Chapter 40

8.7K 680 113
                                    

යීබෝ හදිසියේම ඇද
යීබෝ හදිසියේම ඇද හැලෙන්නට ගත් වැස්ස දෙස බලා උන්නේය.වතුර බිදු යීබෝගේ සිරුරටත් වැටෙද්දි ඔහු ඔහේ ඒ දෙස බලා උන්නේය.

දෑසීන් කඩා හැලෙන කඳුළු කම්බුල් දිගේ පහළට රූරද්දි ඒ කඳුළු සමග මුහුණට වැටෙන වැහි බින්දුත් එකතු වෙද්දි යීබෝ සුසුමක් හෙලුවේය.

ඔහු ඔහුගේ රතු පැහැයට හුරු වූ රෝස පැහැ කම්බුලක් පිරිමැද්දේය.

"ඒවා ඉස්සර තරම්ම සිනිදු නැතිවෙලාද..?"

"දැන් ඒවා පිරිලා නැතිද..?මගේ කම්බුල් වල ගැහිලද..?"

" ඒවා දැන් රෝස පාට නැද්ද..?"

" චූටිට දැන් මාව ඉඹින්න හිතෙන්නේ නැත්තේ ඒකද..?ඒත් ඉතින් කණ්ණාඩියෙන් බැලුවම එහෙම අවුලක් නෑනේ..."

" මට පාළුයි හැමෝම මාත් එක්ක තරහා වෙලා.."

Flashback
~~~~~~~~
යීබෝ උන්නේ සින්දුවකට melody එකක් දමමිනි. බෙල් එක දෙතුන් පාරක් වදිද්දි යීබෝ ඉක්මන් ගමනින් නැගිට ගොස් දොර ඇරීයේය.

" බින්...බෙල් කර කර ඉන්න ඕනිද දරුවෝ දොර ඇරගෙන එන්න එපැයි..." යීබෝ කීවේ කට ඇද කරමිනි.

" එහෙම ඕනි නෑ ගාගා...මං ආවේ ගාගාට කතා කරලා යන්න.."

" කොහෙද යන්නේ..?"

" මමයි ශුවානුයි දෙන්නම යනවා ගාගා.."

" මොකක්ද ප්‍රශ්නේ..?" යීබෝ ඇසුවේ පුදුමයෙනි.

" ජාන් හිත හොදින් නැ අපි එක්ක..දැන් අපිත් එයාගේ සේවකයෝ විතරයි..ඉතින් ගාගා..යාළුකම් දැන් නැති නම් යාළුකමට දුන්න ඒ ගෙදරත්..."

" මල්ලි...අනේ ප්ලීස් ඔහොම කතා කියන්න එපා..එයා තරහෙන් ඉන්නේ තව ටික දවසයි..ඔයාලා යාළුවෝ..යාළුවෝ එහෙමයි නේ.."

" නෑ ගාගා. දැන් සතියක්..පුංචි කාලේ ඉදන් හැමදාම ගෙව්නේ එකට..රණ්ඩු වෙන්වා..ඒත් ඒවා දවසකට වඩා ඇදුනේ නෑ...මේක අනික රණ්ඩුවක් නෙවෙයි.."

" මල්ලී...අනේ..."

" නෑ ගාගා...අපි ඔක්කොම උගේ හිත කැඩුවා..ඒක අකමැත්තෙන් උනත් අපි දෙන්නා කලා..අන්තිමට ශුවාන්ටයි මටයි අපි දෙන්නාට තිබ්බ වටිනම දේ නැති උනා..හෙට උදේ අපි දෙන්නා යනවා..."

Idol's Husband  (Zhanyi)(21+)Onde histórias criam vida. Descubra agora