Chapter 47

4.9K 514 77
                                    

"සුදු නෝනා.. "

" හුස්ම ගන්න මගේ වස්තුවේ..."

" සුදු නෝනා...මට බයයි.."

යීබෝගේ හුස්ම වැටෙන්නේ ඉතා සෙමිනි.

" මෙහේ ඉන්න හොඳම doctorsලව ගෙන්නන්න...විනාඩි 10ක් ඇතුලත...එකෙක් හරි නාවොත් මං උන්ව මරනවා...සේරම ගෙන්නන්න...මගේ flight යවන්න.."

යීබෝගේ පියා වූ Mr.Wang හොස්පිටල් එකම දෙවනත් වෙන්න බෙරිහන් දෙද්දී සේවකයන් සීසීකඩ දිව ගියේය.

" සර්...එළියෙන් ඉන්න..." යීබෝගේ අත තදින් අල්ලාගෙන උන් ජාන්ට වෛද්‍යවරයෙකු කීවේය.

" මට එයා ළඟ ඉන්න දෙන්න ප්ලීස්..."

" සර් ප්ලීස් එළියෙන් ඉන්න..."

යීබෝ හුස්ම ගන්නේ මැෂින් ආදාරයෙනි..ඔක්සිජන් mask එක නිසා කෑ ගහා ගැනීමට බැරිව දගලන යීබෝ දෙස ජාන් බැලුවේ වේදානාවෙනි.

" හුස්ම අල්ලන් ඉන්න සුදු නෝනා..හුස්ම අතහරින්න එපා..මට ඉන්නේ උඹ විතරයි නේ..අපි ryderගේ කොණ්ඩේ ගොතන්න ඕනිනේ...නේද..?හුස්ම ගනින් මගේ වස්තුව..."

" ද...දරුවා..." හෙදියක් යීබෝගේ ඔක්සිජන් mask එක ඉවත් කරද්දි යීබෝ මිමිණුවේය.

" දරුවා නෙවෙයි මට උඹයි ඕනි සුදු නෝනා..හුස්ම අල්ලන් ඉන්න මැණිකේ.."

" මට....ම..මට...හරීයට රිදෙනවා චූටියෝ...ම...මගේ මගේ ඇටකටු කැඩෙනවා අහ්හ්හ්හ්...චූටී..." යීබෝ කොන්දෙන් එසවෙමින් කෑ ගසද්දි ජාන්ගේ හදවත එක තැන නතර විය.

" ඕක එළියට ගන්න වෙන විදිහක් නැද්ද..?"

" සිසර් කරන්න බෑ සර් දරුවා භාගයක් දුර ඇවිත් නිසා...naturalම එන්න දෙන්න වෙනවා..."

" යීබෝව බේර ගන්න...මට ඕනි එච්චරයි..."

යීබෝට වඩා දරුවා එළියට එනතෙක් දින ගැන්නේ ජාන් ය.යීබෝට වඩා දරුවා ගැන හීන බැලුවේ ජාන් ය.නමුත් හිතේ දුක මේතාක් යැයි කියා ගත නොහැකිව අසරණ වීය.

" බය වෙන්න එපා සර්..එයා දැන් critical situation එකෙන් එළියට ඇවිත් තියෙන්නේ.."

" යීබෝව බේර ගන්න..."

කාමරයෙන් එළියට පැම්ණි ජාන් දොර ළඟම බිම ඉද ගනිද්දි සියළු දෙනාවම ඔහුව වට කර ගත්තේය.

නුඹට පමණයි (Zhanyi)(21+)Tahanan ng mga kuwento. Tumuklas ngayon