Chapter 16

8.3K 723 93
                                    

" චූටී...ඔයා එන්නේ නැද්ද..?

" බෑ යීබෝ..ඔයා පදින්න..."

" අපේ එකාට ඕවා පදින්න බෑ පොඩි අයියේ...මූ ඉගෙන ගන්නයි රස්සා කරන්නයි ඇරෙන්න වෙන කිසි මඟුලක් කරන්න දන්නේ නෑ..." චෙන් කෑ ගැසුවේ කුවාන්ගේ අතේ එල්ලීගෙන snow board පදින ගමන් ය.

" චෙන්....කටවහා ගන්නවා...ගුටි කනවා මගෙන් දැන්..." යීබෝ කීවේ චෙන් වෙත තරවටු බැල්මක් දමමිනි.

" කියව කියව ඉන්න එකාට පුළුවන් වගේ කතාව..මගේ ඇගේ එල්ලිලා ඉන්නේ..."

" කුවන් එයාව වැටෙයි හයියෙන් අල්ල ගන්න..." ජාන් කීවේ කුවාන් දෙස බලමිනි.

ජාන්ගේ දෑස් තිබුණේම චෙන් ළඟ බව යීබෝ දුටුවේය.ඒ ඇස් චෙන් හා කුවාන් යන පසුපසම හරි කලබලයෙන් යද්දි ජාන් උන්නේ ඕනෑම වේලාවක චෙන් වෙත දිව යෑමට සූදානමෙන් ය.

" එයා මේ ලෝකේ හැමදේටම වඩා චෙන්ට ආදරෙයි..."

" වැටෙයි කියලා චෙන්ව අල්ල ගන්න පනින්න බලන් ඉන්න විදිහ..."

යීබෝ තමා සමඟම කතා කරමින් ජාන් දෙස බලා සුසුමක් පිට කලේය.

" මාත් එක්ක එතනට යමු චූටි...චෙන් ළඟින්ම ඉදිත හැකි..."

" ඒක හරි අනතුරුදායකයි...වැටුනොත් එහෙම..." ජාන් යීබෝ දෙස බලා කීවේය.

" මම ඉන්නවනේ යමු..."

" මට ඇති බයක් නෙවෙයි ඕයි කිව්වේ...මගේ මල්ලි ගැන..."

" අපේ අයියා එයාව හොඳට බලා ගනිවී මැණික...එන්නකෝ යන්න..."

" ගිහින් එන්න...චෙන් ළඟින්ම ඉන්න..."

" ඉතින් අපි දෙන්නම ඉමුකෝ..."

" යන්න...මෙතන ඉන්න බෑනේ පැය ගාණක්...අරයාටයි ඔයාටයි බඩගිනි වෙන්නේ එකම වෙලාවට..යන්න ඊට කලින් පැදලා එන්න.."

" මටත් එයාලා වගේ ඔයාට තුරුල් වෙලා පදින්නනේ ඕනි..." යීබෝ කීවේ මූණ බෙරි කරගෙනය.

" යමූ..." ටික වේලාවක් යීබෝ දෙස බලා සිට කී ජාන් ඉදන් උන් තැනින් නැගිට්ටේය.

"ඕම ඉන්න මේවා දාන්න..." යීබෝ කීවේ ජාන් අසළ දණ ගසාගෙනය.

ජාන් නැවත වාඩි වෙද්දි යීබෝ ජාන්ගේ කකුල් වල රෝද සපත්තු පළඳවන්නට විය.

Idol's Husband  (Zhanyi)(21+)Where stories live. Discover now