සතියක් ගෙවි ගියේ ජාන් හා යීබෝ දෙදෙනාවම කාර්යබහුල කරමිනි.ජාන් බොහෝ සෙයින් business අස්සේ හිර වූවේය.යීබෝ නම් කොහේ ගියත් හවස 5ට පෙර නිවසට ඒමට වගබලා ගත්තේය.
උදේම නැඟිටින යීබෝ තමාගේ බද වටා එති තිබෙන ජාන්ගේ අත අයින් කරන්නෙ ප්රවේශමිනි.ජාන්ගේ උදෑසන හා දහවල් ආහාර වේල සකසන යීබෝ ජාන්ගේ ඇදුම් ද සකසා තබා උදෑසන අට වන විට පිටත්ව යන්නේ තවමත් සුව නින්දේ පසුවන ජාන්ගේ නළලට පරිස්සමට හාදුවක් තබමිනි.
යීබෝ හවස 5 වීමට පෙර ගෙදර ආවත් ජාන් එන්නේ පාන්දර තුන හතරත් පසු වීය.අවස්ථාව ලබෙන සෑම අවස්ථාවකම ජාන් ඒ පිළිබඳව යීබෝගෙන් සමාව ඉල්ලුවේ අතොරක් නැතිව යීබෝව සිප ගනිමිනි.
ගත වූ සතියේ හිටි ගමන් යීබෝ shooting කරන තැනට කඩා වදින ජාන් දහසකුත් දෙනා බලා සිටියදී යීබෝගේ කොපුල් මිරිකමින් සියවතාවක් පමණ සිපගෙන නිහඩවම පිට වී යයි.ජාන්ට යීබෝව සිප ගැනීමට අවැසි වූ විට තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැත.සමහර දින වල තුන් හතර වතාවක් ජාන් යීබෝ සොයා පැමිණෙන්නේය.
" යීබෝ..."
" ම්ම්ම්..."
" ඔයා අසනීපෙන්ද..?" ජාන් ඇසුවේ එලෙස යීබෝ බැලීමට ආ අවස්ථාවකදීය.
" අහ්...න්...නෑ...ඇයි චූටි එහෙම අහන්නේ..." යීබෝ ඇසුවේ බියෙනි.
" නෑ ඔයා තෙහෙට්ටු පාටයි...අනික අද බාත් රූම් එකේදි ඔයාට වමනේ ගියානේ..?"
" අහ්..මං ඔයාට කිව්වනේ චූටි දත් මදිද්දියි එහෙම උනේ.."
" ඔයා ටික දවසකට rest කරොත් නරකද සුදු..ඔයා අසනීපෙන් වගේ..."
" මේ අන්තිම shoot එක බබා..ආයේ කාලෙකට මං no shooting , no practice ,no consert..."
" ඇයි ඒ..?"
" අවුරුද්දකට විතර field එකෙන් අයින් වෙනවා චූටි..ඔයා සෑහෙන busy...මං දැන් ටිකක් අපේ family එකට අවදානේ දුන්නා නම් හොඳයි නේ..මෙහෙම ඔහේ ජීවත් වෙලා බෑනේ..."
" වෙනම මොනාද බලන්න ඕනි යීබෝ..ඔයා මේ බලන තරම ඇති නේ..ඔයා ආස දේවල් අත්හරින්න එපා.."
" එහෙම නෑ චූටියෝ..මට දැන් ටිකක් නවතින්න ඕනි හිතුනා.."
" හ්ම්..කැමැත්තක්...අදවත් dinner එකකට එළියට යමුද යීබෝ..."

YOU ARE READING
Idol's Husband (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**