" අඩෝ පොක්ක "
ඉදකිං මූ කව්ද,
හේශ් අයියා මට ලං වෙලා මොනාහරි කියන්න යද්දිම කොහෙන් ද මංදා ඇටරිලවෙක් එතනට පාත් වුනේ රොමෑන්ටික් ෆීලින් ඔක්කොම කූරියා ගස්සලා. ඔක්කොමත් හරි හේශ් අයියා ඒ කටහඩත් එක්ක ඉක්මන්ට මාව අහකට තල්ලු කරපු පාර මං වතුරට නොවැටී බේරුනෙ අනූනවයි දශම ගානකින්. ඇට රිලවා.... හේශ් අයියා අර ආපු හෝතම්බුවට අමාරුවෙන් මවාගත්ත හිනාවකින් සංග්‍රහ කලෙ නොකර බැරිකමට වගෙ." අහ්.....ආ... අඩෝ... අශානයා "
ඌ සුදු කොට ඩයල් එකක්. ඔය කොට උන් වැඩ ඔක්කොම චකබ්ලාස් කරනව කියලා කව්ද කවදද කිව්වෙ කට කහනවටයැ.
හේශ් අයියා ඒ ඇටිකුකුළාත් එක්ක හිනා වෙලා කතා කර කර ඉද්දි මං පැත්තකට වෙලා ඌ දිහාට මාරාන්තික බැල්මක් දාගෙන හිටියෙ ඉක්මන්ට පලයං කියන්න ගානට.
" මේ කවුද බං මේ "
ඌ මාව පෙන්නලා හේශ් අයියගෙන් ඇහුවහම මාත් අයියා දිහා බැලුවා.
" ආහ්.... හ්... මේ මගෙ යාලුවෙක් බං...... සෙනෙහස්.... සෙනෙහස්.... මේ ඉන්නෙ.... අශාන් "
හේශ් අයියා මගෙ කරට අතකුත් දාගෙන කියද්දි මං අරුත් එක්ක හිනා වුනේ වෙන කරන්න දෙයක් නැතිම තැන.
" හෙලෝ සෙනෙහස් "
" හෙලෝ "
_Outher_
ආගන්තුක තරුණයා වගේ ම සෙනෙහස් අතට අත දීලා එකිනෙකා අදුරගනිද්දි හේශ්ගෙ ගිනිගන්න ඇස් නැවතිලා තිබුනෙ ඒ පැටලුනු අත්වල. හේශ් තාම නොකිව්වත් මේ පුංචි හුරතල් රෝස මල ගැන මොකද්දෝ ආගන්තුක හැගීමක් හේශ්ගෙ හිතේ දලුදාන්න පටං අරං තිබුනෙ.
" හරි හරි ඔය මදැ අදුරගත්තා... දැං යමං "
හේශ්, සෙනෙහස්ව තමන් ලගට ඇදලා ගන්න ගමං ආගන්තුක තරුණයට කිව්වම ඔහුත් හේශ්ලත් එක්කම ඉස්සරහට ඇවිදගෙන ගියේ අද නං එයාගෙ රෝසමලත් එක්ක තනිවෙන්න වෙන්නැ කියලා කෑගහලා ඒ හිත හයියෙන් අඩද්දි.
____________________________
" අයියා...... අතගන්න කවුරුහරි දකී අනේ "
වලත්ත කෙවින්ගෙ නහර පිරුනු අත් තිබුනෙ අපේ යෙවීගෙ කාසම අස්සෙ.
ESTÁS LEYENDO
හිතට හොරෙන් 💞 ✔️
No FicciónBL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න