තෙවන දිගහැරුම

78 13 9
                                    

නෙළුම් පොකුණ රඟහල , කොළඹ හත , ශ්‍රී ලංකාව

සිරිලක නගරයන් අතුරින් කොළඹ නගරය යන්න ඇසුණු කළ ඔබ අප සියලු දෙනාටම සිහිවන්නේ දූවිලි මැදින් ඇදී යන නවීන පන්නයේ මෝටර් රථයන්හි නලා ශබ්දයන්ගෙන් කන් බිහිරි වන ජනාකීර්ණත්වයේ හිනිපෙත්තටම ගිය නගරයකි . කොළඹ ගැන සිහිවන විට ගහක් කොලක් නම් මතකයට නැගෙන්නේ නොමැති තරම්ය .

එනමුදු පෙර කියූ විස්තරයට පටහැනිව මෙම නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ නම් එතරම් ජනාකීර්ණ තත්වයක් රැඳී තිබුණේ නැත . මෝටර් රථ කිහිපයක් පමණක් තිරිංග හඬ නඟමින් මාර්ගයේ ගමන් ගත්තද ඒවායින් රඟහල පරිශ්‍රයේ ඇති නිහඬ බවට හානියක් වූයේ නැත .

මෙයට පැය කිහිපයකට පමණ පෙර මෙම රඟහලෙහි පැවැත්වෙන සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂක පිරිස නිසා මෙම පරිශ්‍රය අතුරු සිදුරු නැතුව පිරී තිබුණේ එම නිහඬ නිසොල්මන් බව මඳකට පහව හරිමිනි . එනමුදු මේ අවස්ථාව වන විටදී ඒ සියලු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් රඟහල තුළට පැමිණ ඇති නිසා එම නිහඬතාවය නැවතත් මෙම පරිශ්‍රය හි රජයමින් ඇත .

රඟහල මධ්‍යයෙහි සංගීත ප්‍රසංගය ආරම්භ කිරීමට සියල්ල සූදානම් ය . සතර දෙසින්ම විවිධ වර්ණයන්ගේ එළි නිවී නිවී දැල්වෙයි . රඟහල පුරාම විවිධාකාරයේ පුවරු මෙන්ම ආලෝක කදම්බ විහිදුවන කඳවල් අතැතිව සිටින ප්‍රේක්ෂක පිරිසයි . ඔවුන්ගේ මුහුණු තම ප්‍රියතම සංගීත කණ්ඩායම දැක බලා ගැනීමේ ප්‍රීතියෙන් ඔඳ වැඩී ඇත . ඔවුන් ඒ සියල්ල අත් දරා සිටින්නේ තමන් ආදරය කරන සංගීතඥයන් පිරිසට තම තමන්ගේ ආදරය වඩාත් හොඳින් දැනවීම සඳහාය. තවත් තැනකින් ඇසෙන්නේ ප්‍රේක්ෂකයන් ගීත ගායනා කරන හඬයි . මේ සියල්ලගෙන්ම පිලිඹිබු වන්නේ මෙම රසිකයන් මෙම සංගීත කණ්ඩායමට කෙතරම් ආදරය දක්වනවාද යන්නයි .

වේදිකාව පිටුපස ගැන සලකා බැලුවොත් නම් ඒත් දක්නට ලැබෙන්නේ මේ හාම උද්යෝගිමත් අවස්ථාවකි .

" චන්ග්බින් හ්‍යුන්ග් අර බලන්නකෝ අපේ ෆෑන්ස්ලා සින්දු කියනවා , අනේ හරිම කියුට් "

" ජීසන්ග් " සන්ග්මින් හිස දෙපසට සොලවමින් සිනාසුනේය . " ඔයා තාම අර පැත්ත දැක්කෙ නැද්ද ? " ප්‍රේක්ෂකාගාරයේ ඒ පෙදෙසේ සිටියේ ඔවුන් නිරූපණය කරන සත්ව සාමාජිකයන් ලෙස සැරසුණු ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකි .

𝐏𝐞𝐚𝐫𝐥 𝐨𝐟 𝐈𝐧𝐝𝐢𝐚𝐧 𝐎𝐜𝐞𝐚𝐧 | ʙᴀɴɢ ᴄʜᴀɴ • sᴋᴢWhere stories live. Discover now