ඔයාලා හැමෝම මාව දන්නවත් ඇති.... මම කිම් ටේහ්‍යුන්ග් ..... කොරියාවේ k pop industry එකෙ උඩින්ම ඉන්න BTS සංගීත කාණ්ඩායමේ vocallist කෙනෙක් . ඔයාලට මාව ප්‍රසිද්ධ ආදරණීය චරිතයක් ..... ඒත් මං විතරයි දන්නේ මං කොයි වගේ කෙනෙක් ද කියලා .....
අපි හැසිරෙන විදිහෙන් මනුස්සයෙක්ගේ හිතේ කොච්චර ප්‍රතිරූපයක් මවන්න පුලුවන් ද? මට දැන් ඒක හොදට තේරෙනවා..... මගේ හිනාව ඒක මගේ ආමිලට ඇත්තක් වුනාට මට ඒක ඇත්තක් නෙවෙයි..... අවුරුදු ගාණකින් මං හදවතින් හිනා වෙලා නෑ.... මගේ හියුන් ලා , මගේ සෝල්මේට් , මගේ පුංචි හා පැංචා එයාලා ඔක්කොම හිතන්නේ මගෙන් පේන්නේ මගේ ඇත්ත හිනාව කියලා .......
ආමිලා කියන දේ හරි මං ඒලියන් කෙනෙක් ...... මගේ හැගීම් මටම තේරුම් ගන්න බෑ..... මං ඉන්නේ දුකින්ද සතුටින් ද කියලා වත් මට තේරෙන්නේ නෑ .....
මම කුකීගේ ටේ හියුන් , හියුන්ලගේ ටේ , මගේ සොල්මැට්ටා මෝචී ගේ ටෙයි ටෙයි, ආමිලාගේ ටේ ඔප්පා ......ඒත් ඇත්තටම මං කවුද..... මම ඒක තාම හොයනවා.....
මං දැන් ජීවත් වන ජීවිතේ වෙනුවෙන් මං ඉස්සර ගොඩක් හීන දැක්කා..... මං දැන් ඒ හීනේ හැබෑ කරගෙන ..... මගේ සහෝදරයෝ පස් දෙනා එක්ක....
මං දන්නවා ඔයාලට ප්‍රශ්නයක් එයි මං හැර තවත් හය දෙනෙක් ඉන්නවා නේ කියලා ..... ඒත් අනිත් කෙනා එයා මගේ සහෝදරයෙක් නෙවේ .... මට එයාව සහෝදරයෙක් විදිහට පිලිගන්න මගේ හිත මට ඉඩ දෙන්නෙ නෑ......
මට ඒ හැගීම නවත්ත ගන්න බෑ..... අවුරුදු ගානක්ම මට සහෝදරයෙක් වගේ දැනුණු එයා එකපාරට ම සහෝදරයෙක් ට වඩා එහා ගියපු හැගීමකින් මට දැනෙන්න ගත්ත .... මට තේරෙන්නේ නෑ ඇයිද ඒ කියලා .....
ටේ හියූන්....
ඔය ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නේ මගේ පුංචි මල්ලි.... කුකී....මගේ පුංචි මල්ලි , අවුරුදු 17 න් ගෙදරින් ආපු මට නැතිවුණු නංගිගෙයි මල්ලිගෙයි බැදිම මට දැනුනෙ කුකීගෙන් .... එයා තමයි මගේ හුරතල් හා පැංචා ,මගේ පුංචි මල්ලි කුකී...ඒත් එයා දැන් ලොකු මිනිහෙක්..... ඒත් හැමදාටම මට එයා මගේ පුංචි මල්ලිමයි....
මේ එනවා කුකී....
මේක නිකම් මගේ ඔලුවට ඇවිල්ලා ලියන්න පටන් ගත්ත කතාවක්..... හොදයිද නම් දන්නේ නෑ .... මං හිතනවා මේ කතාවත් ඔයාලා මගේ කලින් story එක sacrifice love story එක වගේම රසවිදියි කියලා ....
Kim Ari 🌺
YOU ARE READING
ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }
Fanfiction" 𝙸 𝚏𝚎𝚕𝚕 𝚏𝚘𝚛 𝚢𝚘𝚞 𝚊𝚗𝚍 𝙸 𝚊𝚖 𝚜𝚝𝚒𝚕𝚕 𝚏𝚊𝚕𝚕𝚒𝚗𝚐 " ~ Main ship ~ 🌹 Top- 👀 [ 𝕀𝕥 𝕚𝕤 𝕤𝕖𝕔𝕣𝕖𝕥 ] Bottom - Taehyung ~Sideship ~🌷 Top - jhope Bottom - jimin BL 🏳️🌈 Short chapters 💕 Just a fanfiction 💫 Don't copy my...