12th Part

381 61 38
                                    

Zhan's pov

"යීබෝ අපිට ශේරාව කාටවත් පේන්න එක්කන් යන්න බෑ..., අපි හේලික්ස්වලට කිට්ටුකරලා කැලෑවෙන් බැහැලා මෙයාට යන්න දෙමු..."

ශේරා කියන්නේ මේ සෝනම් වේල්ස්වල ගොඩක්  බලවත් අය එයාලගේ යටතට ගන්න හදන...ගෝල්ඩන් පෙගසූස්.

මන් ඒක දන්නවා උනාට යීබෝ ඒක දන්නෙ නෑ...ඒකයි මන් කිව්වේ එයාව කාටවත් පේන්න අරන් යන්න බෑ කියලා...

"ඇයි ජාන් ශේරා දැන් මගේනේ එයාගෙ අයිතිය තියෙන්නෙ මට...කවුරු දැනගත්තක් මොකක්ක්ද ප්‍රශ්නේ..ගොඩක් අයට පෙගසූස්ලා ඉන්නවනේ..."

"එතකොට බෝ අපි අපිට යන්න තහනම් කරලා තියන් පැත්තට ගියා කියලා අහුවෙනවා නේද..."

"අහ් ඔව් නේද..."

පෙගසූස්ලා ලේසියෙන් කිසිම කෙනෙක්ට කීකරු වෙන හිස නමන අයනම් නෙමෙයි....

එතන හිටිය හැම පෙහසූස්කෙනෙක්ම යිබෝට හිස නමද්දි ඒ හැමෝම යීබොව පිලිගනිද්දි මට තිබ්බ සැකේ ඇත්ත උනා..ඔව්....යීබෝ කියන්නෙ විශේශ කෙනෙක් ගොඩක් විශේශ කෙනෙක්...

මට මුල ඉදන්ම ඒක තේරුනා..යීබෝ ගොඩක් ඉස්සර අදිරජවරුන් සෝනම්වේල්ස් පාලනය කරන කාලේ කතාකරපු භාශාව කතාකරනකොට එයා විශේශයි කියලා තේරුනා..

එදා අර පොඩි විසාර්ඩ් කෙල්ල එමී යිබෝට කතා කලේ රෙක්ස් කියලා...ඒකේ තේරුම monarch එහෙන නැත්නම් රජතුමා කියන එක..එමී එහෙම කිව්වේ විහිලුවටවත් නොදැනුවත්කමටන්ම් වෙන්නම බෑ....මොකද මට යීබො ලාට පෙගසූස්ලා පුහුනු කරන් තැනට එන්න කලින් එමී ව මට හම්බුන වෙලේ කතාකරපු දේවල් එක්ක..

Flashback

"රෙජීනා... රෙජිනා...."

මන් යනකොට  මගෙ පිටිපස්සෙන් පොඩි ගෑනුලමයෙක්ගෙ කඩහඩක් ඇහුනා... ඒ කතාකරන්නෙ මට කියලා හිතුනේ දවසක් එමී යිබෝටයි මටයි රෙක්ස් රෙජීනා කියලා කතා කරපු නිසා. ඒත් මන් හැරිලා බලන්නෙ නැතුව ආවේ....මගේ නමින්ම කතා කරපු නැති නිසා වගේම ඒ  ඒමී මද කියල විශ්වාසයක් නැති නිසා..

"රෙජිනා...."

"එමි...."

ඒ එමී..මන් පිටිපස්ස හැරිලා බැලුවේ නැති නිසා එයා දුවන් ඇවිත් මගේ අතේ එල්ලුනා....

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

3 moons Where stories live. Discover now