54 14 10
                                    

මගේ හදවත බර වෙලා ....... හැමදාමත් මගේ හැගීම් මගේ හිත අස්සේ හංගම් ඉදලම දැන් මට මහන්සි ..... ඒත් මගේ හැගීම් කියන්න මට හයියක් නෑ..... මම කිව්වත් එයා මට කැමති නැති වෙයි..... ඉතින් ..... ඉතින් මට පුලුවන් වෙයිද ඒ ප්‍රතික්ෂේප වීම දරාගන්න....

ඒත් මේ හැගීම හංගන් ඉදලා විදවන්නේ මමමයි.... මම අද මගේ හැගීම් කොහොම හරි යුන්ගි හියුන්ට කියනවා.... මට බෑ මේක තවත් හංගන් ඉන්න ....... ඔව් මං දැන්ම කියනවා......

මම පල්ලැහැට යනකොට හියුන්ලා හතර දෙනා වගේම කුකීයි චිමීයි දෙන්නත් හිටියා..... හියුන්ලා හතර දෙනයි කුකීගේ හිටියේ කලබලෙන්.... ඒත් මං දිහා බලපු චිමී ගේ මූණේ පුංචි හිනාවක් ඇදිලා තිබ්බා.......

ඇයි මේ ඔක්කොම කලබලෙන්..... මගේ හිත ට පුංචි අමුත්තක් දැනුනා..... මං පඩිපෙළ බැහැලා සාලෙට යනකොට හැමෝම බැලුවේ අමුතු විදිහට ..... ඒත් ඒ ඇයි..... දැන්නම් මට කියන්නත් බයයි වගේ......

යුන්ගි හියුන් මං දිහා බැලුවෙ අමුතු විදිහට ..... ඒ බැල්ම අස්සේ බයක් එක්කම නොසන්සුන්කමක් තිබ්බා..... ඒත් ඒ ඇයි..... වැරදිලාවත් .... වැරදිලාවත් එයාලා මගේ හැගීම් ගැන දැනගෙනද..... මං ඉතින් එයාලා දන්නවනම් මට කොහොමත් දැන් කියන්න පුලුවන් ..... ඔව් මං දැන් කියනවා ඒ හැමෝම ඉස්සරහදි මං යුන්ගි හියුන්ට ආදරෙයි කියලා ......

හියුන්.....

ටේ මුකුත් ම කියන්න එපා ....

ඒත් ....ඒත් ඇයි හියුන්

යුන්ගි හියුන් කතා කරපු විදිහට මට බය හිතුනා..... මගේ හැගීම එයා දැනගෙන එයාට ඒ ගැන තරහ ගිහිල්ලවත්ද.....

ඔයා මුකුත් ම කියන්න එපා .... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා

මො.....මොකක්ද හියුන්

මට මේක ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න ඕනි වෙලා තිබුනා.... ඒත් ..... ඒත් මං බය වුනා ..... මට මේක තවත් හංගන් ඉන්න බෑ.....

මොකක්ද හියුන්

මං .....මං ඔයාට ආදරෙයි ටේ..... මං ඔයාට ගොඩක් ආදරෙයි ...... මං දන්නේ නෑ ඒක කොයිවෙලේ ඇති වුනු හැගීමක් ද කියලා ....... මං ඒක නවත්වන්න හැදුවත් මට ඒ හැගීම නවත්තගන්න බෑ....... මං මේ හැගීම ගොඩාක් කල් හංගන් හිටියා..... ඒත් මට තවත් මේක හංගන්න බෑ ටේ.....

හි....හියුන් ඔයා කියන්නේ ...... ඔයා කියන්නේ ඔයා මට ආදරෙයි කියලා ද

ඔව් ටේ ..... සමහරවිට ඔයා මට ආදරේ නැතුව ඇති ..... ඒත් ටේ මං ඔයාට ආදරෙයි .....

හියුන් .... හියුන් මාත් ඔයාට ආදරෙයි හියුන් .....

මො......මොකක් ටේ

ඔව් හියුන් ටේ ඔයාට ගොඩක් කාලෙක ඉදනුයි ආදරේ කලේ..... එයා ඒක ඔයාට කියන්න බය වුනා ......

ටේ..... චිමී කියන දේ ඇත්ත ද....

ඔව් හියුන්..... මං හැමදාමත් ආදරේ කලේ ඔයාට විතරයි ..... I love you yoongi hyung

I love you too මැණික .....

මට විශ්වාස කරන්න බෑ ..... මගේ හියුන් මට ආදරෙයි ..... මං හැමදාමත් පතපු ආදරේ අද මගේ වෙලා .... ආත්තම්මේ ඔයා මට කිව්ව විදිහට ම මගෙයි මගෙ හියුන්ගෙයි ජීවිත රතු නූලකින් බැදිලා....
ඔයා කිව්ව විදිහට ම මට මගේ ආත්මය බැදුනූ මගේ  ආදරය හම්බ වුනා....

                අන්තිමට මගෙ ආදරෙ මගේම උනා...රතු නූල මිත්‍යාවක් වෙන්න ඇති ඒත් මට අනුව ඒක ඇත්තක්...කාලෙකට පස්සෙ මම නිදහසෙ හුස්ම ගන්නවා... වෙනදා වගේම නිදහසේ මගෙ හියුන්ලා එක්ක මගෙ හැඟීම් බෙදාගන්නවා....... එයා මගෙ දිහා ලස්සන හිනාවකින් බලාගෙන ඉද්දී......

එහෙනම් මේ කතාවත් ඉවරයි 🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එහෙනම් මේ කතාවත් ඉවරයි 🥀...... ඇත්තටම මම මුලින් හිතන් හිටපු දේ නෙවෙයි මගේ අතින් ලියවුනේ..... මට මේක ගැන මුලින්ම අදහසක් ඇති වුනේ ෆොටො එකක් දැකලා ...... පස්සේ මං ඒ ගැන හොයල බැලුවම තමයි දැනගත්තේ ආදරේ ගැන කියවෙන චීන මිත්‍යා විශ්වාසයක් වුනු red thread එකගැන..... ඔයාලත් කැමති නම් ඒක ගැන හොයලා බලන්න..... 😊 මං හිතනවා ඔයාලා මේක රසවින්දා කියලා .... මේක ලියන්න මාව දිරිගන්වපු මගේ හොඳම යාලුවා  සහ මගේ soulmate parkjiseripට ගොඩක් ස්තූතියි ..... එ වගේම අන්තිම වෙනකන් මේ කතාවට vote කරපු comment කරපු ඔයාලා හැමොටම ත් ගොඩක් ස්තූතියි .....🥺

Kim Ari 🌸

ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }Where stories live. Discover now