Chapter 65

7.3K 591 77
                                    

" සර්..පුතෙක්..."
ජාන් වූවේ සූතීකාගාරයේ දොර අසල කලන්තේ සෑදී වැටෙන්න ඔන්න මෙන්නය.ජාන්ගේ මව පියා මෙන්ම යීබෝගේ මව හා පියාද ඔහු අසළින්ම උන්නේය.ශුවාන් මුලින්ම ජාන්ව වැළඳ ගත්තේ සැනසුම් සුසුම් හෙලමිනි.

" Congratulations ජානා..."

වචනයක් හෝ නොකී ජාන් බිත්තිය දිගේ රූටා ගොස් බිම ඉද ගත්තේ ඉකිගසා හඩමිනි.

" යී..බෝ..." ජාන් අවසානයේ හෙදිය දෙස බලා යීබෝ පිළිබඳව ඇසුවේය.

" දරුවයි අම්මයි දෙන්නම හොදින් සර්...අම්මාට සිහිය එයි ටිකකින්...සර්ට ඕනි නම් ඇතුලට එන්න පුළුවන්.."

" පුතේ යන්න..." Mr.wang කීවේ ජාන්ගේ පිටට තට්ටුවක් දමමිනි.

ගත වී ගිය පැය පහා හය ජාන් ගත කලේ කෙලෙසදැයි සියල්ලෝම දුටුවේය.යීබෝ වේදනාවෙන් කෑ ගසන හැම මොහොතකම ජාන්ද වේදනාවෙන් ඇඹරුනේය.නොවදින දෙවියන් යැද්දේය.වරෙක නිහඩවම හැඩුවේය.වෛද්‍යවරුන්ට කෑ ගැසුවේය.අවසානයේ දෑත් එක්වර වැන්දේය.

ජාන් කාමරයට ඇතුළු වන විට ශුවාන් බින් හට ඇමතුමක් ගත්තේය.

[Phone conversation :

" daddy...ගාගාට කොහොමද..?අපේ ජාන් හොදින්ද..?" ශුවාන් හෙලෝ කියන්නටත් පෙර බින් ඇසුවේ කලබලයෙනි.

" පැටියා හම්බ උනා බබා...පුතෙක්..ගගා හොඳින්..."

" දෙවි පිහිටයි...අපේ ජානා කෝ..."

" ඌත් මෙතන දරුවෙක් නොවදපු එක විතරයි ..දැන් නම් ශේප්..ඇතුලට ගියා..ප්‍රින්සස් කෝ..."

" ඒකි ඉතින්..අප්පච්චි අප්පච්චි කියා ගත් ගමන්මනේ ඩැඩා...අම්මි මල්ලි බබෙක් ගේන්න ගියා අප්පච්චි අම්මි ගේන්න කිකියා ඉන්නවා..දෝණි පව්..අප්පච්චි නෑත කියලා අහනවා..චෙන් පැටියගේ කොණ්ඩෙනුත් ඇද්දා සැරයක්..දැන් තමා දෙන්නම නිදා ගත්තේ...චෙනුයි මමයි මේ උයන්න කියලා බැලුවේ..කුවාන් ගාගා ඔහෙට එයිද මෙහෙට එයිද දන්නේ නෑ..."

" කුවාන් ඔහේ ආවොත් තෝ ඌ එක්ක හැමිනෙන්න යනවා එහෙම නෙවෙයි..ප්‍රින්සස්ව හරියට බලා ගනින්.."

" හරි හරි බං...මං තිබ්බා..."

End]

කාමරයට ඇතුළු වූ ජාන් යීබෝ දෙස බැලුවේය.ඒ කොපුල් කඳුලින් තෙත් වීය.නමුත් ඒ මුණේ විශාල සැනසීමක් සනිටුහන් වී ඇති අයුරු ජාන් දුටුවේය.

Idol's Husband  (Zhanyi)(21+)Where stories live. Discover now