Chapter 17

50 20 16
                                    

"ජිමිනි...ඇත්තටම ඔයා එලියට යන්න ඕනිද..."

"ඔව් ටේටේ..."

"එහෙනම් මාවත් එක්ක යන්නකො.."

"ඔයාට එලියේ ආරක්ෂාවක් නෑ.."

"යන්න එපා..ඔයා ගියාම මන් තනිවෙනවනේ.."

"හොබී හියුනුයි ජූන් හියුනුයි ඉන්නේ..."

"එයාලා වගේ නෙමේනේ ඔයා.."

"ඒවෙන් වැඩක් නෑ.මන් ගිහින් එනකන් පරිස්සමෙන් ඉන්න..විශේෂයෙන් කොඩිය ඇල්ලීමේ තරගයේදී තේරුනාද..."

"ම්..."

"මින්හෝයි ජැකියි ඔයා එක්ක ඉන්නේ පුදුම කේන්තියකින් ඒ නිසා ඔයාට ඒ තරගෙදි වෙන්න පුලුවන් අනතුර ගොඩක් වැඩියි.."

"මට තේරුනා..ඔයා කිව්වේ මට එලියේ ආරක්ෂාව නෑ කියලා.ඒත් මෙතනත් මට ආරක්ෂාව නෑ..අනේ මාත් එක්ක ඉන්නකො ජිමිනි..."

"බබෙක් වෙන්න එපා ටේටේ..මන් පුලුවන් ඉක්මනින් එයාව හොයන් එන්නම්..මන් පොරොන්දු වෙනවා.."

"හරි එහෙනම් ඉක්මනින්ම එන්න ඕනී.."

"හරී.."

"පරිස්සමෙන් ගිහින් එන්න ජිමිනි..ඔයා එනකන් මන් බලන් ඉන්නවා.."

ගිම්හාන කදවුරෙන් එලියට ගිහින් තවත් මන් වගේ කෙනෙක්ව එක්ක එන්න යන ජිමින්ව තදින් හග් කරන ගමන් මන් කිව්වා.

"ඔයත් පරිස්සමෙන් ඉන්න..කා එක්කවත් ප්‍රශ්න දාගන්න එපා..බායි..."

"බායි.."

වැලදගැනීමෙන් පස්සේ මගෙන් ඈතට යන ජිමින් දිහා බලන් මන් මැලවුන හිතින් බායි කියන්න අත වැනුවා.

"උම්මා..ඔහොම මූන එල්ලන් ඉන්න එපා.."

අඩි දෙකතුනක් එහාට ගිහිල්ලත් ආයේ හැරිලා මගෙ ලගට දුවන් ආපු ජිමින් මගේ කම්මුලෙන් චූටි හාද්දක් තියලා එහෙම කියද්දි මගේ මූන රතුවෙලා ගියා..

"වාහ්..මෙන්න ස්ටෝබරි ගෙඩියක්. වෙලාවට මන් ස්ටෝබරි පෙරේතයෙක් නොවුනේ..."

හිනාවෙවීම මගෙන් ඈතට ගිය ජිමින්ව තිතක් වෙලා නොපෙනී යනකන් බලන් හිටි මන් සුගා හියුන්ගේ කටහඩින් ගැස්සිලා ගියා.

"ඔයා කොයිවෙලේද මෙතනට ආවේ.."

"මේ දැන්.."

"ම්ම්..."

පොකුන ලග තිබුන අත්වැටට බරවුන මන් එහෙම මුමුනද්දි සුගා හියුනුත් වැටට බර වුනා..

"ඔයා ඉන්නේ අවුලින් වගේ..."

"ඔව්..මගේ අප්පා නැති උනාට පස්සේ මට හිටියේ ඔම්මායි ජිමිනියි.ඒ දෙන්නගෙනුත් ඔම්මා මාව තනිකරලා කොහේටදෝ අතුරුදන් වෙලා ගියා.දැන් ජිමිනිත් මාව තනි කරලා කදවුරෙන් පිටවුනා.."

"එයා ආයේ ඉක්මනට ඒවී..."

"ඒත් ඒක අමාරුදෙයක්..එයා මාව මෙහෙට එක්ක එද්දිත් කොච්චර කරදරවින්දද..."

"ඒ කරදර හින්දා නෙමේද ඔයාට ඔයාලගේ ෆස්ට් කිස් එක හුවමාරු කරගන්න ලැබුනේ"

"මොකක්ද ???? "

"මන් ඒක දැක්කා..."

"එහෙම දෙයක් එතන වුනේ නෑ..."

"ඔව් මන් පිලිගන්නවා..😌 ඒ උනත් ඔයා එයාව කිස් කලානේ..😂"

"මන් එවලේ කලේ කරන්න තිබුන හොදම දේයි බිලාල තඩියෝ...😑🥲"

"ඔයා කාට කතා කරනවා කියලා හිතාගෙනද මට බිලාල තඩියා කියන්නේ..."

"සියුස්ගේ-💥..ආ ශිට් "

"😂😂😂"

මන් කියන්න ගිය දේ සම්පූර්න කරන්නත් කලින් මහ හඩින් අකුනක් පුපුරලා ගිය නිසා මට කේන්ති ගියා..

"ඇත්තමයි මට මේක පේන්න බෑ..."

හක හක ගගා හිනාවෙන පූසට රැව්ව මන් ලග තිබුන ගහකටත් පයින් ගහලා අහක බලාගත්තා.

------------------------------------------------------------

ගොඩකාලෙකින්..🙃💞

Happy birth day love...♥️🥳

♥️🥳

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
A sub - godOù les histoires vivent. Découvrez maintenant