඔය ආදරෙයි කියපු ඔයාම නේද මට මාව කරදරයක්..පැත්තකට වෙලා ඉන්නවා වද දෙන්නැතුව ඉන්න කියලා කිව්වේ ආ..? ඉතින් මම ද ඔයාව රිද්දන්නේ දැන්..ඔයාලා ඔයාලා මහ ආත්මාර්ථකාමී..ඔයාට ඕන වෙලාවට මාව ලගට ගන්නයි මාව එපා වෙලාවට විසික් කරන්නයි මම සෙල්ලම් බඩුවක් නෙමෙයි ටේහියුන්ෂි..
චේබල් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..ඒකයි මම ඉල්ලන්නේ..මොකද මට තවත් ඈත් වීමක් දරාගන්න බෑ.."
ටේහියුන්ගේ අතේ තිබුණ පොත ගත්ත ජීයුන් ගියේ වේදනා දෙන තුවාලෙට ටීශර්ට් එක ඊඩින් අතක් තියාගන්න ගමන්..*
*
*
*
*
*
*
*
*
*ජීයුන් ගෙදර ආවේ ගොඩක් අමාරුවෙන්..මොකද කෙල්ලගේ තුවාලේ හරියට වේලිලා තිබුණේ නැති නිසා වෙලාවකට ඒකෙන් ලේ යන්න අරන් තිබුණා ..කෙල්ල ගෙදර සාලේට යනකොටම දැක්කේ ඇවිත් ඉන්න කට්ටියක්ව ..හැමෝගෙම අවධානේ ජීයුන් දිහාවට යනකොට කෙල්ල හැමෝටම හිනාවෙලා කාමරේට යන්න ගත්තා..
"කවුද අජුම්මා ඒ..? "
කාමරේට ආපු අජුම්මගෙන් කෙල්ල ඇහුවේ කවදාවත් ඒ අයව දැකලා නැති නිසා.."ඒ ඒ ජීහී බේබිව මැරි කරන්න ඉන්න කෙනාගේ ගෙදර අය..! "
"ම්වෝ..?? "
"ඔව් බේබි "
අජුම්මා එතනින් යද්දී කෙල්ල ඇස් පියාගත්තේ කදුලු වලට නිදහස දෙන ගමන්.."ඒ තරම්ම මාව එපා වෙලාද...?? "
_______________________________________
VOCÊ ESTÁ LENDO
I am sorry [ KTH ] ✔
Fanficසමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi MinJi' s Cover shop Start date - 2022.07.27 End date - 2022.08.05