_Outher_
සෙන්හස් වගේ ම යෙවිදු ඔපීඩි එකේ වැඩ පටං අරං සතියකුත් ගෙවිලා තිබුනා. එතන හිටිය ගොඩක් අය මේ යාලුවො දෙන්න එක්ක ෆිට් වුනත් කුලනි නං අමුතු ම චරිතයක් වුනේ කොල්ලො දෙන්නටත් එයාගෙ අමුතු අමුතු කැපිලි නිසා එයාව එපා ම වෙලා යද්දි.
ගොඩක් වෙලාවට යාලුවො දෙන්නගෙ රාජකාරිය වුනෙ තමන්ගෙ ඩොක්ටර්ට පස්සෙන් එහාටයි මෙහාටයි යන එක වුනත් ඒ දෙන්නා ඒක කැමැත්තෙන් ම කලේ ඩොක්ටර්ස්ලා දෙන්නා ගොඩක් ෆ්රෙන්ඩ්ලි වුන නිසා.
________________________
_Senhas Pov_
මං හිටියෙ ඩොක්ටර් එනකං ඩොක්ටර්ගෙ කැබින් එකට පොඩි ක්ලීනප් එකක් දානගමන්. මොකද මේ යකා, උදේ පාන්දර මට වරෙං කිව්වට ඔය යකා එන එකක් යැ....
මම ෆයිල්ස් පිරිලා තියන රාක්කෙ උඩම තට්ටුවෙ තිබුන ෆයිල් එකක් අතට ගන්න ගියෙ ඒකෙ ඇතුලෙ කොල ටික එලියට වැටෙන සයිස් එකට තිබුන නිසා.
කොහෙද ඒත් මේ කොට ජීවිතෙත් එක්ක බෑනෙ..... මගුල... නෑ.. නෑ.... මං උසයි. ඩොක්ටර් හේශ් මට වඩා උසයි. හි හි.... ගැලපෙන් නෑනෙ.... කමක් නැ...
වෙන පුටුවක් නැති එකෙ ඩොකාගෙ කැරකෙන පුටුව අරං සපත්තු ගලෝලා නමෝ විත්තියෙන් ඒකට කකුල තිබ්බෙ පුටුවටත් වැද වැද... ඒත් කර්මෙ බලවත් කියන්නෙ, නැගලා ෆයිල් එක අතට ගද්දිම කැරකුනේ නැතෑ ඒසා පුටුව, ෆයිල් එක බිම, කොල උඩ, මං.......
පොඩ්ඩක් ඉන්න..... පොඩ්ඩක් ඉන්න.....
මං කොහෙද ?
" සෙනූ ඔයාට අව්ලක් නෑනෙ "
ගැඹුරු කටහඩත් එක්ක හිමින් හිමින් ඇස් ඇරලා බලද්දි මං හිටියෙ ඩොක්ටර්ගෙ අත් දෙක උඩ... එයා බය වෙලා වගේ... ඇහි බැමි එකට යා වෙලා... ලාවට දාඩියත් දාලා. ඩොක්ටර්ගෙ එක අතක් මගෙ ඉනේ රැදිලා තියෙද්දි අනිත් අත මගේ කලවා යටින් ගිහින් තිබුනෙ ඒ ශක්තිමත් පපුවට මාව තද වෙන විදිහට.
" මං හොදින් ඩොක්ටර් "
ඩොක්ටර් මාව බිමින් තියද්දී මං ඒ තුරුලෙන් ඈත් වුනේ ලෝභ කමේ වගේ. කොහොම හිටිය සෙන්හස් ද ?
" පිස්සු ද මෝඩයො මේක උඩට නැග්ගෙ..... වැටුනනං එහෙම "
මගෙ ඔලුවට හොද පොල් ටොක්කක් අනින ගමන් එයා කියවං ගියෙ මං සීනී කාලා අම්මට අහු වෙච්ච පොඩි එකෙක් වගේ එයා කියන ඒවා බිම බලං මොකාද වගේ අහගෙන ඉද්දි.
" මොකෝ බං මේ උදේ පාන්දර..... වරම අතට අරං කෑ ගහන්නෙ.... "
ඩොක්ටර් කෙවින් යෙවියා එක්ක කැබින් එකට එද්දිත් මේ යකා මට තොර තෝංචියක් නැතුව බයිනවා.
" බයින්නැද්ද බං මේ යකා මේ පුටුවට නැගලා.... මං ආවෙ නැත්තං කොන්ද කඩාගෙන.... වෙලාවට වැටෙන්න යද්දි මං ආවෙ "
මටත් ඔරෝ ඔරෝ සීන් එක කියද්දි මං හොරෙන් යෙවියා දිහා බැලුවෙ ඌත් බැනුම් අහපු පාටක් පේන්න තිබුන නිසා.
" මුත් බං බැනුම් අහලා ඉන්නෙ.... "
යෙවියා මං ලගට ඇවිත් හිටගද්දි ඩොක්ටර් කෙවින් ඩොක්ටර් හේශ්ට ඉස්සරහ පුටුවෙන් ගිහින් වාඩි වුනා.
" ඒ මොකෝ "
" මූ බං අර බ්ලේඩ් වගයක් අස් කරනවා මං යද්දි අතට මුකුත් දාන්නෙවත් නැතුව... හරකා "
" අඩෝ.... ඇත්ත..... බැනලා මදි මුං දෙන්නට.... ගොං වැඩමයි තියෙන්නෙ.... කිසි පරිස්සමක් නැ "
බයිනවා බයිනවා යකෝ මාර මගුලක් නෙ... මල පැන්න පාර යෙවියා කට ඇරියා.
" හරි ඉතිං..... වැඩට ගත්ත නං බලා ගන්න එපැයි... හුහ් "
" ඇත්ත ඇත්ත "
මාත් ඔන්න ඔහේ කියලා දැම්මෙ අර දෙන්න අමුතු විදිහට හිනා වෙන ගමන් අපි දිහා බලං ඉද්දි.
" මෙහෙමයි ඉතිං..... අයිතියක් දෙනවා නං බලාගන්න බැරි කමක් නැ.... "
ඩොක්ටර් කෙවින් කියද්දි ඩොක්ටර් හේශ් කට කොනකට ගත්ත හිනාවක් එක්ක මට ඇහැක් ගැහුවා.
මුං එන පොට හොද නැ......
_____________________________________
අද එක අව්ල් ලමයි.... ඒ වගෙ ම ශෝට්... පාඩම් වැඩත් එක්ක කරගන්න අමාරුයි ලමයි.... ඇත්තටම සොරි... කතාව අන්තිම හිතලා තිබ්බත් මැද කොහොමද කියලා එවෙලෙට තමා අනෙ ඔලුවට එන්නෙ... පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්නං..... අනෙ ආයෙත් සොරි
තැංක්යූ මෙ කම්මැලි අක්කගෙ කතාව කියවනවට ❤❤❤❤❤❤❤❤❤❤
_Sae_Mi_ ඕං දුන්නා කොටයි තමයි කොටයි කියම්න එපා 🙂💔 තරා වෙනෝ 🙂💔😒
![](https://img.wattpad.com/cover/315894132-288-k366568.jpg)
ESTÁS LEYENDO
හිතට හොරෙන් 💞 ✔️
No FicciónBL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න