පලවෙනි දිගහැරුම

226 26 36
                                    

නොච්චියාගම , අනුරාධපුර , ශ්‍රී ලංකාව

මෙම සුන්දර වූ ග්‍රාමීය පරිසරයේ කුරුලු කොබෙයියන්ගේ කන්කලු ගීත නාදයෙන් සවන් පිනවාගෙන , දෙනුවන් පිනවීමට යමක් සොයන විටදී එම අවශ්‍යතාවය ඉටු වන්නෙ  ඇහළ මල් පැහැති රෙද්දක් පොරවා ගත්තා ලෙසට දිස්වෙන වෙල් යායෙකිනි . සරුවට වැඩී ඇති ගොයම මෙම ගම්මානයේ සශ්‍රීකත්වය ගමට ඇතුළු වන අමුත්තන්ට මොනවට කියා පායි . ඈතින් ඇසෙන කිරි එළදෙනුන්ගේ හඬ නිතැතින්ම මුවගට ගෙන එන්නෙ සානුකම්පාව මිශ්‍ර වූ ආඩම්බර සිනාවක්ය .

ඒවා පසු කොට යන විට දුටුවන්ගේ දෙනෙත් පැහැර ගනු ලබන්නේ ගම්මානයට සිය දායකත්වය නොඅඩුව ලබා දෙන ගමේ වැව මඟිනි . සිහින් ලෙස ඉවුරට ගසන රැල්ල සිතට ගෙන දෙන්නේ මානසික සුවයකි . සූර්ය කිරණ වැව් දිය මත දඟ කරද්දී නැගෙන රිදී රූ රටා අතිශය මනස්කාන්තය. අනුරාධපුර ප්‍රදේශය පුරා වැව් සියයකට අධික ගණනක් විහිදී තිබුණද මෙම ගම්මානයේ ගම්මුන් තම වැව් රාජයාට සැමදින සැලකුවේ දේවතාවියක ලෙසයි .

මෙසේ සුන්දරත්වය හා සශ්‍රීකත්වය කැටි වූ ගම්මානයට අයත් මාර්ගයේ ඇවිද යන්නී , අහිංසක පෙනුමක් ඇති පැහැපත් යුවතියකි . දෙපතුල් ළඟටම වූ ශ්වේත වර්ණ ගවුමක් සහ චාම් පාවහන් යුවලක් පැළඳි ඇය තම දණ දක්වා වූ කොණ්ඩය පෝනිටේලයකට හැඩගස්වා ගෙන සිටියාය . මඟ හමුවෙන සෑම දෙනාටම ඇයගේ සුන්දර සිනාවෙන් සංග්‍රහ කිරීමට ඇය අමතක කලේ නැත . ඇය ඇවිද යද්දී අත පළඳා තිබූ පබළු පළඳනාවද සෙලවුණේ කිංකිණි හඬක් නඟමිණී . ඇය අතක පොත් මිටියක්ද විය .

" ආ අංජනා දුවේ "

" මාමේ " යන වදනින්ම කඩේ මුදලාලි මහතා ආමන්ත්‍රණය කොට අංජනා කඩයට ගොඩ වූවාය .

" මාමේ මට පරිප්පු පන්සීයකුයි , විස්කෝතු පැකට් එකකුයි දාන්නකෝ. ඒවත් පොතටම දාන්න " ඇය අවසාන වාක්‍යය පැවසූයේ ඇසෙන නෑසෙන හඬිනි .

" හරි හරි දුවේ . ඒකට කාරි නෑ " මුදලාලි මහතා පරිප්පු කිරන්නට විය.

" ඈ දුවේ උඹ කොහෙද ගියේ අද ? " කඩය ළඟ සිටි රොසලින් නැන්දා අංජනාගෙන් ඇසුවාය .

" නැන්දේ අද අර ටවුන් එකේ නොමිලේ තියෙන ඉංග්‍රීසි කෝස් එක . ඒකට ගියා නැන්දේ "

𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢWhere stories live. Discover now