Next day
@Park mentionJi soo (Mi sun) pov.
ඊයේ තමයි පලවෙනි වතාවට යේජිට propose කරපු කෙනාව දැක්කේ.. එයා ටේ වගේමයි.. හීජිගේ කෙනා නම්ජුන් වගේ.. එතකොට අර ජින් එයත් මගෙ ජිනී වගේමයි.. ඇත්තට ම මේ එයාලම ද? ඒත් වෙන්න බැහැ.. ආබුජි කවදාවත් එයාලව හම්බවෙන්න යන්න දුන්නෙත් නැහැනේ.. අපි යන්න හදපු දෙපාර ම ආබුජීට අපිව අහුවුනා..
Flashback
ඔයාලා දෙන්න ලෑස්ති ද?
දේ ඔන්නි..
හරි එහෙනන් යමු..
ආබුජීට අහුවෙන එකක් නැහැ නේද? යේජි ඇහුවේ කලින් පාරත් අපිව අහුවුණු නිසා..
එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.. හීජි කිව්වේ ආයිත් අහුවුණොත් කාමරෙන් එළියට යන්න දෙන එකක් නැති නිසා..
කොහොම හරි concert එක තියෙන තැනට ඇවිත් අපි කට්ටිය ticket එක පෙන්නලා ඇතුළට යන්න හදද්දි ම
ජීසු.. ආබුජිගේ කටහඬට ඇහුනාම මට ඉබේට ම කඳුළු ආවේ මේ පාරත් අපිට බලන්න වෙන්නේ නෑ කියලා හිතුණු නිසා..
Flashback end.
එදාට පස්සේ එක ම එක දවසක්වත් අපි concert එකක් බලන්න යන්න හැදුවේ නෑ.. ආබුජීට අහුවෙන්න නැතුව concert එකක් බලන එකත් හීනයක් ම වෙලා.. අදටත් අපි කරන හැමදේම ආබුජි දන්නවා.. එදා ආබුජි record එක දාපුවෙලේ මට හිතුනේ ඒක අර නම්ජුන්ගේ වැඩක් කියලා..
ඒත් ඒකත් ආබුජී ම කරපු වැඩක්.. කොහොම උනත් ආබුජී අපි තුන්දෙනාට propose කරපු අයට ඇත්තට ම සමාන නම් තියෙන්නේ.. ජින්ගේ ඇස් ඇත්තට ම මගෙ ජිනීගේ වගේමයි.. ඒත් ඒ එයා නෙවෙයි නේ.. අනේ මන්දා කොහොම උනත් ටිකක් අමුතුයි.. ඊයේ යේජිත් ආවේ රෑ වෙලා..
ඒ මදිවට උදේ නැගිටපු වෙලේ ඉඳන් හරි වෙනස් එයාගේ වැඩේ ඊයේ ටේ දුන්නා කිව්ව ටියුලිප් මල් boquet එක දිහා බලාගෙන කල්පනා කරනවා.. මං යේජි ළඟට ගියේ එයාට මොකද්ද වෙලා තියෙන්නේ අහන්න..
YOU ARE READING
My Madness in Because of You
Fiksi Penggemarමගේ හදවතට ආදරයක් පෙන්වන්න... ඔබේ ආදරය නිසා මේ ලෝකය මට අමතකයි... __________________________________________ Started day - 2021/12/27 Completed day - ................... __________________________________________ #3 kimline - 2022/12/06 #5 armyff - 20...