නෙළුම් පොකුණ රඟහල
කොළඹ හත, ශ්‍රී ලංකාවසංගීත ප්‍රසංගය අවසානයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංස්කෘතික සංදර්ශනය ආරම්භ වූයේ සංගීත ප්‍රසංගයට සහභාගී වූ සියලුම ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැදිනි . නිවී නිවී දැල්වෙන ආලෝක කදම්බ රඟහල පුරා රටා මැවීය . ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් තුළ ආඩම්බරයට නොදෙවෙනි ප්‍රෞඪත්වයක් ඇති කල හැකි බෙර සහ තාලම්පට මිශ්‍ර වූ සංගීත නාදයන් රඟහල තුන් ගිගුම් දීමට ආරම්භ වුණි .
සිරිලක විවිධ දෙසින් පැමිණි නර්තන ශිල්පීන් තමන්ගේ දක්ෂතා පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රේක්ෂකයින්ගේ සියලු දෙනාගේම සිත් නෙත් මෙම අංගයන් වෙතම රඳා තබා ගනිමිනි . විශ්මයට කරුණක් නම් , මෙම සංස්කෘතික සංදර්ශනයට ඇතුළත් වූවේ නර්තයන් පමණක් නොවේ . ජන ගී ගායනයන්, රූකඩ සංදර්ශනයන් හා සංස්කෘතික සංදර්ශනයේ අවසානය සනිටුහන් කරනු ලැබූ කොහොඹ කංකාරිය ශාන්තිකර්මයෙනි .
ප්‍රේක්ෂකයින් සියලු දෙනාම අත්පොලොසන් දුන්නෙ ඉමහත් සතුටකට එක් වූ අභිමානයකිනි . තමන් ප්‍රිය කරන සංගීත කණ්ඩායම ඉදිරියේ තමන්ගේ සංස්කෘතික අභිමානය විදහා දැක්වීමට හැකියාව හිමි වූ නිසා ඔවුන්ගේ ප්‍රීතිය ඔද වැඩී තිබුණි . ඒ නිසා මෙම හැකියාවන් හා දක්ෂතාවන් නැවතත් ලෝකයා හමුවේ එළිදැක්වෙනවා යන්න ඔවුන්ගේ සිතේ රැදී තිබුණි.
අනෙකුත් ප්‍රේක්ෂකයින් එසේ අමන්දානන්දයට පත් වද්දී Stray Kids සාමාජිකයන් මෙම සංස්කෘතික සංදර්ශනය දෙස දෑස් දල්වා ගෙන බලා සිටියේ විශ්මය කැටි කොට ගත් ප්‍රහර්ෂයකිනී . ඔවුන් කෙදිනකවත් නොදැක තිබූ ආකාරයේ විචිත්‍රවත් අංගයන් ඔවුන්ගේ සිත් නෙත් ඔවුනටත් හොරා ඝපැහැර ගෙන තිබුණේ තමන්ගේ උරහිස් මත පැටවී තිබෙන ප්‍රශ්න සහ ආතතිය ද මොහොතකට පලවා හරිමිනී . භාෂාව නොදැන සිටියද මෙම අංගයන්ගෙන් වින්දනයක් ලැබීමට ඔවුන් සමත් වූයේ එම අංගයන් ඔවුන් ඉදිරියේ අති උත්කර්ෂවත් ලෙස දිගහැරුම හේතුවෙනි .
කන්කලු සංගීත තරංගයන් හා මුසු වූ ශිල්පීය දක්ෂතාවය ද සමඟින් දෑස් පිනවන සුකුමාල ශිල්පිනියන් සහ කඩවසම් ශිල්පීන් ප්‍රේක්ෂකාගාරය කුල්මත් කළහ .
YOU ARE READING
𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢ
Romanceසරලකම ආභරණයක් ලෙස පැළඳ නර්තනය තම දෙවන මව ලෙස සැලකූ ඇයත් , සංගීතය තම ජීවිතයම බවට හරවාගත් ලොවක් ආදරය කරන ඔහුත් , මුතු කැටයක් වන් සිරිලක් දූවේ සිත් සතන් සනහාලන ඉන්දියන් සාගරය හමා එන සිහිල් සුළං ඔවුනොවුන්ගේ සවන් වලට කොඳුරන රහස් එකිනෙකා සමඟ බෙදාගනීව...