" උබ මොකද්ද දැං ඔය කරන්න හදන්නෙ "
" බලං ඉදපංකො "
හේශ් හිටියෙ අල්මාරිය ළග බිම වාඩිවෙලා ලොකු ලගේජ් එකකට ඇදුම් අඩුක් කරන ගමන්. ඒ ගමන් ම එතෙන්ට කඩාපාත් වුන කෙවින් හේශ්ගෙ හිතේ තියන දේවල් මුකුත් නොදන්නවා වුනත් මේ පාර ලොකු දෙයක් වෙනවා කියලා නං ඉවෙන් වගේ තේරුම් අරං හිටියා.
කෙවින් හරි හේශ්ව නවත්තන්න මේ පාර මොකෙක්ටවත් බැ.
ඇදුම් ටික පිලිවෙලට ලගේජ් එකට අඩුක් කරපු හේශ් ඒක ඇද ලගින් තියලා අල්මාරියේ ලාච්චුවක් ඇරලා ඒකෙන් ගත්ත දේ දැක්කම නං කෙවින්ගෙ ඇස් නල්ලෙ නැවතුනෙ තව යන්න තැනක් නැති වුන නිසා වගේ.
" උබ්..... උබ හදන්නෙ "
" හ්ම්ම්ම්.... උබ දන්නවා මට එයා නැතුව බැ.... "
" ආශ්.... හරි.... තව කව්ද මේ ගැන දන්නෙ.... "
" දැනගත යුතුම දෙන්නා තමා අපිව මේකට tend කලේ.... තව උබ දැං දැනගත්තා. යෙවීට කියහං.... "
" හ්ම්... හරි... "
උබ සතුටින් නං එච්චරයි "" මං ඕනෑවටත් වඩා සතුටින් බං.... "
කෙවින් හේශ්ව තුරුලු කරගත්තෙ ඇස්වල කදුලු පුරවගෙන. කෙවින්ට බෑ හේශ්ව නවත්තන්න.
මොකද,
කෙවින්ටත් ඕනි හේශ්ගෙ මීට සති ගානකට කලින් මැකිලා ගිය හිනාව ආය දකින්න. ඉතිං කෙවින් එයාගෙ එකම යාලුවා සහෝදරයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්.එහෙං සෙනූ හිටියෙ පණ ගැහි ගැහි... එයාගෙ අක්කලා එයා වෙනුවෙන් කරන මේ දේ සෙනූගෙ අප්පච්චි දැනගත්තොත් මොනා වෙයිද... සෙනූ බය වෙන එක සාදාරනයි. ඒත් සෙනූටත් තවත් එයාගෙ අයියගෙ උණුහුම නැතුව ඉන්න බෑ. ඉතිං එයත් එයාගෙ අක්කලා දෙන්නට එකග වුනා.
මේ මොහොතෙ මොන තීරණෙ ගත්තත් අවසානය සතුටක් වෙන්න කියලා සෙනූ එක හිතින් ම ප්‍රාර්ථනා කළා.
එයා වෙනුවෙන් ඉන්න හැමෝම වෙනුවෙන්.
___________________
සොම්‍රි 🙂❤️
ESTÁS LEYENDO
හිතට හොරෙන් 💞 ✔️
No FicciónBL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න