දහසයවැනි දිගහැරුම

1.3K 161 33
                                    

_Senhas_

මමයි අයියයි දැනට ඇමෙරිකා ඇවිල්ලා අවුරුද්දක්. මුලින් මුලින් ජීවිතෙ අමාරු වුනත් දැං අපි දෙන්නා හැමදේට ම හුරු වෙලා. ආපු පලවෙනි මාස තුන ඇතුලත අයියා එයාගෙ කොලිෆිකේශන්ස් පෙන්නලා හොස්පිට්ල් එකක වැඩට යන්න පටන් ගත්තා. ඒ එක්කම එයාට ඕනි වුනා මං මගින් නැවැත්තුව හැමදේම ආය පටන් ගන්න. ඒ කියන්නෙ මගෙ ඉගෙනීම. ඉතිං මගෙ පණ මාව මෙහෙ කැම්පස් එකකට දැම්මා. ඒ වගෙ ම අපි දෙන්නා ඉන්නෙ අපි දෙන්නගෙම ගෙදරක. අයියා ලංකාවෙදි ඉතුරු කරපු සල්ලි වලින් මෙහෙ ගේකුත් ගත්තා. මොනාවුනත් අපි තාමත් බෝයිෆ්‍ර්‍රෙන්ඩ්ස්ලා විතරයි. මං අයියට කිව්වත් අපි මැරි කරමු කියලා එයා කැමති වුනේ නැ. එයා කිව්වෙ ම ඔයා ඉගෙනගෙන ඉවර වුනහම බදිමු කියලා.

කොහොම වුනත් මං දැං මගේ පණත් එක්ක හිටියටත් වඩා සතුටින්. ලොකුම හේතුව ලංකාව වගේ හණමිටි අදහස් දරන මිනිස්සු මෙහෙ නැති එක. අපිට පාරක වුනත් කිස් කරන්න පුලුවන් නිදහසේ. මං ඒ සතුට දැං ඕනිවටත් වඩා විදිනවා. ඒත් ඉතිං අයියා ගොඩක් වැඩ. සමහර දවස්වලට මං නැගිටින්නත් කලින් අයියා ගිහින්. එක්කො මේ ඉන්නවා මේ යනවා. මං වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙනවා. අතරින් පතර මගෙ අම්මා අප්පච්චි අක්කලා යෙවී කෙවින් අයියා එහෙමත් මතක් වෙනවා. මාවත් මතක් වෙනවා ඇති. ඒත් කාට මතක් වුනත් අම්මටයි අප්පච්චිටයි මාව මතක් වෙන්නැතුව ඇති. ඒක දුකක්... ඒත් මං දැං හිත හදාගෙන මගේ ආදරෙත් එක්ක සතුටින්.

අද අයියා ගෙදර සෝ මාත් ගෙදර. නැත්තං ඕකා ඉන්න වෙලාවට මං නැ.. මං ඉන්න වෙලාවට ඕකා නැ. මහන්සි වෙනවා කියලා මෙහෙම මහන්සි වෙන්න පුලුවනැ අෆ්ෆා. ආදරෙ කරන්නත් එපැයි.

අපේ ගෙදර හරි පොඩි ඒ වුනත් ගොඩක් ලස්සනයි. සාලෙයි, සාලෙට පේන්න තියන කිචන එකයි. රූම් එකයි. හරි ම සරලයි... සුන්දරයි

මං උදේ අටට විතර අද නැගිට්ටෙ මගෙ අයියා පණට ගෙදර ඉන්න දවසටවත් රසට උයලා කන්න දෙන්න ඕනි නිසා.  මං ඉතිං මට රසට ම හදන්න පුලුවන් පැස්ටා එකත් හදලා අයියාගෙ කිරි එකත් හදාගෙන රූම් එකට ගියා. ඔය ඉන්නෙ ලෑටි පස්සා පැත්ත උඩ දාගෙන දොයියගෙන. හිහි

එහෙම්ම ම මං ගෙනාපු කිරි එක බෙඩ් ටේබල් එක උඩින් තියලා අයියා ලගින් වාඩි වුනේ ඒ සිනිදු කෙස්ගස් අස්සෙන් මගෙ දිග ඇගිලි යවන ගමන්.

