සැරින් සැරේට අත්විදින්න වෙන අත්භූත දේවල් වලට කලින් මන් හුරුවෙලයි හිටියේ.
සමාන්යයෙන් ඒවා ඉක්මන්ට ඉවර වෙනවා..
ඒත් සතිගානක් තිස්සෙ අත් විදින්න වුන මේ මායාකාරී සිද්ධිය මට දරාගන්න අමාරු වුනා..
ඉතිරි පාසල් වාරය පුරාම මට දැනුනේ මුලු ස්කූල් එකම මාව රවට්ටන්න විහිලු කරනවා වගෙයි..
මිසිස් කෙර්ව එදා ශ්රේනී චාරිකාව ඉවර වෙලා යද්දි දැක්කා මිසක් ඊට කලින් කවමදාවත් මන් එයාව දැකලා තිබුනෙ නෑ..
ඒ වුනත් නත්තලෙන් පස්සේ දිගටම ගනිතය ඉගැන්නුවේ මිස් කේර් කියලා මුලු ස්කූල් එකම පිලිගත්තා..
මම නිතරම වගේ කාත් එක්ක හරි කතා කරන කොට මිසිස් හන් ගැන සදහනක් කලේ බැරිවෙලා හරි එයාලට මොනවා හරි කියවෙයි කියලා හිතලා..
ඒත් එහෙම වෙලාවට එයාලා මගේ දිහා බලන් හිටියේ හරියට පිස්සෙක් දිහා බලනවා වගෙයි....
ඔහොම යනකොට මමත් මුලුමනින්ම වගේ එයාලව විශ්වාස කලා..
මිසිස් හන් කියලා කෙනෙක් කවදාවත් හිටියෙ නෑ.කොහෙත්ම නැහැ..
ඒත් මාව ගොනාට අන්දන්න ජිමින්ට බැරි උනා..
මම මිසිස් හන් ගැන මතක් කලාම එයා ටිකක් අදිමදි කරලා එහෙම කෙනෙක් හිටියෙ නෑ කියලා කියනවා..
මොකක් හරි දෙයක් සිද්ද වෙමින් තිබුනා. කෞතුකාගාරෙදි මොකක් හරි දෙයක් වෙලා තිබුනා..
දවල් කාලයට නම් මට මේ දේවල් කල්පනා කරන්න වෙලාවක් තිබුනේ නෑ..
ඒත් රෑට, වවුල් තටුයි නිය පහුරුයි එක්ක මිසිස් හන්ගෙ දර්ශනේ මාව හීනෙන් බය කලා..
කාලගුනය දිගටම පිස්සු නැටුවේ මගේ හිත තවත් අවුල් කරමින්.එක රෑක අකුනු කුනාටුවක් අපේ නේවාසිකාගාරය ලගින්ම හමාගෙන ගියා.
ඊට ටික දවසකට පස්සේ මෙච්චර කාලයකට සෝල්වල දකින්න ලැබුන විශාලම ටෝනඩෝව හමාගෙන ගියේ සෝල් මිඩ්ල් ස්කූල් එකට කිලොමීටර කීපයක් දුරිනුයි..
මට නිතරම වගේ අනික් අයව නුරුස්සන ගතියකුත් ,මගේ ඔලුව අවුල් ගතියකුත් දැනෙන්න ගත්තා.
විභාගවලින් මම ගන්න ශ්රේනී,ඩී වල ඉදන් එෆ් වලටම බැස්සා.ජන්කුක් එක්කත් මම නිතරම රන්ඩු කරගත්තා.
පන්තියට එන හැම ගුරුවරයාම වගේ මාව පන්තියෙන් එලියේ හිටගස්වලා තියන්න හේතු හොයාගත්තා..
අන්තිමේදි අපේ ඉන්ග්රීසී ගුරුතුමා මම අක්ෂර වින්යාසය පාඩම් කරන්න මෙච්චර කම්මැලි ඇයි කියලා සියවෙනි සැරේටත් මගෙන් ඇහුවාම මම එයාගේ ඇගට කඩාගෙන පැන්නා..
මම එයාට නාකි බේබද්දා කිව්වා..
ඒ වචනේ තේරුම නම් හරියට දන්නේ නෑ ඒත් එහෙම කියන එක හොදයි කියලා මට හිතුනා..
ඊලග සතියේ විදුහල්පති, සෝල් ස්කූල් එකේ ඊලග අවුරුද්දට මාව බදවගන්නෙ නෑ කියලා නිල වශයෙන් දන්වලා මගෙ අම්මට ලියුමක් යැව්වා...
මරු මරේ මරු මම මටම කියාගත්තා...
මට තිබුනේ ගෙදර යන ආසාව..
මට ඕනෑ වුනේ අපේ පුංචි ගෙදරටවෙලා අම්මාත් එක්ක ඉන්නයි..
ම්ම්..ඒ වුනාට මන් දාලා යන්න අකමැති සමහර දේවලුත් ස්කූල් එකේ තිබුනා..
මගේ කාමරේ ජනෙලයෙන් පේන කැලේ, ඈතින් පේන හන්ගග,ඒ වගෙම ජිමින් නැතුවත් මට ගොඩක් පාලු හිතෙයි..
ටිකක් අමුතු කෙනෙක් වුනාට එයා මට හොද යාලුවෙක් වුනා..
මම දුක් වුනේ මන් නැතිව මෙ මනුස්සයා ලබන අවුරුද්ද කොහොම ගෙවයිද කියලායි..
මට ලතින් පන්තියත් නැතිවේවී මිස්ටර් ලී වත් මට දාලා යන්න වෙනවා.මන් මීට වඩා හොදට වැඩ කරයි කියලා එයා විශවාස කරා...
වාර අවසාන විභාගේ ලන්වෙනකොට මන් පාඩම් කලේ ලතින් විතරයි..
මේ විෂයෙන් මම ඉගෙන ගන්න ඒවා මගේ ජීවිතය සහ මරනය තීරනය කරාවී කියලා මිස්ටර් ලී කියපු එක මට අමතක වුනේ නෑ..
මන් මිස්ටර් ලීව විශ්වාස කරන්න ගත්තේ ඇයි කියලා මටම හිතාගන්න බෑ..
මට ග්රීක් ලතින් පාඩම් කරද්දි ලොකු අපහසුවක් දැනුනා..මොන එහෙකට මන් මේක තෝරගත්තද කියලත් හිතුනා..
මට පොත කියවන්න අපහසුතාවයක් දැනෙද්දි මන් පොත පැත්තකට දැම්මා..
එත් මිස්ටර් ලීට මගෙන් ඕනී උනේ හොදම දේ විතරක් නිසා මන් ආයේ පොත ගත්තා.
ඒත් මට මගේ ඔලුව විකාරවෙනවා තේරුන නිසා මන් මිස්ටර් ලීගේ උදව් ගන්න හිතාගත්තා..
මන් ලීගේ කාමරේට යද්දි අනික් ගුරුවරුන්ගේ කාමර අදුරේ ගිලෙමින් තිබුනේ..
මට ලීගේ කාමරෙන් කටහඩවල් වගයක් ඇහුන නිසා මන් දොරට අඩියක් මෙහයින් නැවතුනා..