45 14 2
                                    

මට මේක තවත් හංගන් ඉන්න බෑ..... ඒත් මං මේක කාටද කියන්නේ ......මං මගේ හැම රහසක් ම කියන්නේ චිමීට..... ඒත් අද මට චිමීටවත් ඒක කියන්න බෑ......මොකඳ....මොකද මට හිතෙනවා ජිමිනාහ් ආදරේ කරන්නෙත්..... එයාට කියලා .....

ඒක වැරදිලාවත් ඇත්තක් නම් මං කවදාවත් එයාගේ සතුටට බාධාවක් වෙන්නේ නෑ..... මට මගේ සතුටට වඩා මගේ චිමීගේ සතුට වටිනවා.......

ටේ......

චිමී.....

ඔව් ඒ ජිමින් , මං මොකක් හරි ප්‍රශ්නයක නම් අනිවාර්යයෙන්ම එයා මාත් එක්ක ඉන්නවා ..... මං කිව්වේ නැතත් එයාට මං ගැන දැනෙනවා ..... චිමී ගේ මූණ අමුතුයි .... වැරදිලාවත්.... වැරදිලාවත් එයා මගේ රහස දැනගෙනද .... නෑ ඒක වෙන්න බෑ.....

ටේ..... කොයි ලෝකෙද මනුස්සයෝ ඉන්නේ..... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා

ජිමින් ගේ කෑගැහිල්ලට මගේ කන් බෙරෙත් පිපිරුවාද කොහෙද..... මේ ජිමිනාහ් ට ඉතින් හිමින් කතාවක් නෑනේ.... අයිශ් ...... මට එයාගේ මූණ බලන්න වත් බෑ.... ආපවූ හූතියයිද දන්නේ නෑ.....

කියන්න චිමී

ටේ ...... මං.....මං

ඔව් ජිමින් කියන්න

එයා ගොත ගහ ගහ කිව්ව විදිහට මගේ හදවත හිර වුනා වගෙයි දැනෙන්නේ ....... මම එයාට කියන්න හිටපු දේමද චිමී මට කියන්න යන්නේ....

මං .... මං.... කෙනෙක් ට ආදරේ කරනවා

මගේ හදවත නතර වුනා වගේ.... ජිමින් ආදරේ කරනවලු.... එයත් ආදරේ කරන්නේ මං ආදරේ කරන කෙනාටමද ....

කාටද චිමී.....

ඔව් මගේ හදවත ගැහෙනවා.... ඒත් මං එහෙම ඇහුවේ මට ඒක දැනගන්න ඕන නිසා ..... ඒත් .... ඒත් එයා ආදරේ කරන්නේ මං ආදරේ කරන කෙනාටමනම්.....

ටේ .... මට මේක ගොඩක් කල් ඉදන් ඔයාට කියන්න ඕනි වෙලා තිබ්බේ....

බෑ මට මේක අහන්න බෑ.... ඒත් ....

කියන්න චිමී ....

මං..... ආදරේ කරන්නේ ..... හොබී හියුන්ට.....

මට .... මට මේක විශ්වාස කරන්න බෑ .... ඒ කියන්නේ ..... ඒ කියන්නේ ජිමින් ආදරේ කරන්නේ හොබී හියුන්ටද....

මො.....මොකක් ජිමින් .... ඔය ඇත්තමද ......

ඔව් ටේ.....

ඔයා හොබී හියුන්ට කිව්වද....

නෑ ටේ මට බයයි ...... එයා මට ආදරේ කරන්නේ නැතුව ඇති ටේ......

මගේ චිමීත් මං වගේමයි..... තමන්ට ආදරේ කරනවාද කියලා දන්නැතුවම ආදරේ කරනවා..... මගේ ආමිලා , මගේ හියුන්ලා ,මගේ හා පැංචා ඒ ඔක්කොම කියනවා ජිමිනාහ් යි මායි එක වගෙ කියලා ..... ඒත් අද තමයි මං ඒක හරියටම තේරුම් ගත්තේ ....

ඔව් අපි දෙන්නා ලේ බැදීමෙන් සහෝදරයෝ නෙවෙයි ඒත් අපි දෙන්නා ආත්මයෙන් සහෝදරයෝ..... යාලුකමට එහා ගිය හරි ම ලස්සන බැදීමක් අපි අතර තියෙනවා .....

හැබැයි මං ඒක හරියටම තේරුම් ගත්තේ අද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැබැයි මං ඒක හරියටම තේරුම් ගත්තේ අද..... මගේ ච්මීත් මං වගේ ලැබීමක් නොපතාම ආදරේ කරනවා..... මං මේක තවත් රහසක් වගේ තියාගන්නේ නෑ.... මං චිමීට කියනවා මගේ රහස.....

ජිමින් ඔයා හොබී හියුන්ට කියන්න ඔයා එයාට ආදරෙයි කියලා .....

මට බයයි ටේ.....

බය වෙන්න එපා ජිමිනාහ් .... ඔයාගේ ටේ ඔයත් එක්ක ඉන්නවා .....



කොහොමද අද එපිය 👀 ...... හොබී ජිමිනාහ් ට කැමති වෙයිද...... ටේ ආදරේ කරන්නේ කාටද..... පුලුවන් නම් ගෙස් කරන්න මගේ රීඩර් බබාලා ටික 🥺 එහෙනම් මං ගියා

Kim Ari 🌺

ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }Where stories live. Discover now