" අයියා..... සුදූ..... "

" ම්ම්හ්...."

" නැගිටින්නකො දැං "

" බ්ලැ "

" මෙහ් නැගිටිනවා හොදේ.... නැත්තං වතුර බාල්දියක් තමා "

" හැපොයි... එපා සප්තලනෙ ඉදපං ඕං මං නැගිට්ටා....."

" හොද කොල්ලා "

ඔය කොලෙ. කිරි එකත් එක්ක ම වතුර බාල්දියක් අරං ආවා නං මේක වෙන්නෑනෙ.

අයියා මාව එහෙම්ම ම ලගට ඇදලා අරගෙන කිස් කරන්න ගත්තෙ හොදට සූදට හිටපු මාව ආයෙත් ගද ගස්සලා. සැක් කුණු කෙල. ඇට රිලවා. කුණු කෙළ වුනත් මොකැ මගෙ පණ නෙ.

අයියා එහෙම්ම ම මාව එයාගෙ ඇග යටට අරං මගෙ ලිප්ස් ඒ ‍රෆ් ලිප්ස් වලින් තෙමන්න ගත්තෙ දවස් ගානක් බඩගින්නෙ හිටියා වගෙ. මට අයියාගෙන් ඈත් වෙන්න ඕනි වුනෙ නැ. මං අයියගෙ බෙල්ල වටේ අත් අරං යන ගමන් එයාව තව ටිකක් ඇගට තද කර ගත්තා.

_Hesh_

මගෙ පැටියව මට ගොඩ කාලයක් මිස් වුනා වගේ. ඇයි වැඩ වැඩ ඉවරයක් නැ. ඒත් අපි දෙන්නා වෙනුවෙන් මං මට පුලුවන් උපරිමේ කරන්න වගබලා ගන්නවා.

මං මගෙ කොල්ලව කිස් කරද්දි එයා මගෙ ඇගට තවත් තද වෙද්දි මං එයා මගේ ම වෙනකං ඉවසන් ඉන්න හැම හැගීමක් ම ටික ටික ඉස්මතු වෙන්න ගන්නවා. ඒත් බැ එයා එයාට ලොකු වුනත් මේ ඉන්නෙ තාම මගෙ මල. මගෙ මැණික මගෙ ම කරගන්නෙ නීතියෙනුත් එයා මගේ ම වුනේ දවසට.

" මැණික "

" ම්ම්.... "

" කෝ ඉන්න මං වොෂ් දාං එන්නං "

" ඇයි අනෙව් "

හපෝ මූණ.... එයා දැං කාලයක් ඉදං මගේ වෙන්න දගලනවා. ඒත් මට දැං ම බැ. කොල්ලා මාව තවත් ඇගට හිර කර ගන්න හදද්දී මං හිමීට එයාගෙ අත් දෙක අයින් කරලා ඇග උඩින් නැගිට්ටා.

" අයියෙ ප්ලීස් "

" තව ටික කාලයක් ඉවසන්න රත්තරන් "

" මටෝන්නෑ "

" මැණික "

මැණික මටත් ගස්සගෙන කාමරෙන් එලියට යද්දි මං බලං හිටියෙ මගෙ ටී ශර්ට් එකෙන් විතරක් ආවරණය වුන  ඒ ඇගේ බාගෙට බාගයක් පේන කිරි සුදුපාට කලවා දිහා.





__________________________________

තව එකක් රෑ වෙලා දෙනො.

ළමයි Male pregnancy ඕනිද 🙂

හිතට හොරෙන් 💞 ✔️Donde viven las historias. Descúbrelo ahora