අටවන දිගහැරුම

71 8 7
                                    


ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය
අනුරාධපුර පූජා නගරය , අනුරාධපුරය , ශ්‍රී ලංකාව

සූර්යයා කෙමෙන් කෙමෙන් ගුවන සිසාරා විහිදුණු කාල වර්ණ වලාකුළින් යටපත් කරගන්නේ ඒ දවසේ අවසානය බව සැමට පසක් කර දෙමිනි . එනමුදු තවමත් සූර්ය රශ්මීන් බෝධියේ දලු කොළ සරසන අයුරින් පෙනී යන්නේ මේ නව යුවළගේ සිතෙහි ආදරය ජනිත වෙනු දැකීමට ඔහුටද කැමැත්තක් ඇති බව නොසඟවමින්ය . නමුත් චන්ද්‍රයාට ද එවැනිම සිතුවිලි මාලාවක් ඇති බව වැටහෙන්නේ බටහිර අහසින් හිමින් සීරුවේ වැගිරෙන චන්ද්‍ර රැස් දහරා දුටු විටයි. කෙසේ හෝ ඔවුන් දෙදෙනාටම එකම අහසේ රජ කිරීමට නොහැකිය .

බසවක්කුලම වැව පිසදා එන සුළං රැල්ලෙන් ප්‍රබෝධමත් වූ ශ්‍රද්ධාව පෙරදැරි කරගත් ජනී ජනයා ශ්‍රී මහා බෝ මළුවේ සැරි සරන්නේ දසත සුවඳ පතුරන ශ්වේත නෙළුම් මල් අත දරමින්ය. මළුවේ කොනක ශබ්ද විකාශන යන්ත්‍රයක් මඟින් ගෙන එන පිරිත් දේශනාවද ඔවුන්ගේ ශ්‍රවණාන්දීයන් තුළින් සිත පිනවන බව නොරහසකි. මළුවේ තවත් කොනක ස්වාමීන් වහන්සේ නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට සවන් දෙන උවැසි උවැසියන්ගේ මුහුණු ශ්‍රද්ධාව මුසු වූ තෘප්තිමත් බවකින් පිරී ගොස්ය . බෝ මළුව වෙනදා මෙන්ම පිරී ඉතිරී ගොස් තිබුණද එහි වන්දනාමාන කටයුතු සිදු කරන උපාසක උපාසිකාවන් ගේ සිත් සතන් නිකැළැල් ව සහ සන්සුන්ව පැවතුණි .

එනමුදු අංජනාගේ සිත පමණක් මඳ පවනේ සැලෙනා ලාදළු බෝපත් මෙන් නොසන්සුන්ය. වගකීම කරදරා ගත්තද එය ඉටුකිරීමට ඇයට හැකියාවක් නැති ලෙස ඇය වටපිට බලමින් සිටියේ හද පිරි කලබලකාරී බවකිනි.මින් පෙර සංචාරක මඟපෙන්වන්නන් ඇය සහභාගී වූ විවිධ චාරිකා වලදී දැක ඇති නමුත් ඇය ඔවුන්ගේ කාර්යය ගැන කිසිවක් නොදන්නීය . ඇය කලයුත්තේ කුමක්දැයි දැන ගැනීම සඳහා අමාත්‍යවරිය දෙස බැල්මක් හෙළුවාය . අමාත්‍යවරිය දෑස් වලින් ඉඟි කළේ යමක්  පවසන ලෙසයි .

" ඉතින් " අංජනා හිත දැඩි කරගනිමින් උගුර පෑදුවාය . ඇය ඒ සමඟම ඇයගේ නිකට එසෙව්වේ මඳ නාට්‍යානුසාර බවකිනි. එය දුටු චාන් සිය මුවගට ගලා ආ සිනහව මැඩ ගත්තේ අසීරුවෙනි .

𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢWhere stories live. Discover now