දොළොස්වැනි දිගහැරුම

1.2K 148 27
                                    

හේශ් වගේ ම කෙවින්, තමන්ගෙ ආදර වන්තයො දෙන්නව බලන්න ඇවිත් දැනට දවස් දෙකක් වුනා. මේ දෙන්නම් පොඩි නිවාඩුවකට තමන්ගෙ කොල්ලො දෙන්නා ගාවට ආවෙ සෙනූගෙයි, යෙවීගෙයි උපන්දින එකම මාසෙක වැටිලා තිබුන නිසා ඒකත් සමරන්න හිතාගෙන.

හැබැයි ජීවිතේ ලස්සන දවස් හැමදාම තියෙන්නැ. එහෙම තියනවා නං ඒක සාමාන්‍ය ජීවිතයක් වෙන්න බැ.

සෙනූගෙ ජීවිතේත් එහෙමයි. ඒ ලස්සන ජීවිතේ කනපිට ගහන්න ලොකු වෙලාවක් ලෝක පාලකට ඕනි වුනේ නැ. එක තප්පර ගානක් හොදට ම ප්‍රමාණවත්.

___________________

_Senhas_

මමයි මගෙ අතිජාත මිත්‍රයයි හිටියෙ කේක් එක ඉස්සරහ වාඩි වෙලා. අද මුළු ගෙදර ම ලස්සනයි. අපේ අයියලා දෙන්නගෙ වැඩ තමා. මමයි යෙවි උදේ නැගිටිද්දි අයියලා දෙන්නා මුලු ගෙදර ම අනිත් පැත්ත ගහලා තිබ්බා. හැමතැනම බැලුම් එල්ලලා. අපි දෙන්නගෙ ෆොටෝස් බිත්ති පුරා. ලස්සනයි....

අද මගේ උපන්දිනේ විතරක් තිබුනට යෙවීගෙ උපන්දිනේ දවසට කෙවින් අයියට එන්න වෙන්නෙ නැ කියලා අපි දෙන්නගෙ ම බර්ත්දේ එකම දවසෙ එ දෙන්නා එකතු වෙලා ප්ලෑන් කරලා තිබුනා.

වෙනදට යාලුවො වට කරං අම්මලා තාත්තලා අක්කලා එක්ක කේක් කැපුවට වඩා අමුතු ලස්සනක් මට මෙතන පේන්න තිබුනෙ මගෙ අයියා හිටපු නිසා වෙන්නැති. හැමදේම හරිම චාම්.... එයා දන්නවා පුංචි පුංචි දේවල්වලින් හරි ලස්සනට මාව පුදුම කරන්න.

" අපි කේක් කපමු බබා "

මං හිටිය හීන ලෝකෙන් බිමට පාත් වුනේ අයියා මගේ කර වටේ අත දාලා එයා ලගට ඇදලා ගත්ත නිසා. මාත් අයියට ඔලුව වනලා හා කිව්වෙ යෙවීත් ඇවිත් මගෙ අතින් ම අල්ලගෙන අයියලා දෙන්නගෙ සද්දෙ මැද්දෙ කේක් එක කපද්දි.

" ම්ම්ම්..... මගෙ මැණික හැමදාම සතුටින් ඉන්න ඕනි "

" මං සතුටින්..... මගෙ අයියා මගෙ ලග ඉන්නකල්... "

අයියා මං කේක් කැව්වහම බර හාදුවක් මගෙ නලලින් තිබ්බෙ හැමදාමත් වගේ පුරුද්දට මගෙ ඇස් පියවෙද්දි.

" මේ බං මං සුදූව කිස් කරනවා  පික්  එකක් ගනින්කො "

" ඒයි පිස්සුද මෝඩයා.... "

හිතට හොරෙන් 💞 ✔️Où les histoires vivent. Découvrez maintenant