සත්වන දිගහැරුම

42 9 6
                                    

ශ්‍රී මහා බෝධිය ඇතුළත්ව
අනුරාධපුර පූජා නගරය , ශ්‍රී ලංකාව

බටහිර ගුවනේ දිදුලන කාන්තිමත් සූර්ය රශ්මියෙන් ආලෝකමත් වූ රීදී ජලදහරාවන් පිසදා පැමිණෙන සිහිල් සුළං දහරාවන් බැසයන හිරුගේ දාහයෙන් පරිසරය සිසිල් කරවයි . දවසේ රාජකාරී නිම කොට ජනී ජනයා නිවෙස් බලා යන්නා සේම හිරු කුමරාද තම කාර්යයන් අවසාන කොට බටහිර අහසින් නික්ම යන්නට සැරසෙයි. ඔහු නික්ම යන මාර්ගය සැරසීමට රක්ත වර්ණ වළාකුළු සැදී පැහැදී සිටියහ . සියොත්හු තමන්ටම ආවේණික වූ කූජනයන් වාතලයට මුදාහරිමින් ඔවුනොවුන්ගේ නිවෙස් කරා පියාසර කළහ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනය සඳහා පැමිණෙන සැදැහැවතුන් ඈතට දිස් වන්නේ කිරි කොක් රැළක් විලසිනි . බෝධීන් වහන්සේ හට තම ගෞරවය දැක්වීම සඳහා එක් වී සිටින ඔවුන්ගෙන් පිළිඹිඹු වන්නේ බුදුරජාණන් වහන්සේ හට සත්‍ය අවබෝධ කරලීම සඳහා උදව් උපකාර කරනු ලැබූ බෝධීන් වහන්සේට කෘතඥතාවය පිරිනමනු වස් ඔවුන්ගේ සිතේ ඇති ශ්‍රද්ධාවයි . එම සැදැහැවත් පිරිස බෝධියට පිවිසෙන මඟ දෙපස ඇති කුඩා කඩ පෙට්ටි මගින් වන්දනාවට අවශ්‍ය දේවල් මිලයට ගනිමින් ඉදිරියට ඇදුණහ.

" අද දවස සතියෙ දවසක් නෙවේ නිසා ගොඩක් කට්ටිය නම් නෑ වගෙයි " අනසුයා පැවසුවේ පැමිණ සිටි කුඩා වන්දනා නඩ දෙස බලමිනි . " ඒ නිසා මේ මල් සේරම විකිණෙන එකක් නෑ " ඇය පසෙක තිබූ විශාල මල් උරය දෙස බැල්මක් හෙළුවාය .

" දැන්ම එහෙම කියන්න එපා නංගි . රෑට රෑට කෝච්චියෙන් තව ගොඩක් අය එනවා බෝධිය වදින්න . මේවා සේරම එතකොට විකිණෙයි. " හේමාල් අයියා . පැවසුවේ නෙළුම්, මානෙල් , ඕලු යන මල් විවිධ මල් මිටි වලට වෙන්කොට ගැටගසිමිනි. ගැට ගසා අවසන් මල් මිටි ඔහු සෙමින් සෙමින් අංජනා අතට ලැබීමට සැලැස්වීය .

" කොහොමත් හදපානේ , තරු පායලා තියෙන අහස යට තියෙන බෝ මළුවට ගොඩක් අය එනවා " හේමාල් අයියා එසේ කියමින්ම අංජනා දෙසට බැල්මක් හෙළීය. ඇය කලේ නිශ්ශබ්දව මඳ සිනාවක් පෑම පමණි . ඇයගේ ශ්වේත වර්ණ දිගු ගවුම දුවගේ සැලෙද්දී එකිණෙහිම මල් මිලදී ගැනීම සඳහා යම් පිරිසක් පැමිණි බැවින් ඇය ඒ වෙත යොමු වුණාය.

𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢWhere stories live. Discover now