60 15 2
                                    

මගේ පුංචි බනියා යි , හියුන්ලා යි ,චිමී යි ඔක්කොම පල්ලැහැ තට්ටුවේ.... හරියට පිස්සො ටිකක් වගේ කෑගහන්නේ.... මෙහෙම කිව්වට මාත් එහෙමයි කියලා මං දන්නවා ..... ඒ හයදෙනා වෙලාවකට පොඩි ළමයි වගේ......

පොඩි කාලෙන්ම ගෙදරින් පිටවුනු මට ආරක්ෂාව , ආදරය ලැබුණේ ඒ හයදෙනාගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොඩි කාලෙන්ම ගෙදරින් පිටවුනු මට ආරක්ෂාව , ආදරය ලැබුණේ ඒ හයදෙනාගෙන්...... අපි හැමෝම අම්මෙක් වගේ බලාගන්න ජින් හියුන් .... තාත්තෙක් වගේ අපිව රැකගන්න ජූන් හියුන්, ලස්සන හිනාවකින් අපේ දවසම ලස්සන කරන හොබී හියුන්, මාත් එක්කම පිස්සු නටන මගේ සෝල්මේට් ජිමින් , පොඩි බබෙක් වගේ දගලන කුකී වගේම ආදරෙන් පිරිච්ච නිහඬ චරිතයක් වුණ යුන්ගි හියුන් ......

මේ තමයි මගේ පවුල....මං වැටිච්ච හැම මොහොතක ම මාව ශක්තිමත් කරපු මගේ පවුල..... ඒත් මාව ශක්තිමත් කරපු ඒ ලස්සන පවුල ඉස්සරහට යන්න මට ශක්තියක් නෑ.....

ඒගොල්ලෝ ඉදිරියට ගියාම මගේ හැගීම් එලියට එයි කියලා මට බයයි..... ජීවිතේ කිසිදවසක කිසිම දෙයක් එයාලට නොහංගපු මම අද එයාලගෙන් මගේ හැගීම් හංගනවා..... මට මේක තවත් හංගන්න බෑ.....

ඒත් ඒගොල්ලෝ මේක දැනගත්තොත් අපේ බැදීම කැඩිලා යයි කියලා මට බයයි...... නැ මං ඒක එයාලට කියන්න බෑ ......

ඒයි ටේ මෙහෙ එන්න.....

ජිමින් මාව හියුන්ලා ගාවට ඇදගෙන ගියා මං වෙනදා වගේම අදත් බොරුවට මූණට හිනාවක් අරගත්තා..... මට බෑ මේක තවත් දරාගන්න .....

ටේ ඔයා ප්‍රශ්නෙකද?

නෑ හියුන්

මූණ ට හිනාවක් අරන් මං කිව්වෙ මං ප්‍රශ්නයක ඉන්නවා කියලා දැනගත්තිත් එයාලා දුක් වෙන නිසා......ජින් හියුන් ට මගේ පුංචි ම වෙනසක් වුනත් අදුන ගන්න පුලුවන් ..... වෙනදා මගේ හැගීම් ඔක්කොම මම කියන්නේ මගේ ජින් හියුන්ට..... ඒත් අද මට එයාට ඒක කියාගන්න බැරුව හංගන්න වෙලා ..... මට සමාවෙන්න හියුන්....
ඔයා ඒක දවසක දැනගත්තොත් මං මේක හැංගුවේ ඇයි කියලා ඔයා මට අනිවාර්යයෙන්ම සමාව දෙයි.




කතාව boring ද මන්දා 👀 .....
ඊලගට මොනා වෙයිද කියලා මං වත් දන්නේ නෑ ....😪
ඔයාලගේ අදහස් මට කියන්න 🥺

Kim Ari 🌸

ͲᎻᎬ ᎡᎬᎠ ͲᎻᎡᎬᎪᎠ 🌹[ Tae...👀...] [Jihope] { Completed }Where stories live. Discover now