ගම්මානයේ වැව
අනුරාධපුරය , ශ්‍රී ලංකාවගම්මානයේ සිට දුර බලන සියල්ලයන්ගේම නෙතට දිස්වන්නේ ඈත පේන වෘක්ෂලතා ගොමුවයි. දහවල ගුවන අරක් ගෙන ඇති සූර්යයා නිකුත් කරන රශ්මි කදම්බයන්හි සැර බාල කරමින් ගම් වැසි ජනයා සහ සත්ව ප්‍රජාව වෙත ස්නේහයෙන් පෙරා එවන්නේද පෙර කියූ රුක් ගොමුවයි . යටකී රශ්මීන් එම වෘක්ෂයන්හි පත්‍ර දෙපස වැදී රටා මවන්නේ රන්මසු උයනක් සිහියට නංවමිනි .
ගම්වැසියන් හට හිරුගේ රැස් මාලා තුළින් ලැබෙන කඨෝර භාවය තවදුරටත් මකා දමනු වස් තවත් ත්‍යාගයක් සොබාදහම් මාතාව වෙතින් තිළිණ කර ඇත. එනම් මේ ගම්මානයට මුදුන් මල්කඩ වූ , ගම්මුන් විසින් මුදුන් මල්කඩක් සේ වන්දනාමාන කරන වැව් රාජයාය. බීමට ගන්නා ජල පොදේ සිට ගමෙහි කෘෂිකර්මාන්තයට අත හිත දෙන වැව් ජලය දැන් සූර්ය රශ්මීන්ගෙන් අලංකාර වී ඇත . එම රන් පැහැති වැව් ජලය මිහින්තලාව දෙසින් ඇඳී එන සිසිල් සුළඟින් රැළි ගසන්නේ නෙත්කළු දසුනක් මෙන්ම කන්කලු නාදයක්ද මවමිනි .
එපමණක් නොව , එම වැව් ජලය මතුපිට වසා ඇති හරිතවත් සේලයක් මෙන් දිස් වන්නේ වැව් මනාලියගේ සුන්දරත්වයට තවත් අඟුල් සපයන නෙළුම් කොළ වත්සුණු පැහැයයි. තැනින් තැන පීපී ඇති සුදු නෙළුම් වැව් මනාලියගේ සෝබාව තවත් ඉස්මතු කර දක්වයි . එම සුදු නෙළුම් මල් රුවන්වැලි සෑ රජුන් දෙසට හැරී තිබෙන්නේ සෑයට පුද නමස්කාර කරන්නාක් ලෙසිනි.
මෙම වැව අසලින් දැන් ඇසෙන්නෙ කුරුලු ගීත නාදයට මිශ්‍ර වූ තවත් බටිති මලිති නාදයකි. ඒ තම ජීවන ගමන සැරි කර ගැනීමට වෙහෙසෙන තරුණියන් කාණ්ඩයකගේ සතුටු සාමිචියයි . ඔවුන් වැවේ සිටම අටමස්ථාන වන්දනාවේ යෙදෙන නෙළුම් මල් සැබැවින්ම රුවන්වැලි සෑය අබියසට ගෙන යන අතරම මෙම නෙළුම් මල් විකුණා තම ජීවිතය සාර්ථක කරගැනීමට උත්සුක වෙයි .
" ඉතින් අපි එදා කොළඹ යද්දි ගොඩක් දේවල් දැක්කා ...ලොකු ලොකු බිල්ඩිම්, අමුතු අමුතු වාහන ....අම්මෝ දිවිය ලෝකයක් වගේ "
නර්තන කණ්ඩායමේ සිටි අයවලුන් සිටියේ අනෙකුත් තරුණියන්ට කොළඹ පුරවරය ගැන විස්තර කරමිනි. ඒ කතාව අතරතුරදි අනිත් තරුණියන් විශ්මයෙන් දෑස් දල්වා අසා සිටියෝය .
YOU ARE READING
𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢ
Romanceසරලකම ආභරණයක් ලෙස පැළඳ නර්තනය තම දෙවන මව ලෙස සැලකූ ඇයත් , සංගීතය තම ජීවිතයම බවට හරවාගත් ලොවක් ආදරය කරන ඔහුත් , මුතු කැටයක් වන් සිරිලක් දූවේ සිත් සතන් සනහාලන ඉන්දියන් සාගරය හමා එන සිහිල් සුළං ඔවුනොවුන්ගේ සවන් වලට කොඳුරන රහස් එකිනෙකා සමඟ බෙදාගනීව...